ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp22 අංක 1 8-9 පි.
  • 2 | පළිගන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2 | පළිගන්න එපා
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ උගන්වන දේ:
  • ඒකෙන් අදහස් වෙන දේ:
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • පළිගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
    බයිබලයෙන් උත්තර
  • අසාධාරණයට විසඳුම පළිගැනීමද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මං ගත කළේ හුඟක් දරුණු ජීවිතයක්
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • පළිගැනීම වැරදි ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp22 අංක 1 8-9 පි.
කේන්තියෙන් ඉන්න පිරිමි දෙන්නෙක් ගහක අතුවල ඉඳගෙන ඉන්නවා. ඒ දෙන්නා එයාලා ඉඳගෙන ඉන්න අත්තම කපනවා.

වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?

2 | පළිගන්න එපා

බයිබලයේ උගන්වන දේ:

“කාටවත් නපුරට නපුර නොකරන්න. මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න. පළිගැනීමෙන් වළකින්න. ‘යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය’ කියා යෙහෝවා දෙවි පවසන්නේය.”—රෝම 12:17-19.

ඒකෙන් අදහස් වෙන දේ:

කවුරු හරි අපිට වරදක් කළාම කේන්ති යන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඒ කෙනාගෙන් පළිගන්න එකට දෙවියන් කැමති නැහැ. දෙවියන් ළඟදීම හැම අසාධාරණයක්ම විසඳනවා. ඒ නිසා ඔහු අපිට කියන්නේ ඔහු ගැන විශ්වාසය තියලා ඉවසීමෙන් බලන් ඉන්න කියලයි.—ගීතාවලිය 37:7, 10.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

අපි පව්කාර අය නිසා අපිට වෙච්ච අසාධාරණයකට පළිගන්න ගියොත් වෙන්නේ වෛරයේ ගිනිදලු තව තවත් ඇවිළෙන එක විතරයි. ඉතින් කවුරු හරි කෙනෙක් ඔයාගේ හිත රිද්දලා තියෙනවා නම් ඔයාට ලොකු වරදක් කරලා තියෙනවා නම් එකට එක කරන්න යන්න එපා. ඒ වගේ වෙලාවට ඔයාවම පාලනය කරගෙන එයාත් එක්ක සමාදානයෙන් වැඩ කරන්න උත්සාහ කරන්න. සමහර වෙලාවට එයා අතින් වෙච්ච වරද අමතක කරලා දාන එක තමයි හොඳම දේ. (හිතෝපදේශ 19:11) ඒත් ඔයාට තේරෙයි සමහර ප්‍රශ්න විසඳගන්න නම් ඒ ගැන කතා කරන්න ඕනෙ කියලා. උදාහරණයකට කවුරු හරි කෙනෙක් ඔයාගෙන් දෙයක් හොරකම් කරලා තියෙනවා නම් ඔයා තීරණය කරයි ඒ ගැන පොලීසියට හරි වගකිව යුතු බලධාරියෙක්ට හරි දැනුම් දෙන්න.

පළිගන්න එකෙන් හානියක් වෙන්නේ අපිටමයි

ඒත් ප්‍රශ්නේ සමාදානෙන් විසඳගන්න බැරි නම් ඔයාගේ පැත්තෙන් හැම දෙයක්ම කළත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්නම් මොකක්ද කරන්න පුළුවන්? එහෙම වුණත් පළිගන්න එපා. ඒකෙන් වෙන්නේ ප්‍රශ්නේ දුර දිග ගිහින් වෛරයේ ගිනිදලු තව තවත් ඇවිළෙන එකයි. ඒ වගේ වෙලාවට දෙවියන්ව විශ්වාස කරලා ඔහු කියන විදිහට ප්‍රශ්නේ විසඳගන්න පුරුදු වෙන්න. ‘දෙවියන් මත රඳා සිටින්න. එවිට ඔහු ඔබ වෙනුවෙන් නිසි පියවර ගන්නවා.’—ගීතාවලිය 37:3-5.

සැබෑ අද්දැකීමක් - ආඩ්‍රියාන්

පළිගන්න එක හිතින් අයින් කරගත්තා

ආඩ්‍රියාන්.

ආඩ්‍රියාන් තරුණ කාලේ හරිම දරුණුයි. එයාට කවුරු හරි වරදක් කළොත් එයාට ඕනෙ වුණේ ඒ කෙනාගෙන් කොහොමහරි පළිගන්න. එයා මෙහෙම කියනවා. “මං හැම වෙලේම මගේ තරහාකාරයන් එක්ක වෙඩි තියාගත්තා. කිහිප වතාවක්ම මට වෙඩි වැදිලා ලේ පෙරාගෙන, මං පාරේ වැටිලත් හිටියා.”

ආඩ්‍රියාන් අවුරුදු 16දී බයිබලේ ගැන ඉගෙනගන්න පටන්ගත්තා. එයා මෙහෙම කියනවා. “බයිබලේ ඉගෙනගද්දී මට තේරුණා මගේ ජීවිතේ ගොඩක් පැතිවලින් වෙනස් කරගන්න ඕනෙ කියලා.” ආඩ්‍රියාන්ට සිද්ධ වුණා වෛරය හිතින් අයින් කරගෙන දරුණු විදිහට පළිගන්න එක නවත්තන්න. ඒක කරන්න රෝම 12:17-19 කියන දේ ආඩ්‍රියාන්ට ගොඩක් උදව් වුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන් නියම කාලෙදි හරි විදිහට අසාධාරණකම් විසඳනවා කියලා මං තේරුම්ගත්තා. ඒක මට උදව් වුණා ටිකෙන් ටික මගේ ජීවිතෙත් වෙනස් කරගන්න.”

දවසක් රෑ ආඩ්‍රියාන් එක්ක තරහෙන් හිටපු මැර කල්ලියක් එයාව වට කරගෙන එයාට ගැහුවා. කල්ලියේ නායකයා එයාට කිව්වා “පුළුවන්නන් බේරෙනවා බලන්න” කියලා. ආඩ්‍රියාන් කියනවා “ඒ වෙලාවේ මට හිතුණේ එයාලත් එක්ක ගහගන්න.” ඒත් එයා එහෙම කරන්නේ නැතුව යෙහෝවා දෙවියන්ට පොඩි යාච්ඤාවක් කරලා එයාලව මඟ ඇරලා ගියා.

ඊළඟ දවසේ වෙච්ච දේ ගැන ආඩ්‍රියාන් මෙහෙම කියනවා. “පහුවදා ඒ කල්ලියේ නායකයාව මට ආයෙත් හම්බ වුණා. ඒ වෙලාවේ එයා හිටියේ තනියෙන්. එයාව දැක්ක ගමන් මගේ හිත ඇතුළෙන් ලොකු කේන්තියක් ඇවිල්ලා එයාට ගහන්න හිතුණා. ඒත් මං ආයෙත් මාව පාලනය කරගන්න උදව් ඉල්ලලා යෙහෝවාට යාච්ඤාවක් කළා. ඊළඟට වුණේ හරිම පුදුම දෙයක්. එයා මං ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. ‘ඊයේ වෙච්ච දේට මට සමාවෙන්න. මටත් ඕනෙ බයිබලය ගැන ඉගෙනගෙන ඔයා වගේ වෙන්න.’ ඒ වෙලාවේ මගේ හිතට ලොකු සතුටක් දැනුණා. මං කේන්තිය පාලනය කරගත්ත නිසයි එයාටත් බයිබලේ ගැන ඉගෙනගන්න පුළුවන් වුණේ.”

ආඩ්‍රියාන්ගේ ජීවිත කතාව ගැන තවත් දැනගන්න 2016 අංක 5 ‘මුරටැඹ’ සඟරාවේ 14 සහ 15 පිටු බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න