ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 6/1 30-31 පි.
  • කීකරු වෙන්න ඉගෙනගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කීකරු වෙන්න ඉගෙනගන්න
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • හමුදාපතියෙක් සහ පුංචි දුවෙක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ඇයට ඕනේ වුණේ උදව් කරන්නයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දැරියක් බලවත් මිනිසෙකුට උදව් කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • ධෛර්යයෙන් යුතුව කතා කළ කුඩා දැරියක්
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 6/1 30-31 පි.

ඔබේ දරුවන්ට උගන්වන්න

කීකරු වෙන්න ඉගෙනගන්න

කවදා හරි අම්මයි තාත්තයි කරන්න එපා කියපු දෙයක් ඔයා කරලා තියෙනවද?—a ඔයා එහෙම කරලා තියෙනවා නම් පස්සේ ඒ ගැන දුක් වෙන්න ඇති. මුලින් කියපු දේ අහන්නේ නැතුව පස්සේ කීකරු වුණ කෙනෙක් ගැන බයිබලයේ කියලා තියෙනවා. එයාගේ නම නාමන්. එයාගේ කතාව දැන් අපි බලමු.

නාමන් ජීවත් වුණේ මීට හුඟ කාලෙකට (අවුරුදු 3,000කට) කලින්. එයා සිරියාව කියන රටේ තිබුණු හමුදාවේ නායකයෙක්. එයාට ලාදුරු කියන ලෙඩේ හැදුණා. ඒ ලෙඩේ හැදුණාම හම තුවාල වෙනවා. ඒ නිසා එයා හිටියේ ගොඩක් දුකෙන්.

නාමන්ගේ බිරිඳ ළඟ ඊශ්‍රායෙලය කියන රටෙන් ගෙනාපු ගෑණු ළමයෙක් වැඩ කළා. නාමන්ගේ ලෙඩේ ගැන දැනගත්තම ඒ ගෑණු ළමයා නාමන්ගේ බිරිඳට කිව්වා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වන එලිෂා ළඟට ගියොත් ලෙඩේ හොඳ කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා නාමන්ට ඕනේ වුණා ඉක්මනටම ගිහිල්ලා එලිෂාව හම්බ වෙන්න. ඉතින් එයා වටිනා තෑගි ගොඩක් අරගෙන ඉස්සෙල්ලාම ඊශ්‍රායෙල් රටේ රජව හම්බ වෙන්න ගියා.

ඒ ගැන එලිෂා දැනගත්තාම එයා රජට පණිවිඩයක් ඇරලා කිව්වා නාමන්ව එයා ළඟට එවන්න කියලා. ඒ නිසා නාමන් එලිෂාගේ ගෙදරට ගියා. ඒත් එලිෂා නාමන්ව හම්බ වෙන්න ආවේ නැහැ. ඒ වෙනුවට එයා ළඟ වැඩ කරපු කෙනෙක් අතේ නාමන්ට පණිවිඩයක් එවලා කිව්වා යොර්දාන් ගඟේ හත්පාරක් ගිලිලා නාන්න, එතකොට ලෙඩේ හොඳ වෙයි කියලා. ඔයා හිතන්නේ ඒ වෙලාවේ නාමන්ට මොනවා හිතෙන්න ඇද්ද?—

නාමන්ට හුඟක් තරහ ගියා. ඒ නිසා එලිෂා කියපු දේ කරන්න එයා කැමති වුණේ නැහැ. ‘මට නාගන්න අපේ රටේ ඕන තරම් ගඟවල් තියෙනවනේ’ කියලා නාමන් කේන්තියෙන් එයාගේ සේවකයන්ට කිව්වා. හැබැයි ඔයා දන්නවද නාමන්ගේ සේවකයන් එයාට මොනවද කිව්වේ කියලා?— ඒගොල්ලන් මෙහෙම කිව්වා. ‘එලිෂා කිව්වේ අමාරු දෙයක් කරන්න කියලා නෙමෙයිනේ. ඉතින් ඇයි ඔබ ඒ දේ කරන්නේ නැත්තේ?’

නාමන් ඒ සේවකයන් කියපු දේ අහලා යොර්දාන් ගඟේ හත්පාරක් ගිලිලා නෑවා. නාමන්ට හරි පුදුමයි! එයාගේ ලෙඩේ හොඳටම හොඳ වෙලා. ඒ වෙලාවේම එලිෂාට ස්තුති කරන්න නාමන්ට ඕන වුණා. ඒ නිසා ගොඩක් දුර (කිලෝමීටර 48ක් විතර) ගෙවාගෙන එයා එලිෂාගේ ගෙදරට ගියා. එයා ගෙනාපු තෑගි එලිෂාට දුන්නත් එලිෂා ඒ තෑගි ගත්තේ නැහැ.

හැබැයි නාමන් එලිෂාගෙන් දෙයක් ඉල්ලුවා. ඔයා දන්නවද ඒ මොකක්ද කියලා?— කොටළුවන් දෙන්නෙකුට ගෙනියන්න පුළුවන් තරම් පස් ටිකක් එයා එලිෂාගෙන් ඉල්ලුවා. ඇයි නාමන් ඒ වගේ දෙයක් ඉල්ලුවේ?— නාමන්ට ඕන වුණේ ඒ පස් එයාගේ රටට ගෙනියලා ඒවා උඩ යෙහෝවා දෙවිට පූජාවක් ඔප්පු කරන්න. ඒක හරියට ඊශ්‍රායෙල් දේශයේ ඉඳලම පූජාවක් ඔප්පු කරනවා වගේ. මීට පස්සේ කවදාවත් වෙන දෙවිවරුන්ට නමස්කාර කරන්නේ නැහැ කියලා එයා පොරොන්දු වුණා. එදා ඉඳලා නාමන් කවදාවත් එයාට ඕන විදිහට දේවල් කළේ නැහැ. එයා යෙහෝවා දෙවිට කීකරුව සේවය කළා.

ඔයාටත් පුළුවන්ද නාමන් වගේ වෙන්න?—ඔයා දඟ වැඩ කරලා තිබුණත් වැඩිහිටි අය කියන දේ ඇහුවොත් ඔයාටත් පුළුවන් හොඳ ළමයෙක් වෙන්න.

බයිබලයෙන් කියවා බලන්න

  • 2 රාජාවලිය 5:1-19

  • ලූක් 4:27

a ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී එම ප්‍රශ්නය දරුවාගෙන් අසන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න