ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp23 අංක 1 10-11 පි.
  • 3 | බයිබල් ආදර්ශවලින් සහනයක් ලබාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 3 | බයිබල් ආදර්ශවලින් සහනයක් ලබාගන්න
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒක කරන්නේ කොහොමද?
  • ඒක උදව් වෙන්නේ කොහොමද?
  • මානසික ස්වභාවයේ අක්‍රමිකතාවකින් පෙළෙන විට
    2004 පිබිදෙව්!
  • උපකාර ලබා දීමට අන්‍යයන්ට හැකි අයුරු
    2004 පිබිදෙව්!
  • පීඩා විඳින්නන්ට බලාපොරොත්තුවක්!
    2004 පිබිදෙව්!
  • 2 | බයිබලයෙන් සහනයක් ලබාගන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp23 අංක 1 10-11 පි.
කලකිරිලා ඉන්න මෝසෙස් ස්වර්ගය දිහා බලාගෙන යාච්ඤා කරනවා.

3 බයිබල් ආදර්ශවලින් සහනයක් ලබාගන්න

බයිබලයේ . . . ‘අප හා සමාන හැඟීම් දැනීම් තියෙන’ හුඟක් අය ගැන කතා කරලා තියෙනවා.—යාකොබ් 5:17.

ඒක කරන්නේ කොහොමද?

බයිබලේ එක එක විදිහේ අමාරු අද්දැකීම්වලට මුහුණ දුන්න පුරුෂයන් සහ ස්ත්‍රීන් ගැන කතා කරනවා. ඒ වාර්තා කියවද්දී සමහරවිට ඔයාට හැඟෙන විදිහටම හැඟුණ තවත් කෙනෙක්ව හොයාගන්න ඔයාට පුළුවන් වෙයි.

ඒක උදව් වෙන්නේ කොහොමද?

අපිව තේරුම්ගන්න පුළුවන් අය අපේ වටේ ඉද්දී ඒක ලොකු සහනයක්. විශේෂයෙන්ම මානසික රෝගයක් එක්ක සටන් කරද්දී අපිට ඒක ඕනෙමයි. බයිබල් වාර්තා කියවද්දී ඔයාගේ වගේ හිත කැළඹුණ, මනස නොසන්සුන් වුණ, තමන් වටින්නේ නැහැ කියලා හිතුණ ඕනෙ තරම් අයව හොයාගන්න පුළුවන් වෙයි. මේ සටනෙදී ඔයා තනි වෙලා නැහැ කියලා එතකොට ඔයාට තේරෙයි.

  • “දැන් නං ඇති” කියලා ඔයාටත් කවදා හරි හිතිලා තියෙනවාද? හැමදේම අතහැරලා දාන්න හිතුණ සමහරු කියපු දේවල් බයිබලේ තියෙනවා. මෝසෙස්, එලියා සහ දාවිත් කියන්නේ එහෙම හිතුණ කීපදෙනෙක්.—ගණන් කතාව 11:14; 1 රාජාවලිය 19:4; ගීතාවලිය 55:4.

  • බයිබලේ හන්නා කියලා කාන්තාවක් ගැනත් කතා කරනවා. එයාට දරුවෝ හිටියේ නැති නිසා එයාගේ ස්වාමිපුරුෂයාගේ අනිත් බිරිඳ එයාට “නින්දා අපහාස” කළා. ඒ නිසා එයාට දැනුණේ උහුලගන්න බැරි දුකක්.—1 සාමුවෙල් 1:6, 10.

  • බයිබලේ යෝබ් කියලා යහපත් කෙනෙක් ගැනත් කතා කරනවා. එයාට එක පිට එක ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. ඒ නිසා එයා කිව්වා “මට ජීවිතේ තිත්ත වී ඇත” කියලා.—යෝබ් 7:16.

මේ බයිබල් චරිත එයාලාගේ ප්‍රශ්නවලින් ගොඩ ආපු විදිහ ගැන කියවද්දී ඔයාව දුර්වල කරන සිතුවිලි බිඳගෙන ඉස්සරහට යන්න ඒක ඔයාට උදව් වෙයි.

බයිබලය කෙවින්ට ආලෝකයක් වුණා

බයිපෝල අසනීපය මට බලපාන විදිහ

යාළුවෝ දෙන්නෙක් එක්ක කෝපි බොන කෙවින්.

“වයස අවුරුදු හතලිස් ගණන්වල ඉද්දී මට බයිපෝල අක්‍රමිකතාව තියෙනවා කියලා හොයාගත්තා. ඒක මං හිතන විදිහට ගොඩක් බලපානවා. ඒ නිසා වෙලාවකට ජීවිතය සුන්දරයි කියලා හිතෙනවා, වෙලාවකට ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙනවා.”

බයිබලය මට උදව් වුණ විදිහ

“බයිබලේ කතා කරන පේතෘස් කියන්නේ මගේ හිතට ගොඩක් සමීප චරිතයක්. වෙච්ච අඩුපාඩුකම් නිසා පේතෘස්ටත් තමන් වැඩකට නැති කෙනෙක් කියලා හිතුණා. ඒත් එයා හිතෙන් මනසෙන් එක තැන හිර වෙලා හිටියේ නෑ. එයාව තේරුම්ගන්න පුළුවන් යාළුවෝ ළඟට පේතෘස් ගියා. මගේ අසනීපය වැඩිම වෙන දවස්වලට මගේ අතින් වෙන පුංචි අඩුපාඩුවක් වුණත් මට පේන්නේ මහා ලොකු අපරාධයක් වගේ. ඒ වෙලාවට මගේ යාළුවෝ මාව සන්සුන් කරනවා.

“බයිබලේ තියෙන දාවිත් රජගේ කතාවත් මට ගොඩක් උදව් වුණා. එයාට ආපු ප්‍රශ්න නිසා, අතීතයේ කරපු වැරදි නිසා එයාත් කලකිරුණ වෙලාවල් තියෙනවා. මටත් ඒ වගේ. මං කියන කරන දේවල් නිසා සමහර වෙලාවට මටත් ලොකු දුකක් දැනෙනවා. ගීතාවලිය 51 දාවිත් කියපු වචනවලට මං ගොඩක් ආසයි. 3වෙනි පදේ එයා කිව්වා “මා කළ වැරදි මම හොඳින් දනිමි. මා කළ පාපය නිතරම මා ඉදිරියේ තිබේ” කියලා. මටත් සමහර වෙලාවට දැනෙන්නේ එහෙමයි. මං ගැනම මහ එපා කරපු හැඟීමක් එනවා. ඒ වගේ වෙලාවට මං 10වෙනි පදේ කියවනවා. එතන කියනවා “අනේ දෙවියනේ, මට පිරිසිදු හදවතක් ලබා දෙන්න. නොසැලී ස්ථිරව සිටීමට හැකි වන පිණිස මා සිතන ආකාරය නිවැරදි කර, අලුත් සිතක් මට ලබා දෙන්න” කියලා. මං හිතන විදිහ හරිගස්සගන්න ඒ විදිහට මාත් දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා. 17 කියනවා “තැළුණාවූ බිඳුණාවූ හදවතක් ඔබ හෙළා නොදකින්නෙහිය” කියලා. ඒක කියවද්දී යෙහෝවා දෙවියන් මට ආදරෙයි කියලා මට දැනෙනවා.

“යෙහෝවා දෙවියන් එදා ඒ වගේ අයට උදව් කෙරුවා නම් අද මටත් උදව් කරනවා. ඒ ගැන හිතන එක මගේ අසනීපේ හොඳටම හොඳ වෙන දවස දිහා ඇස් පිල්ලමක්වත් නොගහා බලන් ඉන්න මට උදව් වෙනවා.”

තව දැනගන්න

jw.org වෙබ් අඩවියට ගිහින් 2004 ජනවාරි 8 ‘පිබිදෙව්!’ සඟරාවේ තියෙන “මානසික ස්වභාවයේ අක්‍රමිකතාවකින් පෙළෙන විට” කියන ලිපිය කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න