ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp23 අංක 1 3-4 පි.
  • ලොවම වෙළාගත් මානසික රෝග

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලොවම වෙළාගත් මානසික රෝග
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හොඳ මානසික තත්වයක ඉන්න කෙනෙක් . . .
  • මානසික රෝගී තත්වයක් කියන්නේ . . .
  • මානසික රෝගවලට ප්‍රතිකාර ලබාගැනීම
  • මානසික ගැටලු ගැන ඔබ දන්නවාද?
    2014 පිබිදෙව්!
  • මානසික රෝගවලින් සම්පූර්ණ නිදහසක්
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ඔබේ පවුලේ කෙනෙකුට හෝ මිතුරෙකුට මානසික රෝගයක් ඇත්නම්
    2004 පිබිදෙව්!
  • ‘මානසික සෞඛ්‍යය දරුණුය’
    1999 පිබිදෙව්!
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp23 අංක 1 3-4 පි.
මානසික අවපීඩනයෙන් පෙළෙන කාන්තාවක්.

ලොවම වෙළාගත් මානසික රෝග

“කොයි වෙලෙත් මගේ හිතට ලොකු දුකක්, කාංසාවක් දැනෙනවා. මොනවා කරත් ඒක ඇරිලා යන්නේ නෑ.”

“සතුටින් ඉන්න වෙලාවටත් මට ලොකු බයක් තියෙනවා, ඊළඟ මොහොතේ මං කොහේ හරි මුල්ලකට වෙලා අඬඅඬ ඉඳියිද කියලා.”

“දවසේ කරදර දවසට සෑහේ කිව්වාට හැම දවසකම මට දැනෙන්නේ ජීවිත කාලෙම කරදර මට පන්න පන්න ගහනවා වගේ.”

ඔයාටත් ඒ වගේ සිතුවිලි ඇති වෙලා තියෙනවාද? ඔයා නැත්නම් ඔයා දන්න කියන කෙනෙක් මානසික රෝගී තත්වයක් නිසා දුක් විඳිනවාද?

මේ සටනේදී ඔයා තනි වෙලා නැහැ කියලා මතක තියාගන්න. ඔයා වගේම මානසික සුවය රැකගන්න සටන් කරන මිලියන ගාණක් ලෝකේ වටේම ඉන්නවා.

අපි ජීවත් වෙන මේ “ඉතා අසීරු, අනතුරු සහිත කාලයේ” අපේ මනස අවුල් කරන දාහකුත් දේවල් තියෙනවා. (2 තිමෝති 3:1) ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව අටදෙනෙක්ගෙන් එක්කෙනෙක් මානසික රෝගී තත්වයකින් පෙළෙනවා. කොරෝනා වසංගතය නිසා 2020දී මානසික අවපීඩනයෙන් පෙළෙන අයගේ ගාණ 26%කින් සහ විෂාදයෙන් පෙළෙන අයගේ ගාණ 28%කින් වැඩි වුණා. ඒක කලින් අවුරුද්දට වඩා මිලියන 78ක වැඩි වීමක්.

ඒ කොහොම වුණත් ලොවම වෙළාගත් මානසික රෝග එක්ක සටන් කරලා මානසික සුවය අද්දකින්න ඔයාටත් පුළුවන්.

හොඳ මානසික තත්වයක ඉන්න කෙනෙක් . . .

හැම වෙලේම ඉන්නේ සතුටින්. එයාට එයා ගැනම ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. එදිනෙදා ජීවිතයේ එන හැලහැප්පීම්වලට හොඳින් මුහුණ දීලා ජීවිතය දිහා සුබවාදීව බලන්න එයාට පුළුවන්.

මානසික රෝගී තත්වයක් කියන්නේ . . .

  • ඔයාගේ වරදක් නිසා ඇති වුණ දෙයක් නෙවෙයි.

  • ඒක ඔයාගේ මනස, සිතුවිලි කලතන, හැඟීම්, හැසිරීම් වනසන රෝගී තත්වයක්.

  • ඒක අනිත් අය ගැන හිතන එකෙන් ඔයාව වළක්වනවා. සාමාන්‍ය එදිනෙදා දේවල් පවා දැනෙන්නේ දරාගන්න බැරි මහා ලොකු බරක් වගේ.

  • ඒක ඕනෙම වයසක, සංස්කෘතියක, ආගමක, ජාතියක, අධ්‍යාපන මට්ටමක, සමාජ මට්ටමක ඉන්න කෙනෙක්ට බලපාන්න පුළුවන්.

පින්තූරවල අදහස: 1. දුකෙන් ඉන්න තරුණයෙක්. 2. දුකෙන් ඉන්න බිරිඳව සනසන ස්වාමිපුරුෂයා. 3. වෛද්‍ය උපදෙස් ලබාගන්න කාන්තාවක්.

මානසික රෝගවලට ප්‍රතිකාර ලබාගැනීම

ඔයාගේ නැත්නම් පවුලේ කෙනෙක්ගේ හැසිරීමේ, නිදාගැනීමේ, කන බොන විදිහේ සැලකිය යුතු වෙනසක් තියෙනවාද? පාලනය කරගන්න බැරි තරම් දුකක්, කනස්සල්ලක් දැනෙනවාද? ඒ වගේ තත්වයක් නිකම්ම ඇරිලා යයි කියලා හිතන්න එපා.

මේ පොළොවේ ජීවත් වුණ බුද්ධිමත්ම කෙනා වන යේසුස් ක්‍රිස්තුස් කිව්වේ “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ” කියලයි. (මතෙව් 9:12) නිසි ප්‍රතිකාර ලබාගන්න එකෙන් මානසික රෝග පාලනය කරගෙන සුවදායී දිවියක් ගත කරන්න පුළුවන්. ඒ වගේම ජීවිතයට සතුට කියන දේ ආයෙත් ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා රෝග ලක්ෂණ කාලයක් තිස්සේ තියෙනවා නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න එක තමයි හොඳම දේ.a

බයිබලය වෛද්‍ය අත්පොතක් නෙවෙයි. ඒත් ඒ තොරතුරු ඔයාගේ මනස වෙළාගෙන තියෙන අන්ධකාරය දුරලන්න උදව් වෙයි. ඒ ගැන මේ සඟරාවෙන් කියවන්න කියලා අපි ඔයාට ආරාධනා කරනවා.

a ‘මුරටැඹ’ සඟරාව නිශ්චිත ප්‍රතිකාරයක් නිර්දේශ කරන්නේ නැහැ. ඒක ඔයාම ගන්න ඕනෙ පෞද්ගලික තීරණයක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න