පෙබරවාරි 23–මාර්තු 1
යෙසායා 38–40
ගීතිකාව 4 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
එඬේරෙක් බැටළුවෙක්ව ආදරෙන් තුරුල් කරගෙන ඉන්නවා
1. “ඔහු එඬේරෙක් වගේ තම රැළ රැකබලා ගනියි”
(විනා. 10යි)
යෙහෝවා ඔහුගේ වචනය අපිට දීලා ඒක ආරක්ෂා කරලා තියෙන්නේ ඔහුට තව ළං වෙන්න අපිට උදව් කරන්නයි (යෙසා 40:8; w23.02 2-3 3-4¶)
යෙහෝවා අපිව හරිම ආදරෙන් බලාගන්නවා (යෙසා 40:11; cl 70 7¶)
ඔහු අපි එක් එක් කෙනා ගැන හොඳට දන්නවා. අපේ ප්‍රශ්නවලට මූණ දෙන්න ඔහු අපිට උදව් කරනවා (යෙසා 40:26-29; w18.01 8 4-6¶)
මේ ගැන හිතලා බලන්න. යෙසායා 40:11 එඩේරා ගැන තියෙන විස්තරේ කියෙව්වාම ඔයාට යෙහෝවා ගැන හැඟෙන්නේ කොහොමද?
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
යෙසා 40:3—මේ වචන මුල් සියවසේදී ඉටු වුණේ කොහොමද? (ip-1 400 7¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) යෙසා 40:21-31 (th 11 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 2යි) අවිධිමත්ව. කෙනෙක් එක්ක කතා කරකර ඉද්දී ළඟදී රැස්වීමකින් ඉගෙනගත්ත දෙයක් බෙදාගන්න පුළුවන්ද බලන්න. (lmd 4 පාඩමේ 3 කරුණ)
5. කතාබහක් පටන්ගද්දී
(විනා. 2යි) අවිධිමත්ව. කතා කරකර ඉද්දී බයිබලේ උගන්නන කෙනෙක් විදිහට ඔයා කරන සේවේ ගැන පැහැදිලි කරන්න අවස්ථාවක් හදාගන්න. (lmd 4 පාඩමේ 4 කරුණ)
6. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 2යි) ගෙයින් ගෙට. (lmd 7 පාඩමේ 5 කරුණ)
7. ගෝලයන් වෙන්න උදව් කරද්දී
(විනා. 5යි) lff 18 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කියන කොටස්. “තව දැනගන්න” කොටසේ තොරතුරු පාවිච්චි කරලා දෙවියන්ගේ සෙනඟ අතරේ තියෙන ආදරේ ගැන ශිෂ්‍යයාගේ හිතේ අගයක් ඇති කරන්න. (lmd 11 පාඩමේ 3 කරුණ)
ගීතිකාව 160
8. වාර්ෂික සේවා වාර්තාව
(විනා. 15යි) සාකච්ඡාවක්.
වාර්ෂික සේවා වාර්තාව ගැන ශාඛා කාර්යාලයෙන් එවපු නිවේදනය කියවන්න. ඊටපස්සේ ‘2025 සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වාර්තාවේ’ තියෙන කැපීපේන කරුණු කීපයක් කියන්න කියලා සබයේ අයට ආරාධනා කරන්න. ගිය අවුරුද්දේ සේවේදී දිරිගැන්වෙන අද්දැකීම් ලබපු ප්‍රචාරකයන් කීපදෙනෙක්ව කලින්ම තෝරගෙන එයාලා එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරන්න.
Based on NASA/Visible Earth imagery
2025දීත් යෙහෝවා දෙවියන්ගේ සෙනඟ උද්‍යෝගයෙන් ගෙයින් ගෙට සේවේ හවුල් වුණා, බයිබල් පාඩම් කළා
‘2025 සේවා වාර්තාවේ’ තියෙන මොන කැපීපේන තොරතුරුවලටද ඔයා වැඩියෙන් කැමති?
9. සභා බයිබල් පාඩම
(විනා. 30යි) lfb 64-65 පාඩම්