ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp22 අංක 1 6-7 පි.
  • 1 | හැමෝටම එක වගේ සලකන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 1 | හැමෝටම එක වගේ සලකන්න
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ උගන්නන දේ:
  • ඒකෙන් අදහස් වෙන දේ:
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • තීතස් ‘ඔබ උදෙසා හවුල් වැඩකරුවෙක්’
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 3 | වෛර කරන සිතුවිලි උගුල්ලලා දාන්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ජීවිත වෙනස් කළ පොතක්!
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp22 අංක 1 6-7 පි.
සුදු ජාතිකයෙක්ගේ පින්තූරයක් අතේ තියන් ඉන්න කලු ජාතිකයෙක් සහ කලු ජාතිකයෙක්ගේ පින්තූරයක් අතේ තියන් ඉන්න සුදු ජාතිකයෙක්. කේන්තියෙන් ඉන්න මිනිස්සුන්ගේ පින්තූර පිටිපස්සෙන් පේනවා.

වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?

1 | හැමෝටම එක වගේ සලකන්න

බයිබලයේ උගන්නන දේ:

“දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා. මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.”—ක්‍රියා 10:34, 35.

ඒකෙන් අදහස් වෙන දේ:

යෙහෝවාa දෙවියන්ට අපේ රට, ජාතිය, සංස්කෘතිය, හමේ පාට වැදගත් නැහැ. ඔහු බලන්නේ අපේ හිතේ තියෙන දේ. ඔහුට වැදගත් වෙන්නේ අපි කොයි වගේ අයද කියන එකයි. “මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ විතරයි. ඒත් යෙහෝවා දෙවි සිතේ තිබෙන දේ දකිනවා” කියලා බයිබලයේ කියනවා.—1 සාමුවෙල් 16:7.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

අනිත් අයගේ හිතේ තියෙන දේ දකින්න අපිට බැරි වුණත් දෙවියන් වගේ හැමෝටම එක විදිහට සලකන්න උත්සාහ කරන්න අපිට පුළුවන්. ඒත් එක කණ්ඩායමක්, ජාතියක් ගැන අපිට වැරදි හැඟීමක් තියෙනවා නම් ඒ හැමෝම දිහා වැරදි විදිහට බලන්න ඉඩ තියෙනවා. එහෙමනම් එයාලා ගැන ඔයාගේ හිතේ තියෙන වෛරය අයින් කරගන්න උදව් ඉල්ලලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න. (ගීතාවලිය 139:23, 24) ඒ වගේ යාච්ඤාවලට දෙවියන් අනිවාර්යයෙන්ම උත්තර දෙනවා.—1 පේතෘස් 3:12.

a යෙහෝවා කියන්නේ දෙවියන්ගේ පෞද්ගලික නමයි.—ගීතාවලිය 83:18.

“මං කවදාවත් සුදු ජාතිකයෙක් එක්ක සුහදව එකට ඉඳගෙන තිබුණේ නැහැ . . . ඇත්තටම, හැමෝටම එක වගේ ආදරේ කරන පවුලකට මං දැන් එකතු වෙලා කියලා මට තේරුණා.”—ටයිටස්

සැබෑ අද්දැකීමක් - ටයිටස්

වෛරය හිතින් උගුල්ලලා දැම්මා

ටයිටස්.

ටයිටස් ජීවත් වුණේ කලු සුදු භේදය තියෙන රටක. කලු ජාතිකයන්ට විරුද්ධව රජයෙන් දාලා තිබුණ නීති ගැන එයාගේ හිතේ ලොකු කේන්තියක් තිබුණා. ඒ නිසා එයා මැර කල්ලියකට සම්බන්ධ වුණා. එයා මෙහෙම කියනවා. “රණ්ඩුවලට පැටලෙන්න ඕන නිසාම මම කලු ජාතිකයන්ට යන්න තහනම් කරලා තිබුණ හෝටල්වලට, බාර්වලට ගියා. කවුරු හරි කෙනෙක් මාත් එක්ක රණ්ඩුවට පැටලෙන්න ආවොත් මං තමයි ඉස්සෙල්ලාම එයාට ගැහුවේ. ගෑනුද, පිරිමිද කියලා බැලුවේ නෑ.” ඒ කාලේ එයාගේ හිත වෛරයෙන් පිරිලා තිබුණා කියලා ටයිටස් පිළිගන්නවා.

ඒත් ටයිටස් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තාට පස්සේ එයාගේ ජීවිතේ වෙනස් වුණා. බයිබලයෙන් කියවපු දේවල් එයාගේ හිතට තදින්ම වැදුණා. “මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය” කියන පොරොන්දුව බයිබලයෙන් කියවද්දී එයාට ගොඩක් ආස හිතුණා.—එළිදරව් 21:3, 4.

ඒත් මුලදී වෛරය එයාගේ හිතින් අයින් කරගන්න එක ලේසි වුණේ නැහැ. “මම හිතන විදිහ, වැඩ කරන විදිහ වෙනස් කරගන්න එක ගොඩක් අමාරු වුණා” කියලා ටයිටස් කියනවා. ඒත් ක්‍රියා 10:34, 35 දෙවියන් හැමෝටම එක විදිහට සලකනවා කියලා දැනගත්ත එක එයාට ඒ වෙනස කරන්න උදව් වුණා.

ටයිටස් මෙහෙමත් කියනවා. “ජාතිය, හමේ පාට මොකක් වුණත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැමෝටම එක විදිහට ආදරේ කරනවා දැක්කාම මේක තමයි සැබෑ ආගම කියලා මට තේරුණා. මං බව්තීස්ම වෙන්නත් කලින් සුදු ජාතික සාක්ෂිකරුවෙක් මට කෑමකට එන්න කියලා ආරාධනා කළා. ඒක මට අදහාගන්න බැරි වුණා. මං කවදාවත් සුදු ජාතිකයෙක් එක්ක සුහදව එකට ඉඳගෙන තිබුණේ නැහැ. ළං වුණා නම් ළං වුණේ රණ්ඩුවකට. ඇත්තටම, හැමෝටම එක වගේ ආදරේ කරන පවුලකට මං දැන් එකතු වෙලා කියලා මට තේරුණා.”

ටයිටස්ගේ ජීවිත කතාව ගැන තවත් දැනගන්න 2009 අගෝස්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ 28-29 පිටු බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න