මාර්තු 23-29
යෙසායා 48–49
ගීතිකාව 89 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. යෙහෝවාට ඇහුම්කන් දෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන
(විනා. 10යි)
යෙහෝවා ඔහුගේ සෙනඟට උගන්නනවා (යෙසා 48:17; it-E “ගුරුවරයා, උගන්නනවා” 2¶)
අපි තීරණේ කරන්න ඕනෙ යෙහෝවාට ඇහුම්කන් දෙන්න (යෙසා 48:18අ; ijwbq 44 ලිපිය 2-3¶)
එතකොට අපේ සමාදානය “ගංගාවක් වගෙත්” අපේ ධර්මිෂ්ඨකම “මුහුදේ රැලි වගෙත්” වෙයි (යෙසා 48:18ආ; lv 227 8¶)
පැහැදිලි කිරීම: “සමාදානය” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනෙට සෞඛ්‍යය, ආරක්ෂාව, සිහිකල්පනාව, ශක්තිය, යාළුකම් සහ සම්පූර්ණ කියන අදහසුත් ඇතුළත්.
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
යෙසා 49:8—මේ අනාවැකියේ ඉටු වීම් තුන මොනවාද? (it-E “කරුණාව පෙන්නන විශේෂ කාලේ” 1-3¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) යෙසා 48:9-20 (th 11 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) අවිධිමත්ව. අක්‍රියාශීලී වෙලා ඉන්න නෑදෑයෙක්ට විශේෂ දේශනයටයි, සිහි කිරීමටයි ආරාධනා කරන්න. (lmd 5 පාඩමේ 3 කරුණ)
5. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) අවිධිමත්ව. සිහි කිරීමට එන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට එතනදී මොනවාද වෙන්නේ කියලා පැහැදිලි කරන්න. (lmd 9 පාඩමේ 3 කරුණ)
6. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 5යි) අවිධිමත්ව. සිහි කිරිමේ වැඩසටහනෙන් පස්සේ ඒකට ආපු අලුත් කෙනෙක් අහන ප්‍රශ්නෙකට උත්තර දෙන්න. (lmd 8 පාඩමේ 3 කරුණ)
ගීතිකාව 107
7. අවුරුද්දේ වැදගත්ම දවසෙන් ප්‍රයෝජන ගන්න
(විනා. 15යි) සාකච්ඡාවක්.
හැම අවුරුද්දකම සිහි කිරීමට යද්දී අපි යේසුස්ට කීකරු වෙනවා කියලත් ජීවිත පූජාව කියන තෑග්ග අපි වෙනුවෙන් දුන්නාට යෙහෝවාට ස්තුති කරනවා කියලත් පෙන්නනවා. (ලූක් 22:19) යෙහෝවායි, යේසුයි අපිට කොච්චර ආදරෙයිද කියලත් ඒ අවස්ථාවේදී අපිට මතක් කරනවා. (ගලා 2:20; 1යොහ 4:9, 10) සිහි කිරීමට සහභාගි වෙන්න අපේ හදවත සූදානම් කරගන්නත් යෙහෝවා කරපු දේ අපි අගය කරනවා කියලා පෙන්නන්නත් අපිට පුළුවන් කොහොමද? ඒ දේවල් කරන්න සිහි කිරීමට එන්න ආසාවෙන් ඉන්න අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?
හැම දවසකම සිහි කිරීමට අදාළ බයිබල් කොටස කියවලා ඒ ගැන හොඳට හිතන්න
ජීවිත පූජාව කියන තෑග්ග ගැන හොඳට හිතන්න. ඒ තෑග්ග අගය කරනවා කියලා පෙන්නන විදිහට ජීවත් වෙන්න පුළුවන් කොහොමද කියලා හිතන්න
අඳුරන අයට, නෑදෑයන්ට, සේවේ යන ප්‍රදේශයේ ඉන්න අයට විශේෂ දේශනයට සහ සිහි කිරීමට ආරාධනා කරන්න පුළුවන් උපරිමය කරන්න
සිහි කිරීමට එන අය එක්ක හොඳට හිනා වෙලා එයාලව ආදරෙන් පිළිගන්න. ඔයා පෞද්ගලිකවම ආරාධනා කරපු අය ගැන සැලකිලිමත් වෙනවා වගේම ආරාධනා පත්‍රිකාවක් ලැබිලා එතනට ආපු අයටත් උදව් කරන්න. එයාලට ඔයා ළඟින් ඉඳගන්න එන්න කියන්න
අලුතෙන් ආපු කෙනෙක් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ලෑස්ති පිට ඉන්න
අක්‍රියාශීලී අයව ආදරෙන් පිළිගන්න. සභාවෙන් අයින් කරපු අයව පිළිගන්න විශේෂයෙන්ම වැඩිමහල්ලන් සූදානමින් ඉන්නවා
‘යේසුස් “ආවේ නැති වූ අයව සොයා ඔවුන්ව ගලවාගැනීමටයි”’ වීඩියෝ එක පෙන්නන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
සිහි කිරීමට එන අක්‍රියාශීලී අයව ආදරෙන් පිළිගන්න එකේ වැදගත්කම ගැන ඔයා වීඩියෝ එකෙන් ඉගෙනගත්තේ මොනවාද?
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) lfb 72-73 පාඩම්