ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 6/1 24-25 පි.
  • ඇයට ඕනේ වුණේ උදව් කරන්නයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇයට ඕනේ වුණේ උදව් කරන්නයි
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • හමුදාපතියෙක් සහ පුංචි දුවෙක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • කීකරු වෙන්න ඉගෙනගන්න
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දැරියක් බලවත් මිනිසෙකුට උදව් කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • ධෛර්යයෙන් යුතුව කතා කළ කුඩා දැරියක්
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 6/1 24-25 පි.

ඔබේ දරුවන්ට උගන්වන්න

ඇයට ඕනේ වුණේ උදව් කරන්නයි

හුඟක් අසනීපෙන් හිටපු කෙනෙක්ව ඔයා දැකලා තියෙනවාද?—ඔයා කැමති වුණාද එයාට උදව් කරන්න—හැබැයි ඒ කෙනා වෙන ජාතියකට හරි වෙන ආගමකට හරි අයිති කෙනෙක් වුණා නම් ඒත් ඔයා එයාට උදව් කරනවාද?—මීට අවුරුදු 3,000කට විතර කලින් ඊශ්‍රායෙලයේ හිටපු දැරියක් ඒ වගේ දෙයක් කළා. ඒ කොහොමද කියලා අපි බලමුද?

මේ දැරිය හිටපු ඊශ්‍රායෙලයයි ඒ කිට්ටුව තිබුණු සිරියාවයි අතර නිතරම යුද්ධ ඇති වුණා. (1 රාජාවලිය 22:1) දවසක් සිරියානුවන් ඊශ්‍රායෙල් දේශයට ආපු වෙලාවක මේ දැරියව අල්ලගෙන ගියා. ඊටපස්සේ සිරියානු හමුදාපති නාමන්ගේ බිරිඳගේ සේවිකාවක් විදිහට තමයි ඒ දැරියට ඉන්න සිද්ධ වුණේ. නාමන්ට දරුණු විදිහට ලාදුරු රෝගය හැදිලා තිබුණා. ඒ ලෙඩේ හැදුණාම ඇඟේ මස් කුණු වෙලා වැටිලා යනවා.

නාමන්ට හැදිලා තියෙන ලෙඩේ හොඳ කරගන්න පුළුවන් විදිහක් ගැන දවසක් ඒ දැරිය නාමන්ගේ බිරිඳට මෙහෙම කිව්වා. ‘මගේ ස්වාමියා නාමන්, සමාරියට ගියොත් එහේ ඉන්න යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘ එලිෂා ඔහුගේ රෝගය සුව කරයි.’ මේ දැරිය එලිෂා ගැන ලොකු විශ්වාසයකින් කතා කරපු නිසා නාමන් හිතුවා එලිෂා අනිවාර්යයෙන්ම එයාගේ ලෙඩේ හොඳ කරයි කියලා. ඒ නිසා සිරියාවේ රජ වන බෙන්-හාදද්ගෙන් ලියුමකුත් ඉල්ලගෙන සේවකයන් කිහිපදෙනෙක් එක්ක නාමන් කිලෝමීටර් 150ක් විතර ඈතින් හිටපු එලිෂාව හොයාගෙන ගියා.

මුලින්ම ඒගොල්ලන් ඊශ්‍රායෙලයේ රජ වූ යෙහෝරම් ළඟට ගියා. පස්සේ නාමන්ගේ ලෙඩේ හොඳ කරගන්න උපකාර ඉල්ලලා බෙන්-හාදද් රජගෙන් ඉල්ලන් ආපු ලියුමත් ඔහුට දුන්නා. ඒ වුණත් යෙහෝරම් රජට යෙහෝවා දෙවි කෙරෙහිවත් අනාගතවක්තෘ එලිෂා කෙරෙහිවත් කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. එයා හිතුවේ බෙන්-හාදද් රජ එයත් එක්ක සටන් කරන්න උත්සාහ කරනවා කියලයි. එලිෂාට මේ ගැන ආරංචි වුණාම එයා යෙහෝරම් රජට මෙහෙම කියලා ඇරියා. ‘මා වෙතට එන්න ඔහුට ඉඩ දෙන්න.’ එලිෂාට ඕනේ වුණේ නාමන්ගේ ලෙඩේ සුව කරන්න දෙවිට බලය තියෙනවා කියලා පෙන්වන්නයි.—2 රාජාවලිය 5:1-8.

අශ්ව රථවලින් ආපු නාමන් හිතුවේ එලිෂා ඇවිත් අත දික් කරලා ඒ වෙලාවෙම ලෙඩේ සනීප කරයි කියලයි. හැබැයි නාමන් එලිෂාගේ ගෙට කිට්ටු වෙද්දී එලිෂා පණිවුඩකරුවෙක් අතේ මෙහෙම කියලා ඇරියා. ‘ගිහින් යොර්දාන් ගඟේ හත් වතාවක් නාන්න. එතකොට ඔබේ ලෙඩේ සනීප වෙයි.’ එහෙම කිව්වාම නාමන්ට හුඟක් කේන්ති ගිහින් ආයෙත් හැරිලා යන්න ගියා.—2 රාජාවලිය 5:9-12.

ඔයා නාමන්ගේ සේවකයෙක් වෙලා හිටියා නම් ඒ වෙලාවේ මොනවා කරයිද?—නාමන්ගේ සේවකයන් එයාගෙන් මෙහෙම ඇහුවා. ‘ස්වාමිනී එලිෂා මීට වඩා අමාරු දෙයක් කරන්න කිව්වා නම් ඔබ එය කරන්නේ නැද්ද? ඔහු ඔබට කිව්වේ නාලා පවිත්‍ර වෙන්න කියලා විතරයි. ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයිනේ?’ නාමන් ඒ කීමට කීකරු වෙලා ‘යොර්දාන් ගඟට ගිහින් හත් පාරක් ගිලී නෑවා. එතකොට එයාගේ හම පොඩි දරුවෙකුගේ හම වගේ මෘදු වුණා.’

ඊටපස්සේ නාමන් එලිෂා ළඟට ගිහින් මේ විදිහට කිව්වා. “ඊශ්‍රායෙල්හි මිස පොළොවේ වෙන කොතැනකවත් දෙවි කෙනෙක් නැති බව දැන් මම ස්ථිර වශයෙන්ම දන්නවා.” පස්සේ නාමන් එලිෂාට පොරොන්දු වුණේ “යෙහෝවා දෙවිට මිස වෙන කිසි දෙවි කෙනෙකුට දවන පූජාවක්වත් වෙනත් පූජාවක්වත් ඔප්පු කරන්නේ නැහැ” කියලයි.—2 රාජාවලිය 5:13-17, නව ලොව පරිවර්තනය, NW.

ඔයත් කැමතිද ඒ දැරිය වගේ යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න තව කාටහරි උදව් කරන්න?—යේසුස් මේ පොළොවේ හිටපු කාලයේදී ලාදුරු රෝගය හැදිලා තිබුණු කෙනෙක් යේසුස්ට කිව්වා “ඔබ කැමති නම් මාව පවිත්‍ර කරන්න ඔබට පුළුවන්” කියලා. ඔයා දන්නවාද එතකොට යේසුස් කිව්වේ මොනවාද කියලා?—ඔහු කිව්වා ‘මම කැමතියි’ කියලා. යෙහෝවා දෙවි නාමන්ව සනීප කළා වගේ යේසුස් ඒ ලාදුරු රෝගියාව සනීප කළා.—මතෙව් 8:2, 3.

යෙහෝවා දෙවි මේ පොළොව පාරාදීසයක් කරන්න යනවා කියලා ඔයා දන්නවාද?—ඒ කාලේදී කාටවත් ලෙඩ හැදෙන්නෙවත් කවුරුත් මැරෙන්නෙවත් නැහැ. (2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4) මේ දේවල් ගැන අනිත් අයට කියන්න ඔයත් කැමති නැද්ද?

ප්‍රශ්න:

  • ඊශ්‍රායෙල් දැරිය නාමන්ට උපකාර කළේ කොහොමද?

  • මුලදී නාමන් එලිෂාට කීකරු වෙන්න අකමැති වුණේ ඇයි? ඒත් පස්සේ එයා වෙනස් වෙන්න හේතුව කුමක්ද?

  • ඒ දැරිය වගේ වෙන්න නම් ඔයා මොනවාද කරන්න ඕනේ?

  • යේසුස් කැමැත්තෙන් හිටියේ මොනවා කරන්නද? දෙවි ගෙනෙන පාරාදීසයේ ජීවිතය සතුටින් පිරි එකක් වෙන්නේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න