ජනවාරි 5-11
යෙසායා 17–20
ගීතිකාව 153 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. ‘අපෙන් වස්තුව පැහැරගන්න අයට ලැබෙන දඬුවම’
(විනා. 10යි)
බයිබලේ මිනිස්සුන්ව කැලඹුණ මුහුදකට සමාන කරනවා (යෙසා 17:12; w18.06 7 16¶)
අපි පැති ගන්නේ නැති නිසා මේ ලෝකේ අය අපිට නපුරු විදිහට සලකනවා කියලා අපි දන්නවා (යොහ 15:18, 19; w16.04 28 4¶)
“අපෙන් වස්තුව පැහැරගන්න අයගෙන්” යෙහෝවා ළඟදීම අපිව බේරගන්නවා (යෙසා 17:13, 14; ip-1 198 20¶)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
යෙසා 20:2—අවුරුදු තුනක් තිස්සේ යෙසායා ඇවිද්දේ කිසිම ඇඳුමක් නැතුවද? (w06 12/1 11 2¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) යෙසා 19:1-12 (th 11 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) ගෙයින් ගෙට. ‘ආදරෙන් උදව් කරමු’ සඟරාවේ 1වෙනි උපග්‍රන්ථයේ තියෙන සත්‍ය ඉගැන්වීමක් ගැන විවාහ වුණ කෙනෙක් එක්ක කතා කරන්න. (lmd 2 පාඩමේ 3 කරුණ)
5. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) ගෙයින් ගෙට. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (lmd 8 පාඩමේ 4 කරුණ)
6. දේශනය
(විනා. 5යි) lmd 1වෙනි උපග්‍රන්ථය 14 කරුණ—තේමාව: දෙවියන් කැමතියි අපි ඔහුට යාච්ඤා කරනවාට. (th 8 පාඩම)
ගීතිකාව 148
7. “ඔබේ පර්වතය සහ ඔබේ බලකොටුව සිහි කරන්න”
(විනා. 10යි) සාකච්ඡාවක්.
යෙහෝවා අපේ පර්වතය, අපේ බලකොටුව. (යෙසා 17:10) ඔහු ගැන විශ්වාසේ තියන අයව ඔහු බේරගන්නවා. (ගීතා 144:1, 2) ඔහු අපිට එන හැම විරුද්ධවාදිකමක්ම අයින් නොකළත් ඒවා දරාගන්න ඕන කරන හැම දේම අපිට දෙනවා.—1කොරි 10:13.
අපි යෙහෝවාව සිහි කරනවා කියලා පෙන්නන එක විදිහක් තමයි ඔහුට කීකරු වෙන එක. ‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - හනනියා, මිෂායෙල් සහ අෂරියා’ වීඩියෝ එක පෙන්නන්න. තෝරගත්ත දරුවන් කීපදෙනෙක්ව වේදිකාවට ගෙන්නලා එයාලා එක්ක මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. නැත්නම් සබයෙන් මේ ප්‍රශ්න අහන්න.
යෙහෝවා එයාගේ යාළුවන්ව බේරගත්තේ කොහොමද?—දානි 3:24-28
හනනියා, මිෂායෙල් සහ අෂරියා යෙහෝවාගේ යාළුවෝ කියලා පෙන්නුවේ කොහොමද?
යෙහෝවා කියන දේ කරන්න ඔයාට අමාරු කොයි වගේ වෙලාවලටද?
යෙහෝවාට කීකරු වෙන්න ඔයාට මොනවාද කරන්න පුළුවන්?
8. යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න හැමදාම වෙලාව වෙන් කරගන්න
(විනා. 5යි) සාකච්ඡාවක්.
‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ වීඩියෝ මාලාව හදලා තියෙන්නේ අකුරු කියවන්න පටන්ගන්න වයසේ ඉන්න දුවලා පුතාලට. යෙහෝවාට ආදරේ කරපු අය ගැන ඒවාවලින් එයාලට කියලා දෙනවා. ඒ හැම වීඩියෝ එකකින්ම “යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න හැමදාම වෙලාව වෙන් කරගන්න” කියලා දරුවන්ට උනන්දු කරනවා.
යෙහෝවා ගැනයි, එයාගේ යාළුවෝ ගැනයි ඉගෙනගන්න හැමදාම වෙලාව වෙන් කරගන්න ඔයාට පුළුවන් කොහොමද?
ඔයා තව වැඩිපුර දැනගන්න කැමති බයිබලේ ඉන්න කවුරු ගැනද? ඒ ඇයි?
9. සභා බයිබල් පාඩම
(විනා. 30යි) lfb 50 පාඩම, 9වෙනි කොටසට හැඳින්වීම සහ 51 පාඩම