9වෙනි කොටසට හැඳින්වීම
මේ කොටසේ තියෙන්නේ යෙහෝවාට විශ්වාසවන්තව හිටිය තරුණයන්, අනාගතවක්තෘවරු සහ රජවරු ගැන. ඊශ්‍රායෙල් ජාතික පුංචි දුවෙක්ට ලොකු විශ්වාසයක් තිබුණා යෙහෝවාගේ අනාගතවක්තෘවරයෙක්ට නාමන්ගේ ලාදුරු ලෙඩේ හොඳ කරන්න පුළුවන් කියලා. එලිෂා විශ්වාස කළා යෙහෝවා තමන්ව බේරගනියි කියලා. උත්තම පූජක යෙහෝයාදා ජීවිතේ අනතුරේ දාලා යෙහෝයාෂ්ව එයාගේ නපුරු ආච්චිගෙන් බේරගත්තා. යෙහෝවා යෙරුසලම බේරගන්නවා කියලා විශ්වාස කරපු හෙසකියා ඇසිරියානුවන්ට බය වුණේ නැහැ. යොෂියා රජ රූප නමස්කාරය දේශයෙන් නැති කරලා, දේවමාලිගාව ආයෙත් හදලා, මුළු ජාතියටම සැබෑ නමස්කාරයේ යෙදෙන්න අවස්ථාව හදලා දුන්නා.