යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“කිසිවිටක කනස්සලු නොවන්න”
ඊශ්‍රායෙල්වරුන් අතර හිටපු දුප්පත් අයට යෙහෝවා දෙවියන් උදව් කළා. අගහිඟකම් තියෙන තමන්ගේ සේවකයන්ට ඔහු මේ කාලේ උදව් කරන්නේ කොහොමද?
සල්ලි ගැන සමබරව හිතන්න ඔහු අපිට උදව් කරලා තියෙනවා.—ලූක් 12:15; 1තිමෝ 6:6-8
අපි ගැනම හොඳ හැඟීමක් ඇති කරගන්න ඔහු අපිට උදව් කරලා තියෙනවා.—යෝබ් 34:19
මහන්සි වෙලා වැඩ කරන්නත් නරක පුරුදුවලින් වළකින්නත් ඔහු අපිට කියලා දීලා තියෙනවා.—හිතෝ 14:23; 20:1; 2කොරි 7:1
ආදරණීය සහෝදර සහෝදරියන්ව දීලා තියෙනවා.—යොහ 13:35; 1යොහ 3:17, 18
බලාපොරොත්තුවක් දීලා තියෙනවා.—ගීතා 9:18; යෙසා 65:21-23
කොච්චර අමාරු තත්වෙකට මුහුණ දෙන්න වුණත් අපි කනස්සලු වෙන්න ඕනෙ නැහැ. (යෙසා 30:15) මොකද අපි දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දීලා වැඩ කරද්දී ඔහු අපිට අවශ්‍ය දේවල් දෙනවා.—මතෙ 6:31-33
‘දිගටම ආදරය පෙන්වමු . . . දිලිඳු වුණත් - කොංගෝ’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
සමුළු පවත්වන තැන්වලට කිට්ටුවෙන් ඉන්න සහෝදර සහෝදරියන්, දුරින් ආපු අයට ආගන්තුක සත්කාරය පෙන්නලා තියෙන්නේ කොහොමද?
යෙහෝවා දෙවියන්ගේ හිතේ දුප්පත් අය ගැන තියෙන ආදරේ මේ වීඩියෝ එකෙන් පේන්නේ කොහොමද?
අපි දුප්පත් වුණත් පොහොසත් වුණත් යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?