ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp22 අංක 1 14-15 පි.
  • වෛරය නැති කාලයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වෛරය නැති කාලයක්!
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වෛරයට මුල් වෙලා තියෙන හේතු දෙවියන් නැති කරනවා
  • වෛරය නැති ලෝකයක් ගැන බයිබලයේ දෙන පොරොන්දුව
  • ඇයි මේ තරම් වෛරයක්?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • වෛරයේ ගිනිදලු නිවා දමන්න පුළුවන්
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • හැඳින්වීම
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • වෛරය කවදා හෝ අවසන් වේවිද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp22 අංක 1 14-15 පි.

වෛරය නැති කාලයක්!

අපි වෛරය හිතින් අයින් කරගත්තත් අනිත් අය ඒ විදිහට හිතන එක, වැඩ කරන එක නවත්තන්න අපිට බැහැ. මිනිස්සු කරන දුෂ්ට දේවල් නිසා අහිංසක මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. එහෙමනම් කාටද පුළුවන් වෛරය නැත්තටම නැති කරලා දාන්න?

ඒක කරන්න පුළුවන් යෙහෝවා දෙවියන්ට විතරයි. ඔහු එහෙම කරනවා කියලා බයිබලයේ පොරොන්දු වෙලා තියෙනවා.—හිතෝපදේශ 20:22.

වෛරයට මුල් වෙලා තියෙන හේතු දෙවියන් නැති කරනවා

  1. 1. සාතන් කියන යක්ෂයා. දෙවියන්ට විරුද්ධව කැරලිගහපු සාතන් තමයි ලෝකේ පුරාම පැතිරිලා තියෙන වෛරයට වග කියන්න ඕනෙ ප්‍රධාන කෙනා. සාතන්වයි, ඔහුගේ දුෂ්ට බලපෑමට අහු වෙලා ඉන්න හැම කෙනෙක්වමයි දෙවියන් විනාශ කරනවා.—ගීතාවලිය 37:38; රෝම 16:20.

  2. 2. සාතන් යටතේ තියෙන දුෂ්ට ලෝකය. වෛරයේ හැඟීම් අවුස්සන දූෂිත දේශපාලනඥයන් සහ ආගමික නායකයන් ඇතුළුව මේ ලෝකේ තියෙන හැම දුෂ්ට දෙයක්ම දෙවියන් නැති කරලා දානවා. මිනිස්සුන්ගේ සල්ලි කඩාගන්න අරමුණින් වංචා කරන කෑදර ව්‍යාපාර ක්‍රමයත් දෙවියන් විනාශ කරනවා.—2 පේතෘස් 3:13.

  3. 3. මිනිස්සුන්ට උරුම වෙලා තියෙන පව්කාරකම. බයිබලයේ කියනවා අපි හැමෝම වැරදි විදිහට හිතන්නේ පතන්නේ, වැඩ කරන්නේ අපිට උරුම වෙලා තියෙන පව්කාරකම නිසයි කියලා. (රෝම 5:12) මිනිස්සු අනිත් අයට වෛර කරන්නේ, එයාලට හානියක් වෙන දේවල් කරන්නේ ඒ නිසයි. ඒ වගේ වැරදි දේවල් හිතින් අයින් කරගන්න දෙවියන් මිනිස්සුන්ට උදව් කරන්න යනවා. ඒ නිසා එදාට වෛරයේ ගිනිදලු සදහටම නිවිලා යනවා.—යෙසායා 54:13.

වෛරය නැති ලෝකයක් ගැන බයිබලයේ දෙන පොරොන්දුව

  1. 1. අයුක්තිය, අසාධාරණය නැහැ. ළඟදීම ස්වර්ගයේ පිහිටුවලා තියෙන දේවරාජ්‍යයෙන් පොළොව පාලනය කරනවා. ඒක සාධාරණය ඉටු කරන, විනාශ වෙන්නේ නැති ආණ්ඩුවක්. (දානියෙල් 2:44) එදාට අසාධාරණකම්වලට, අනිත් අයව පහත් කරලා සලකන එකට කිසිම ඉඩක් නැහැ. අද අපි මූණ දෙන අසාධාරණකම්වලට එදාට දෙවියන් සාධාරණය ඉටු කරනවා.—ලූක් 18:7.

  2. 2. හැම තැනම සාමය. යුද්ධ, අපරාධ නිසා කිසිම කෙනෙක් දුක් විඳින්නේ නැහැ. (ගීතාවලිය 46:9) එදාට පොළොවේ ජීවත් වෙන්න යන්නේ සාමයට කැමති මිනිස්සු විතරයි. ඒ නිසා කිසිම කෙනෙක් බයෙන් ජීවත් වෙන්නේ නැහැ.—ගීතාවලිය 72:7.

  3. 3. හැමෝම හැමදාටම සතුටින්. එදාට පොළොවේ ජීවත් වෙන හැමෝම අනිත් අයට ආදරයෙන් සලකනවා. (මතෙව් 22:39) කිසිම කෙනෙක් දුක් විඳින්නේ නැහැ. හිතට වධ දෙන සිතුවිල්ලක් නිසාවත් අමිහිරි මතකයක් නිසාවත් කවුරුත් වේදනාවෙන් ඉන්නේ නැහැ. (යෙසායා 65:17) වෛරය නැති ඒ කාලෙදි ‘දසත පැතිරී තිබෙන සාමය නිසා මිනිස්සු හැමෝම මහත් සේ ප්‍රීති වෙනවා’ කියලා බයිබලයේ කියනවා.—ගීතාවලිය 37:11.

ඒ වගේ කාලයක ජීවත් වෙන්න ඔයාත් ආසද? අද ඉන්න හුඟදෙනෙක් වෛරය හිතින් අයින් කරගන්නේ කොහොමද කියලා බයිබලයෙන් ඉගෙනගන්නවා. (ගීතාවලිය 37:8) ලෝකේ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් ඒ දේ කරනවා. එයාලා විවිධ සංස්කෘතීන්වලට, පසුබිම්වලට අයිති අය වුණත් එයාලා එක පවුලක් වගේ එකට බැඳිලා ඉන්නවා.—යෙසායා 2:2-4.

මේ පින්තූරේ ආදරය, සාමය, ඉවසීම, අපිව පාලනය කරගන්න එක වගේ හොඳ ගුණාංග සහ වෛරය කියන නරක ගුණාංගය තියෙනවා.

අසාධාරණකම්වලට සාර්ථකව මුහුණ දෙන්න එයාලට උදව් වෙලා තියෙන්නේ මොනවාද කියලා අනිත් අයට කියලා දෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමතියි. ඒ දේවල් වෛරය ටිකෙන් ටික හිතින් අයින් කරගෙන අනිත් අයට ආදරය පෙන්නන්න ඔයාටත් උදව් වෙයි. ඒ වගේම ඔයාට වෛර කරන, කිසිම දෙයක් ගැන අගයක් නැති අයට වුණත් ආදරෙන් සලකන්නේ කොහොමද කියලත් ඔයාට දැනගන්න පුළුවන් වෙයි. ඒක ඔයාට උදව් වෙයි අනිත් අය එක්ක හොඳ බැඳීමක් තියාගෙන සතුටින් ඉන්න. වෛරයේ ගිනිදලු හැමදාටම නිවලා දාන දේවරාජ්‍යය පොළොව පාලනය කරන කාලේ ඔයා ජීවත් වෙන්න නම් කරන්න ඕනෙ මොනවාද කියලත් ඔයාට දැනගන්න පුළුවන්.—ගීතාවලිය 37:29.

jw.org වෙබ් අඩවියට ගිහින් ඔන්ලයින් බයිබල් පාඩම්a කියන අංගය එහෙමත් නැත්නම් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන සඟරාව බලන්න.

a සිංහලෙන් නැහැ. දැනට තියෙන්නේ ඉංග්‍රීසි සහ තව භාෂා කීපයකින් විතරයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න