ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb26 මාර්තු 4-5 පි.
  • මාර්තු 16-22

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 16-22
  • 2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb26 මාර්තු 4-5 පි.

මාර්තු 16-22

යෙසායා 45–47

ගීතිකාව 2 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. “දෙවියන් මමයි. මං හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ”

(විනා. 10යි)

බැබිලෝනියෙන් නිදහස් වෙලා යන ඊශ්‍රායෙල්වරු.

යෙහෝවාට සමාන කවුරුත් නැහැ (යෙසා 46:9; w20.06 5 14¶)

යෙහෝවා අරමුණු කරන දේ ඉටු වෙන එක වළක්වන්න කිසිම කෙනෙක්ට, කිසිම දේකට බැහැ (යෙසා 46:10, 11; cl 42 14¶; it-E “වහලුන් බැබිලෝනියෙන් නිදහස් වෙයි” 1¶)

බොරු දෙවිවරුන් ගැන විශ්වාසේ තියපු අයගේ බලාපොරොත්තු කඩ වෙයි (යෙසා 46:6, 7; w99 5/15 14 18-19¶)

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • යෙසා 46:10—ආදම් සහ ඒව වරදක් කරයි කියලා යෙහෝවා මුල ඉඳන්ම දැනන් හිටියාද? (w11 1/1 14 2-3¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) යෙසා 45:1-11 (th 5 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) පොදු සේවය. ක්‍රිස්තියානියෙක් නොවෙන කෙනෙක්ට සිහි කිරීම ගැන පැහැදිලි කරන්න. (lmd 5 පාඩමේ 3 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. කලින් ගිය වෙලාවේ සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාව ගත්ත කෙනෙක්ගෙන් බයිබල් පාඩමක් කරන්න කැමතිද අහන්න. (lmd 9 පාඩමේ 5 කරුණ)

6. ගෝලයන් වෙන්න උදව් කරද්දී

(විනා. 5යි) lff 19 පාඩමේ හැඳින්වීම සහ 1-3 කරුණු (lmd 11 පාඩමේ 3 කරුණ)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 38

7. ඕනම වෙලාවක අපිට උදව් කරන්න පුළුවන් එකම කෙනා

(විනා. 7යි) සාකච්ඡාවක්.

ප්‍රශ්නවලට මූණ දෙද්දී අපිට උදව් කරයි කියලා සම්පූර්ණයෙන්ම විශ්වාසේ තියන්න පුළුවන් අපේ දෙවි යෙහෝවා ගැන විතරයි.—හෙබ්‍රෙ 13:5, 6.

ගීතාවලිය 55:22 කියවන්න. ඊටපස්සේ මේ අවස්ථා ගැන සභාවේ අයත් එක්ක සාකච්ඡා කරන්න.

පින්තූරවල අදහස: ප්‍රශ්නවලට මූණ දෙන සහෝදර සහෝදරියන්. 1. රස්සාව නැති වුණ සහෝදරයෙක් එළියේ පඩි පෙළක ඉඳගෙන දුකෙන් ඉන්නවා. 2. හිරේ ඉන්න සහෝදරයෙක්ගෙන් නිලධාරියෙක් ප්‍රශ්න කරනවා. 3. ඉස්පිරිතාලේ ඇඳේ ඉන්න මහත්තයාගේ ළඟ ඉඳන් සහෝදරියක් නිහඬව යාච්ඤා කරනවා. 4. ස්වාභාවික විපතකින් ජීවිතේ ගලවගත්ත යුවළක් අසරණ වෙලා බලන් ඉන්නවා.

මේ හැම අවස්ථාවකදීම අපි යෙහෝවා ගැන විශ්වාසේ තියනවා කියලා පෙන්නන්න පුළුවන් විදිහක් ගැනත් ඔහු අපිට උදව් කරන විදිහක් ගැනත් ලියන්න.

  • රස්සාව නැති වෙලා. නැත්නම් පවුලේ අයව බලාගන්න තරම් සල්ලි අපි ළඟ නැහැ

  • බලධාරීන් අපේ වැඩවලට තහංචි දාලා

  • අපිට බරපතළ අසනීපයක් හැදිලා

  • ස්වාභාවික විපතක්, ආදරේ කරන කෙනෙක්ගේ මරණයක් වගේ දරාගන්න අමාරු දේකට අපි මූණ දීලා

8. ‘2026 ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් අංශයේ අලුත්ම තොරතුරු’

(විනා. 8යි) දේශනය.

වීඩියෝ එක පෙන්නන්න.

9. සභා බයිබල් පාඩම

(විනා. 30යි) lfb 70-71 පාඩම්

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 148 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න