ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp22 අංක 1 12-13 පි.
  • 4 | දෙවියන්ගේ උදව්වෙන් වෛරය නැති කරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 4 | දෙවියන්ගේ උදව්වෙන් වෛරය නැති කරගන්න
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ උගන්වන දේ:
  • ඒකෙන් අදහස් වෙන දේ:
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • ජීවිත වෙනස් කළ පොතක්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • වෛරයේ ගිනිදලු නිවා දමන්න පුළුවන්
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ඇයි මේ තරම් වෛරයක්?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp22 අංක 1 12-13 පි.
මිනිස්සු දිග ඇරලා තියෙන ලොකු බයිබලයක් ළඟට ඇවිදන් යනවා. එයාලා කලින් වෛරයෙන් වැඩ කරපු විදිහ එයාලගේ හෙවණැලිවලින් පේනවා.

වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?

4 | දෙවියන්ගේ උදව්වෙන් වෛරය නැති කරගන්න

බයිබලයේ උගන්වන දේ:

“කෙනෙකු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසය, මෘදුකම, තමාව පාලනය කරගැනීම යන ගුණාංග සියල්ල ඔහු තුළ දැකගත හැකියි.”—ගලාති 5:22, 23.

ඒකෙන් අදහස් වෙන දේ:

දෙවියන්ගේ උදව්වෙන් අනිත් අයට වෛර කරන එක නවත්තන්න අපිට පුළුවන්. මොකද දෙවියන්ගේ බලය අපිට උදව් කරනවා අපේ හැකියාවෙන් ඇති කරගන්න බැරි ගුණාංග ඇති කරගන්න. ඒ නිසා හිතින් වෛරය අයින් කරගන්න තනියෙන් උත්සාහ කරන්නේ නැතුව දෙවියන්ගේ උදව් ඉල්ලන එක තමයි හොඳම දේ. එහෙම කළොත් දෙවියන්ට සේවය කරපු පාවුල් අද්දැකපු දේ අද්දකින්න අපිටත් පුළුවන්. එයා කිව්වා, “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබෙනවා” කියලා. (ෆිලිප්පි 4:13) අපි ඒ දේ අද්දකිද්දී, ‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්’ කියලා අපිටත් කියන්න පුළුවන්.—ගීතාවලිය 121:2.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

“දරුණු කෙනෙක් වෙලා හිටපු මම යෙහෝවා නිසයි අද සාමකාමී කෙනෙක් වෙලා ඉන්නේ.”—වොල්ඩෝ

යෙහෝවා දෙවියන්ට මුළු හදවතින්ම යාච්ඤා කරලා ඔහුගේ බලය ඉල්ලන්න. (ලූක් 11:13) ඔහු කැමති ගුණාංග ඇති කරගන්න දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. ආදරය, ඉවසීම, සමාදානය, අපිවම පාලනය කරගන්න එක වගේ ගුණාංග ගැන බයිබලයේ කියලා තියෙන දේවල් හොඳට හොයලා බලන්න. ඒ වගේම ඒ ගුණාංග ඔයාගේ ජීවිතෙන් පෙන්නන්න පුළුවන් විදි ගැන හිතලා බලන්න. ඒ ගුණාංග ඔයාට උදව් වෙයි වෛරය ඔයාගේ හිතින් අයින් කරලා දාන්න. ඒ වගේම ඒ ගුණාංග ජීවිතෙන් පෙන්නන්න උත්සාහ කරන අයව ආශ්‍රය කරන්න. ඒ වගේ යාළුවෝ අනිත් අයට ‘ප්‍රේමය පෙන්නන්න සහ යහපත් ක්‍රියා කරන්න’ ඔයාට උදව් කරයි.—හෙබ්‍රෙව් 10:24.

සැබෑ අද්දැකීමක් - වොල්ඩෝ

දරුණු ජීවිතේට සමු දුන්නා

වොල්ඩෝ.

වොල්ඩෝ හැදී වැඩුණේ හරිම දරුණු පරිසරයක. එයාගේ හිත වෛරයෙන් පිරිලා තිබුණා. එයා මෙහෙම කියනවා. ‘මං නිතරම වගේ කුඩු විකුණපු අයත් එක්ක රණ්ඩුවලට පැටලුණා. දවසක් මාත් එක්ක තරහෙන් හිටපු මැර කල්ලියක් මාව මරන්න හරිම දරුණු මිනී මරුවෙක්ට කොන්ත්‍රාත් එකක් දීලා තිබුණා. එදා මං පිහි පාරක් කෑවත් කොහොමහරි එතනින් බේරිලා ආවා.’

වොල්ඩෝගේ නෝනා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. හැබැයි වොල්ඩෝ ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. එයා මෙහෙම කිව්වා. “මට සාක්ෂිකරුවන්ව පේන්න බැහැ. හැම වෙලාවෙම වගේ මං එයාලට කැත වචන කියලා බැන්නා. එත් එයාලා කවදාවත් මාත් එක්ක තරහා ගත්තේ නැහැ.”

ටික කාලෙකට පස්සේ වොල්ඩෝත් බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා. එයා මෙහෙම කියනවා. “මුලින් නම් බයිබලයේ තියෙන විදිහට ජීවත් වෙන එක ලේසි වුණේ නැහැ. මට හිතුණේ කවදාවත් මගේ කේන්තිය පාලනය කරගන්න බැරි වෙයි කියලා.” ඒත් එයා බයිබලයෙන් ඉගෙනගත්ත එක දෙයක් එයාගේ ජීවිතේ ලොකු වෙනසක් කළා.

වොල්ඩෝ ඒ ගැන මෙහෙම කියනවා. “දවසක් මට බයිබලය ගැන කියලා දුන්න අලෙහන්ද්‍රෝ ගලාති 5:22, 23 මට කියවන්න කිව්වා . . . ඊටපස්සේ එයා මට කිව්වා මේ ගුණාංග මගේ හැකියාවෙන් ඇති කරගන්න බැහැ කියලා. ඒකට මං දෙවියන්ගේ බලයේ උදව් ඉල්ලන්න ඕනෙ කියලා. ඒකෙන් මට තේරුණා මගේ දරුණු ජීවිතේ අත්හරින්න මට පුළුවන් කියලා.”

වොල්ඩෝ, දෙවියන්ගේ උදව්වෙන් වෛරයේ සිතුවිලි අයින් කරගත්තා. එයා මෙහෙම කියනවා. “මගේ පවුලේ අයට, යාළුවන්ට මං මේ කරපු වෙනස ගැන හිතාගන්නවත් බැහැ! දරුණු කෙනෙක් වෙලා හිටපු මම යෙහෝවා නිසයි අද සාමකාමී කෙනෙක් වෙලා ඉන්නේ.”

වොල්ඩෝගේ ජීවිත කතාව ගැන තවත් දැනගන්න 2013 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 12-13 පිටු බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න