ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp22 අංක 1 4-5 පි.
  • ඇයි මේ තරම් වෛරයක්?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇයි මේ තරම් වෛරයක්?
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වෛරය කියන්නේ මොකක්ද?
  • මිනිස්සුන්ගේ හිතේ වෛරයක් ඇති වෙන්නේ කොහොමද?
  • වෛරය පැතිරෙන්නේ කොහොමද?
  • වෛරය පටන්ගත්ත විදිහ ගැන බයිබලයේ කියන දේ
  • වෛරයේ ගිනිදලු නිවා දමන්න පුළුවන්
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • වෛරය නැති කාලයක්!
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ඇයි මෙච්චර වෛරයක්? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • හැඳින්වීම
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp22 අංක 1 4-5 පි.

ඇයි මේ තරම් වෛරයක්?

ලෝකේ පුරාම වෛරය පැතිරිලා. ඒකට හේතුව දැනගන්න වෛරය කියන්නේ මොකක්ද කියලත් මිනිස්සුන්ගේ හිත්වල වෛරයක් ඇති වෙන්නේ කොහොමද කියලත් ඒක පැතිරෙන්නේ කොහොමද කියලත් දැනගන්න ඕනේ.

වෛරය කියන්නේ මොකක්ද?

වෛරය කියන්නේ කෙනෙක් දිහා නැත්නම් මිනිස්සු කණ්ඩායමක් දිහා ලොකු කේන්තියකින්, පිළිකුලකින් බලන එකට. ඒක මිනිස්සුන්ගේ හිතේ මුල් බැහැගෙන තියෙන දෙයක්.

මිනිස්සුන්ගේ හිතේ වෛරයක් ඇති වෙන්නේ කොහොමද?

මිනිස්සුන්ගේ හිත්වල වෛරය ඇති වෙන්න ගොඩක් හේතු තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට අනිත් අය ගැන වෛරයක් ඇති වෙන්නේ එයාලා වෙනත් ජාතියකට, කණ්ඩායමකට අයිති නිසයි. එහෙම නැතුව එයාලා කරන වරදක් නිසා නෙමෙයි. සාමාන්‍යයෙන් මිනිස්සු එයාලා දිහා බලන්නේ අනිත් අයට හානියක් කරන්න හදන, දුෂ්ට, වෙනස් කරන්න බැරි අය විදිහට. ඒ වගේම හරිම පහත්, සමාජයට තර්ජනයක් වෙලා තියෙන කරදරකාරයෝ විදිහට. කෙනෙක්ගේ හිතේ අනිත් අය ගැන වෛරයක් ඇති වෙන්නේ එයා මොනා හරි අසාධාරණයකට, දරුණු දේකට එහෙම නැත්නම් වෙනත් අමිහිරි අද්දැකීමකට මුහුණ දීලා තියෙන නිසා වෙන්න පුළුවන්.

වෛරය පැතිරෙන්නේ කොහොමද?

සමහර වෙලාවට කිසිම හේතුවක් නැතුව මිනිස්සු අනිත් අයට වෛර කරනවා. කෙනෙක්ට නැත්නම් කණ්ඩායමකට තමන්ගේ පවුලේ අය, නෑදෑයෝ වෛර කරන නිසා දන්නෙම නැතුව අපිත් එයාලට වෛර කරන්න පෙලඹෙන්න පුළුවන්. ඒ විදිහට එක කණ්ඩායමක් අතර වෛරය ඉක්මනින්ම පැතිරෙනවා.

ඒකෙන් පැහැදිලියි ගොඩක් මිනිස්සුන්ගේ හිතේ අනිත් අය ගැන වෛරයක් තියෙන්නේ ඇයි කියලා. ඒත් ලෝකේ පුරාම මෙච්චර වෛරයක් පැතිරෙන්න තවත් හේතුවක් තියෙනවා. ඒක දැනගන්න වෛරය කියන දේ මුලින්ම පටන්ගත්තේ කොහොමද කියලා අපි බලමු. ඒකේ සුලමුල ගැන බයිබලයේ කතා කරලා තියෙනවා.

වෛරය පටන්ගත්ත විදිහ ගැන බයිබලයේ කියන දේ

වෛරයට මුල් වෙන දේවල් පින්තූරේ තියෙන ඊතල දෙකෙන් පෙන්නනවා. 1. අනිත් අයගෙන් එන, සමාජ මාධ්‍යයෙන් එන, ප්‍රවෘත්තිවලින් එන වැරදි තොරතුරු. 2. සංස්කෘතිය ගැන, ආගම ගැන, ජාතිය ගැන නොදන්නාකම. 3. වෙනස්කම්වලට මුහුණ දෙන්න වෙයි කියලා, දේවල් නැති වෙයි කියලා, ඉස්සරහට මොනවා වෙයිද කියලා තියෙන බය. 4. වෛරය නිසා වපර ඇහෙන් බලනවා, අසාධාරණ විදිහට සලකනවා, දරුණු විදිහට සලකනවා.

වෛර කරන එක මිනිස්සුන්ගෙන් පටන්ගත්ත දෙයක් නෙමෙයි. මුලින්ම වෛර කරන්න පටන්ගත්තේ දෙවියන්ට විරුද්ධව කැරලිගහපු දේවදූතයෙක්. ඒ දේවදූතයාව පස්සේ කාලෙක සාතන් නැත්නම් යක්ෂයා කියලා හැඳින්නුවා. යක්ෂයා කියන්නේ “බොරුකාරයෙක්. බොරුවේ පියා.” දෙවියන්ට විරුද්ධව කැරලිගහලා ‘නොමඟ ගිය දා ඉඳන් යක්ෂයා මිනී මරුවෙක්.’ එදා ඉඳන් යක්ෂයා උත්සාහ කරන්නේ කේන්තිය, වෛරය වගේ හැඟීම් අනිත් අයගේ හිත්වල අවුළවන්න. (යොහන් 8:44; 1 යොහන් 3:11, 12) බයිබලයේ යක්ෂයාව විස්තර කරන්නේ කේන්තියෙන්, වෛරයෙන් පිරුණු භයානක, දුෂ්ට කෙනෙක් විදිහට.—යෝබ් 2:7; එළිදරව් 12:9, 12, 17.

පාපය උරුම කරගත්ත මිනිස්සු ලේසියෙන්ම වෛර කරන්න පෙලඹෙනවා. මුල් මිනිසා වුණ ආදම් ගියෙත් සාතන්ගේ අඩිපාරේමයි. ආදම්ගෙන් උරුම වුණ පාපය නිසා මිනිස්සු හැමෝම වැරදි කරන්න පෙලඹෙනවා. (රෝම 5:12) ආදම්ගේ වැඩිමල් පුතා කායින් එයාගේ සහෝදරයා වුණ ආබෙල්ට වෛර කරලා එයාව මැරුවා. (1 යොහන් 3:12) ගොඩක් මිනිස්සු අනිත් අයට ආදරයෙන්, කරුණාවෙන් සැලකුවත් වැඩිදෙනෙක්ගේ හිත් පිරිලා තියෙන්නේ ඊර්ෂ්‍යාව, උඩඟුකම වගේ වෛරය අවුළවන ගතිවලින්.—2 තිමෝති 3:1-5.

අනිත් අයගේ වෙනස්කම් නුරුස්සන එක හිතේ වෛරය අවුළවයි. අනිත් අය ගැන හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරන්නයි අපේ වටේ ඉන්න අය උනන්දු කරන්නේ. අනිත් අයගේ දේපළවලට හානි කරන එක, කොන් කරලා පහත් කරන එක, අපහාස කරන එක, හිරිහැර කරන එක වගේ දේවල් අද හැම තැනම දකින්න තියෙනවා. ඒ “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙන” නිසයි.—1 යොහන් 5:19.

බයිබලයේ වෛරය පටන්ගත්ත විදිහ ගැන විතරක් නෙමෙයි ඒක හිතෙන් අයින් කරගන්න විදිහ ගැනත් කියලා දෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න