ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 15 පි.
  • යාළුවන්ව තෝරගද්දී කල්පනාවෙන්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යාළුවන්ව තෝරගද්දී කල්පනාවෙන්!
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අපේ කාලය සඳහා අනතුරු අඟවන ආදර්ශ ඊට අවනත වන්නට උණුසුම් ආයාචනයක්
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • අභියෝගවලට මුහුණ දෙන විට ඔබට පිනෙහාස් මෙන් විය හැකිද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වෙනසක් කරන්න එක පුද්ගලයෙක්ට පුළුවන්ද?
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • හොඳ යාළුවන්ව තෝරගන්නේ කොහොමද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 15 පි.
මෝවබ් කාන්තාවන් ඊශ්‍රායෙල් පුරුෂයන්ට එයාලත් එක්ක එකතු වෙන්න ආරාධනා කරනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යාළුවන්ව තෝරගද්දී කල්පනාවෙන්!

මෝවබ් පාළුකරයේදී ඊශ්‍රායෙල්වරුන්ට සිද්ධ වුණ දේ අපි හැමෝටම අනතුරු ඇඟවීමක්. (1කොරි 10:6, 8, 11) රූප නමස්කාරයේ සහ වේශ්‍යාකමේ යෙදුණු මෝවබ් ස්ත්‍රීන්ව ආශ්‍රය කරපු නිසා ඊශ්‍රායෙල්වරුන් බරපතළ වැරදි කරන්න පෙලඹුණා. ඒකෙන් අන්තිමේදී සිද්ධ වුණේ ලොකු විනාශයක්. (ගණන් 25:9) වැඩපොළේ අය, ඉස්කෝලේ අය, අසල්වැසියෝ, නෑදෑයෝ වගේ අපිට නිතර හම්බ වෙන හුඟක් අය යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්නේ නැහැ. ඒ වගේ අයව ළඟින් ආශ්‍රය කරන එකෙන් වෙන්න පුළුවන් අනතුර ගැන මේ බයිබල් වාර්තාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

‘අපේ කාලයට අනතුරු ඇඟවීමක් - කෙටි වීඩියෝව’ බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘අපේ කාලයට අනතුරු ඇඟවීමක් - කෙටි වීඩියෝවේ’ එන දර්ශනයක්. සිම්රී යාමීන්ට සහ අනිත් අයට මෝවබ් ස්ත්‍රීන් ගැන කියනවා.

    සිම්රී සහ අනිත් අය යාමීන්ගේ හිතට දාන්න හදපු අදහස මොකක්ද?

  • ‘අපේ කාලයට අනතුරු ඇඟවීමක් - කෙටි වීඩියෝවේ’ එන දර්ශනයක්. දේවල් දිහා හරි විදිහට බලන්න පිනෙහාස් යාමීන්ට උදව් කරනවා.

    හරි විදිහට හිතන්න පිනෙහාස් යාමීන්ට උදව් කළේ කොහොමද?

  • දෙවියන්ට නමස්කාර නොකරන කෙනෙක්ව යාළුවෙක් කරගන්න එකයි, එයාත් එක්ක සුහදව ඉන්න එකයි අතර තියෙන වෙනස මොකක්ද?

  • සභාවේ අය අතරින් වුණත් කිට්ටු යාළුවන්ව තෝරගද්දී අපි පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

  • මිතුරු සමාජ වෙබ් අඩවි හරහා අඳුරන්නේ නැති අයව ආශ්‍රය කරන එකෙන් අපි වළකින්න ඕනෙ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න