ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp22 අංක 1 10-11 පි.
  • 3 | වෛර කරන සිතුවිලි උගුල්ලලා දාන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 3 | වෛර කරන සිතුවිලි උගුල්ලලා දාන්න
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ උගන්නන දේ:
  • ඒකෙන් අදහස් වෙන දේ:
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • “දෙවියන්ගේ බලයයි, අනුමැතියයි කිසිම අඩුවක් නැතුව ස්තේපන්ට ලැබුණා”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • ස්තේපන්ට ගල් ගැසීම
    මගේ බයිබල් කතන්දර පොත
  • වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • වෛරයේ ගිනිදලු නිවා දමන්න පුළුවන්
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp22 අංක 1 10-11 පි.
වෙන ජාතියකට අයිති කෙනෙක්ට අතට අත දෙන විදිහ හිතින් මවාගන්න කෙනෙක්. එයාලගේ හෙවණැල්ලෙන් පේන්නේ බෝඩ් අතේ තියාගෙන බැනගන්න විදිහ.

වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?

3 | වෛර කරන සිතුවිලි උගුල්ලලා දාන්න

බයිබලයේ උගන්නන දේ:

“ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න. එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.”—රෝම 12:2.

ඒකෙන් අදහස් වෙන දේ:

අපි හිතන විදිහ ගැන දෙවියන් ගොඩක් සැලකිලිමත්. (යෙරෙමියා 17:10) ඒ නිසා අනිත් අයට හානියක් වෙන දේවල් කියන එකෙන්, කරන එකෙන් විතරක් වැළකුණාට මදි. මොකද අපි ඒ වගේ කියන්න, කරන්න පෙලඹෙන්නේ වෛර කරන සිතුවිලි අපේ හිත ඇතුළේ තියෙන නිසයි. ඒ නිසා අපේ හිතේ පුංචිම හරි වෛරයක් තියෙනවා කියලා තේරෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම හිතින් අයින් කරගන්න ඕනේ. එහෙම කළොත් තමයි අපේ නරක ගති “මුළුමනින්ම වෙනස් කරගෙන” වෛරයේ ගින්න නිවලාම දාන්න පුළුවන් වෙන්නේ.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

අනිත් අය ගැන විශේෂයෙන්ම වෙනත් රටකට, ජාතියකට අයිති අය ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද කියලා අවංකවම හිතලා බලන්න. මේ ගැන හිතන්න. ‘මං ඒ අය දිහා බලන්නේ කොහොමද? මං එයාලා ගැන හොඳට දැනගෙනද එයාලා දිහා ඒ විදිහට බලන්නේ? එහෙම නැත්තම් එයාලව ඒ අච්චුවට දාලා තියෙන්නේ එයාලා ගැන කිසිම දෙයක් හරියට දන්නේ නැතුවද?’ සමාජ මාධ්‍යවලින්, චිත්‍රපටවලින් නැත්නම් විනෝදයට බලන්න තියෙන දේවලින් වෛරය, පළිගැනීම වගේ සිතුවිලි ඇති කරනවා නම් ඒ වගේ දේවල් බලන්න එපා.

ගැඹුරට මුල් ඇදපු වෛරයේ සිතුවිලි අයින් කරගන්න බයිබලයේ තියෙන තොරතුරු අපිට උදව් වෙනවා

සමහර වෙලාවට අපි හිතන විදිහ හරිද වැරදිද කියලා අපිටම කිරලා මැනලා බලන්න ලේසි නැහැ. ඒත් බයිබලය අපිට උදව් වෙනවා අපේ ‘සිතුවිලි, චේතනා’ හරියටම තේරුම්ගන්න. (හෙබ්‍රෙව් 4:12) ඒ නිසා බයිබලයේ තියෙන දේවල් දිගටම හොයලා බලන්න. ඒක ඔයාට උදව් වෙයි දෙවියන් හිතන විදිහ තේරුම්ගන්න. ඒක කියවද්දී ඔයා හිතන්නෙත් දෙවියන් හිතන විදිහටමද කියලත් කල්පනා කරලා බලන්න. දෙවියන් හිතන විදිහට හිතන්න පුරුදු වෙන්න. එතකොට ඔයාගේ හිතේ ගැඹුරට මුල් බැහැපු “බලකොටු” වගේ තියෙන වෛරයේ සිතුවිලි උගුල්ලලා දාන්න ඔයාට පුළුවන්.—2 කොරින්ති 10:4, 5.

සැබෑ අද්දැකීමක් - ස්ටීවන්

හිතන විදිහ වෙනස් කරගත්තා

ස්ටීවන්.

සුදු ජාතිකයන් කරපු අසාධාරණකම් නිසා ස්ටීවනුයි එයාගේ පවුලේ අයයි ගොඩක් කරදරවලට මූණ දුන්නා. ඒ නිසා එයා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන දේශපාලන කණ්ඩායමකට බැඳුණා. පස්සේ කාලෙක එයාත් සුදු ජාතිකයන්ට විරුද්ධව ගොඩක් දරුණු දේවල් කළා. එයා මෙහෙම කියනවා. “සමහර දවස්වලට මායි, මගේ යාළුවොයි එකතු වෙලා ඇමරිකාවේ හිටපු අප්‍රිකානු වහල්ලුන්ට වධ දීපූ විදිහ ගැන තියෙන ෆිල්ම් බලනවා. ඒ අසාධාරණකම් දකිද්දී අපිට හොඳටම කේන්ති යනවා. ඒ වෙලාවට එතන ඉන්න සුදු ජාතික තරුණයන්ට අපි හොඳටම ගහනවා. ඒ විතරක් නෙමෙයි සුදු ජාතිකයන් ඉන්න තැන් හොයාගෙන ගිහිල්ලා අපි එයාලට ගහනවා.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගන්න පටන්ගත්තාට පස්සේ ස්ටීවන් හිතන විදිහ වෙනස් වුණා. එයා ඒ ගැන මෙහෙම කියනවා. “මං දැකලා තිබුණේ සුදු ජාතිකයන් කලු ජාතිකයන්ට කරන අසාධාරණකම් විතරයි. ඒත් සාක්ෂිකරුවන් අතර තියෙන එකමුතුකම දැක්කාම මට ගොඩක් පුදුම හිතුණා. එක සැරයක් සුදු ජාතික සාක්ෂිකරුවෙක් වෙන රටකට යද්දී එයාගේ දරුවන්ව කලු ජාතිකයෙක්ගේ ගෙදර නතර කරලා ගියා. ඒ වගේම කලු ජාතික තරුණයෙක්ට ඉන්න තැනක් නැති වුණාම සුදු ජාතික පවුලක් එයාව භාරගත්තා.” යේසුස් කිව්වේ සැබෑ ක්‍රිස්තියානීන් අතරේ අවංක ආදරයක් තියෙනවා කියලයි. ඒ වගේ ආදරයක් සාක්ෂිකරුවන් අතර තියෙනවා ස්ටීවන් දැක්කා.—යොහන් 13:35.

ස්ටීවන්ට එයා කරපු දරුණු දේවල් නතර කරන්න රෝම 12:2 තියෙන අදහස උදව් වුණා. එයා ඒ ගැන මෙහෙම කියනවා. “මං හිතන විදිහ වෙනස් කරගන්න ඕනෙ කියලා මට තේරුණා. අනිත් අයට හානි කරන දේවල් නවත්තලා සාමකාමී කෙනෙක් වෙන්න ඕනෙ කියලා මට හිතුණා. ඒක තමයි ජීවත් වෙන්න ඕනෙ හරි විදිහ.” ස්ටීවන් වෛරයේ සිතුවිලි අයින් කරගත්ත නිසා දැන් අවුරුදු 40ක් තිස්සේ සාමකාමී ජීවිතයක් ගත කරනවා.

ස්ටීවන්ගේ ජීවිත කතාව ගැන තවත් දැනගන්න 2015 ජූලි 1 ‘මුරටැඹ’ සඟරාවේ 10-11 පිටු බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න