ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w22 අප්‍රියෙල් 2-3 පි.
  • ඔයාව පරද්දන්න කනස්සල්ලට ඉඩ දෙන්න එපා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාව පරද්දන්න කනස්සල්ලට ඉඩ දෙන්න එපා!
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දාවිත් ප්‍රශ්නවලට මුහුණ දුන්නේ කොහොමද?
  • කනස්සල්ලක් දැනෙද්දී දාවිත්ව ආදර්ශයට ගන්න
  • මේ සටනේදී ඔයා තනි වෙලා නැහැ!
  • කනස්සල්ලට හේතු වෙන හැම බරක්ම යෙහෝවා දෙවිට භාර දෙන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබගේ සියලු සිත්තැවුල් යෙහෝවඃවහන්සේ පිට තබන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලයේ කියන්නේ මොනවාද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • කනස්සල්ලක් ඇති වෙද්දී කරන්න පුළුවන් මොනවාද?
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w22 අප්‍රියෙල් 2-3 පි.
ඉස්පිරිතාලේ ඉන්න බිරිඳ වෙනුවෙන් සහෝදරයෙක් යාච්ඤා කරනවා.

ඔයාව පරද්දන්න කනස්සල්ලට ඉඩ දෙන්න එපා!

කනස්සල්ල කියන්නේ අපේ හදවතට දැනෙන උහුලගන්න බැරි බරක්! (හිතෝ. 12:25) ඔයාටත් කවදා හරි ‘තවත් නම් මේක දරාගන්න බෑ’ කියලා හිතිලා තියෙනවාද? එහෙමනම් ඔයා වගේම තව හුඟදෙනෙක් ඒ වගේ හැඟීම් එක්ක පොරබදිනවා කියලා අමතක කරන්න එපා. අසනීපෙන් ඉන්න අපිට කිට්ටු කෙනෙක්ව බලාගන්න වෙද්දී, අපි ආදරය කරපු කෙනෙක් මරණය නිසා අපෙන් වෙන් වෙද්දී, ස්වාභාවික විපතකට මුහුණ දෙද්දී, හිතපු නැති විදිහේ අභියෝගවලට මුහුණ දෙන්න වෙද්දී අපි ඕනම කෙනෙක් ශාරීරිකව වගේම මානසිකවත් බින්දුවටම වැටෙන්න පුළුවන්. ඔයාත් ඉන්නේ ඒ වගේ තත්වෙක නම් ඒකෙන් ගොඩ එන්න ඔයාට පුළුවන් කොහොමද?a

ඒ ගැන දැනගන්න දැන් අපි දාවිත් ගැන බලමු. දාවිත් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දීපු කෙනෙක්. එයා මුහුණ දීපු සමහර ප්‍රශ්න නිසා එයාගේ ජීවිතේ වුණත් නැති වෙන්න ඉඩ තිබුණා. (1 සාමු. 17:34, 35; 18:10, 11) ඒත් දාවිත් ඒවාට මුහුණ දුන්නේ කොහොමද? එයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දාවිත් ප්‍රශ්නවලට මුහුණ දුන්නේ කොහොමද?

සමහර අවස්ථාවලදී දාවිත්ට එක පිට එක ප්‍රශ්න ආවා. එයා සාවුල්ගෙන් පලා යන අතරතුරේදී වුණ දෙයක් ගැන දැන් අපි බලමු. දවසක් දාවිත් සටනක් කරලා ආයේ එද්දී සතුරෝ ඇවිත් එයා හිටපු නුවරට ගිනි තියලා, වස්තුව කොල්ල කාලා, එයාලගේ පවුල්වල අයව පැහැරගෙන ගිහින් තිබුණා. ඒක දැනගත්තාම දාවිත් මොකද කළේ? බයිබලේ මෙහෙම කියනවා. “දාවිත් සහ ඔහු සමඟ සිටි සියලුදෙනාම එය දැක මහත් හඬින් හඬන්න පටන්ගත්තෝය. තවත් කඳුළු සැලීමට නොහැකි වන තරමටම ඔවුහු හැඬුවෝය.” ප්‍රශ්න එතනින් කෙළවර වුණේ නැහැ. වෙච්ච දේ නිසා දාවිත්ට විශ්වාසවන්තව හිටපු අයත් කේන්ති අරන් එයාට “ගල් ගහන්න” හැදුවා. (1 සාමු. 30:1-6) ඒ සිද්ධියෙන් පේනවා ඒ අවස්ථාවේදී දාවිත්ට ලේසියෙන් දරාගන්න බැරි ප්‍රශ්න තුනකට මුහුණ දෙන්න වුණා කියලා. එක පැත්තකින් සාවුල් එයාව මරන්න හොයනවා. අනිත් පැත්තෙන් හතුරෝ එයාගේ පවුලේ අයවයි, නෑදෑයන්වයි පැහැරගෙන ගිහින්. ඒ මදිවට ළඟින් ඉඳලා දාවිත්ව සනසන්න ඕනෙ අයත් ඉන්නේ එයාව මරන්න තරම් කේන්තියකින්. ඒ වෙලාවේ දාවිත්ට කොහොම දැනෙන්න ඇද්ද!

ඉතින් දාවිත් මොකද කළේ? ඒ වෙලාවෙම “දාවිත් තමන්ගේ දෙවි වන යෙහෝවාගෙන් උපකාර පැතුවා. ඊටපස්සේ එයා ධෛර්යයවත් වුණා.” දාවිත් වෙනදා වගේම මේ සැරෙත් ඉක්මනින්ම යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා. ඒ වගේම දෙවියන් එයාට කලින් උදව් කරපු විදි මතක් කරගත්තා. (1 සාමු. 17:37; ගීතා. 18:2, 6) ඉස්සරහට කරන්න ඕනෙ මොනවාද කියලා යෙහෝවා දෙවියන්ගෙන් මඟ පෙන්වීම් පැතුවා. කරන්න ඕනෙ මොනවාද කියලා දෙවියන් කියපු ගමන්ම එයා මොහොතක්වත් පරක්කු වෙන්නේ නැතුව ඒ දේ කළා. මොකක්ද ප්‍රතිඵලය? යෙහෝවාගේ උදව්වෙන් දාවිත්ටයි එයාත් එක්ක හිටපු අයටයි පුළුවන් වුණා එයාලගේ පවුල්වල අයව බේරගෙන පැහැරගත්ත වස්තුව ආයෙත් ගේන්න. (1 සාමු. 30:7-9, 18, 19) ප්‍රශ්නයක් එද්දී දාවිත් කරපු දේවල් ඔයා දැක්කාද? එයා දේවල් 3ක් කළා. (1) යාච්ඤා කරලා දෙවියන්ගේ උදව් ඉල්ලුවා. (2) යෙහෝවා දෙවියන් එයාට කලින් උදව් කරලා තියෙන විදිහ මතක් කරගත්තා. (3) දෙවියන්ගෙන් මඟ පෙන්වීමක් ලැබුණ ගමන්ම අවශ්‍ය පියවර ගත්තා. දාවිත්ව අනුකරණය කරන්න ඔයාටයි, මටයි පුළුවන් කොහොමද?

කනස්සල්ලක් දැනෙද්දී දාවිත්ව ආදර්ශයට ගන්න

පින්තූරවල අදහස: කනස්සල්ලට මුහුණ දෙද්දී අපිට කරන්න පුළුවන් දේවල්. 1. යාච්ඤා කරන්න. ඉස්පිරිතාලේ ඉන්න බිරිඳ වෙනුවෙන් සහෝදරයෙක් යාච්ඤා කරනවා. 2. මතක් කරගන්න. ඉස්පිරිතාලේ ඉද්දී සහෝදරයෙක් බයිබල් පදයක් පෙන්නලා තමන්ව දිරිගන්වපු විදිහ එයා මතක් කරගන්නවා. 3. පියවර ගන්න. අසනීපෙන් ඉන්න තමන්ගේ බිරිඳට බයිබල් පදයක් පෙන්නලා දිරිගන්වනවා.

1. යාච්ඤා කරන්න. ඔයාගේ හිතට ලොකු පීඩනයක්, කනස්සල්ලක් දැනෙන ඕනම වෙලාවක ප්‍රඥාව, බලය ඉල්ලලා යෙහෝවාට යාච්ඤා කරන්න. හොඳට කාලේ අරන් ඔයාගේ හදවතට දැනෙන හැම දෙයක්ම ඉස්පිල්ලක් පාපිල්ලක් නැතුව ඔහුට කියන්න. හැබැයි ඔයා ඉන්නේ කාලේ අරන් දිග යාච්ඤාවක් කරන්න බැරි තත්වෙක නම් කෙටි, නිහඬ යාච්ඤාවක් කරන්න. යාච්ඤා කරන හැම වතාවකම දාවිත් කියපු මේ වචන මතක් කරගන්න. “යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය. මාගේ දෙවි මාගේ පර්වතයය. මම ඔහුගේ ආරක්ෂාව පතමි.” (ගීතා. 18:2) ඒත් යාච්ඤාවෙන් ඇත්තටම ප්‍රයෝජන තියෙනවාද? පුරෝගාමි සහෝදරියක් වන කාලියා කියන දේ බලන්න. “යාච්ඤා කළාට පස්සේ මට පුදුම සහනයක් දැනෙන්නේ. යෙහෝවා දෙවියන් හිතන විදිහට හිතන්න, ඔහු ගැන තියෙන මගේ විශ්වාසය වැඩි කරගන්න මට යාච්ඤාව ගොඩක් උදව් වෙලා තියෙනවා.” ඔව්, යාච්ඤාව කියන්නේ හරිම බලවත් දෙයක්. කනස්සල්ලෙන් ජය ගන්න යාච්ඤාව අපිට උදව් වෙනවා.

2. මතක් කරගන්න. මොහොතක් නැවතිලා යෙහෝවා දෙවියන් ඔයාට උදව් කරලා තියෙන විදි ගැන චුට්ටක් මතක් කරගන්න. ‘යෙහෝවා හිටියේ නැත්තං කීයටවත් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න ලැබෙන්නේ නෑ’ කියලා හිතුණ අවස්ථා කොච්චර නම් අපේ ජීවිතවල තියෙනවාද! ඒ විදිහට ඔයාට විතරක් නෙවෙයි අනිත් අයට උදව් කරපු විදිහත් මතක් කරගද්දී අපේ හිතේ යෙහෝවා ගැන තියෙන විශ්වාසය තව තවත් ශක්තිමත් වෙනවා. (ගීතා. 18:17-19) වැඩිමහල්ලෙක් වන ජොෂුවා කියන දේ බලන්න. “යෙහෝවා උත්තර දීපු යාච්ඤා ලිස්ට් එකක් මං හැදුවා. ඔහුගෙන් දෙයක් නිශ්චිතවම ඉල්ලද්දී යෙහෝවා ඒ දේවල් ඉටු කරපු විදිහ මතක් කරගන්න මට ඒක උදව් වුණා.” ඔව්, යෙහෝවා දෙවියන් අපිට උදව් කරපු විදි මතක් කරගන්න එක කනස්සල්ලෙන් ජය ගන්න අපිට උදව් වෙනවා.

3. පියවර ගන්න. ප්‍රශ්නයක් විසඳන්න කලින් අපි කරන්න ඕනෙ දෙයක් තියෙනවා. ඒ තමයි දේවවචනයෙන් මඟ පෙන්වීම් පතන එක. (ගීතා. 19:7, 11) බයිබල් පදයක් තෝරගෙන ඒක අධ්‍යයනය කරන එකෙන් සහ ඒ තොරතුරු ජීවිතේට අදාළ කරගන්න එකෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා කියලා හුඟක් අය අද්දැකලා තියෙනවා. වැඩිමහල්ලෙක් වෙන ජැරඩ් කියන දේ බලන්න. “අධ්‍යයනය කරද්දී මට පුළුවන් වුණා සමහර බයිබල් පද එක එක පැතිවලින් තේරුම්ගන්න. යෙහෝවා දෙවියන් මට කරන්න කියන්නේ මොකක්ද කියලා තේරුම්ගන්නත් ඒක මට උදව් වුණා. ඇත්තටම බයිබලේ පාවිච්චි කරලා යෙහෝවා මගේ හිතට තට්ටු කළා.” අපි බයිබලය ගැඹුරින් අධ්‍යයනය කරලා ඒකේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව පියවර ගද්දී කනස්සල්ල එක්ක පොරබැදලා ඒකෙන් ජය ගන්න අපිට පුළුවන්.

මේ සටනේදී ඔයා තනි වෙලා නැහැ!

කනස්සල්ලට මුහුණ දෙන්න නම් යෙහෝවා දෙවියන්ගේ උදව් ඕනෙමයි කියලා දාවිත් තේරුම්ගත්තා. යෙහෝවා දීපු උදව් දාවිත්ට කොච්චර ලොකු හයියක් වුණාද කියලා එයා කියපු මේ වචනවලින් පැහැදිලියි. “මාගේ දෙවිගේ උපකාරය ඇතුව මට මහා පවුරකට වුවත් නැඟිය හැක. සැබෑ දෙවි මාගේ ඉඟටිය, ශක්තිය නමැති පටියෙන් බඳින්නේය.” (ගීතා. 18:29, 32) සමහරවිට අපි මුහුණ දෙන ප්‍රශ්නත් මහා පවුරක් වගේ පෙනෙයි. ඒත් යෙහෝවාගේ උදව්වෙන් ඒ හැම එකක්ම ජය ගන්න අපිට පුළුවන්. ඔව්, යෙහෝවාට යාච්ඤා කරද්දී, යෙහෝවා අපිට කලින් උදව් කරලා තියෙන විදිහ මතක් කරගද්දී, ඔහුගේ මඟ පෙන්වීම් පිළි අරන් අවශ්‍ය පියවර ගද්දී කනස්සල්ලෙන් යටපත් නොවී ඉන්න අපිටත් පුළුවන්.

a දිගින් දිගටම කනස්සල්ලෙන්, මානසික පීඩනයෙන් ඉන්න කෙනෙක්ට සමහරවිට වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න