ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp23 අංක 1 8-9 පි.
  • 2 | බයිබලයෙන් සහනයක් ලබාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2 | බයිබලයෙන් සහනයක් ලබාගන්න
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒක කරන්නේ කොහොමද?
  • ඒක උදව් වෙන්නේ කොහොමද?
  • යොවුන් සිනහව නැති කරන රෝගය
    2017 පිබිදෙව්!
  • ‘සියලු සැනසිල්ලේ දෙවිගෙන්’ ලැබෙන උපකාරය
    2009 පිබිදෙව්!
  • හානිකර සිතුවිලි මඟහරවා ගනිමු
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මට මෙතරම් අසහනයක් ඇති වන්නේ මන්ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp23 අංක 1 8-9 පි.
බයිබලයෙන් කියවපු දේ ගැන කල්පනා කරන වයසක කෙනෙක්.

2 බයිබලයෙන් සහනයක් ලබාගන්න

බයිබලයේ කියනවා . . . ‘ශුද්ධ ලියවිලිවල ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක. එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු. එලෙසම සැනසිල්ලද අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.’—රෝම 15:4.

ඒක කරන්නේ කොහොමද?

අසුබවාදී සිතුවිලි එක පෙළට මනසේ හැප්පෙන්න එද්දී සැනසිලිදායක බයිබල් වදන්වලට පුළුවන් ඔයාව ශක්තිමත් කරලා ඔයාව එතනින් ඇදලා ගන්න. ඒ වගේම මනසට සම්පූර්ණ සුවයක් ලැබෙන කාලයක් ගැනත් බයිබලේ තියෙනවා.

ඒක උදව් වෙන්නේ කොහොමද?

මේ කාලේ අපි හැමෝගෙම මනසට ලොකු පීඩනයක් දැනෙනවා. ඒත් මානසික ආබාධයක් තියෙන කෙනෙකුට ඒ පීඩනය සිය දහස් ගුණයකින් දැනෙනවා. ඒ වගේ වෙලාවට බයිබලය උදව් වෙන්නේ කොහොමද?

  • අසුබවාදී සිතුවිලි මකන්න උදව් වෙන හුඟක් අදහස් බයිබලේ තියෙනවා. (ෆිලිප්පි 4:8) ඒවාට පුළුවන් හිත නිරවුල් කරගෙන සන්සුන් මනසක් ඇතුව හැඟීම් පාලනය කරගන්න ඔයාට උදව් කරන්න.—ගීතාවලිය 94:18, 19.

  • හිතේ ඇති වෙන නොවටිනා හැඟීම නැති කරගන්නත් බයිබලේ උදව් වෙනවා.—ලූක් 12:6, 7.

  • අපේ නිර්මාතෘට අපිව හොඳින් තේරුම්ගන්න පුළුවන් කියන දේ සහතික කරවන ඕනෙ තරම් වගන්ති බයිබලේ තියෙනවා.—ගීතාවලිය 34:18; 1 යොහන් 3:19, 20.

  • අද ඔයා විඳින දුකට දෙවියන් තිත තියනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. (යෙසායා 65:17; එළිදරව් 21:4) එදාට මේ දේවල් අසුන්දර මතකයන් විදිහටවත් ඔයාගේ මනසට නැඟෙන්නේ නැහැ. ඒ බලාපොරොත්තුව අද ඔයාගේ හිතට ශක්තියක් නෙවෙයිද!

බයිබලය ජෙසිකාට ආලෝකයක් වුණා

විෂාදය මට බලපාන විදිහ

දිගහැරපු බයිබලයක් අතේ තියාගෙන නිදාගෙන ඉන්න ජෙසිකා.

“අවුරුදු 25දී මගේ මනසට තදින්ම බලපාපු දෙයක් නිසා මට විෂාදය නැත්නම් ඩිප්‍රෙෂන් හැදුණා. ගත වුණ මොහොතක් ගාණේ මට ඒ සිද්ධ වුණ දේවල් මැවිමැවී පෙනුණා. දොස්තරලා කිව්වා ඒ සිදුවීම් නිසයි මගේ මනසට පාලනය කරගන්න බැරි මහා අමුතු සිතුවිලි එන්නේ කියලා. ඒවා නිසා මං මනසින් හිටියේ හරිම භයානක තැනක. බෙහෙත් ගන්නවාට අමතරව කීප සැරයක්ම දොස්තර ගාවට ගිහින් මට දැනෙන විදිහ ගැන එයාත් එක්ක කතා කරන්නත් සිද්ධ වුණා.”

බයිබලය මට උදව් වුණ විදිහ

“සමහර වෙලාවට මට දැනුණේ මගේ විෂාදය මාව කොහේ හරි දුර තැනකට අරන් ගිහින් මාව අතරමං කරලා එනවා වගේ. මට හරියට නින්ද ගියෙත් නෑ. ගියත් තත්පරෙන් එකපාරට ගැස්සිලා ඇහැරෙනවා. නරක සිතුවිලි මගේ මනස ඇතුළේ ඉඳන් පහුරු ගානවා වගේ මට දැනුණා. ඒත් ගීතාවලිය 94:19 කියනවා දෙවියන්ට අපිව සන්සුන් කරන්න පුළුවන් කියලා. ඉතින් මං බයිබලේකුයි මාව දිරිගන්වන බයිබල් පද ලියපු පොඩි පොතකුයි මගේ ඇඳ ළඟින් තියාගන්නවා. නින්ද යන්නේ නැති වෙලාවට ඒ බයිබල් පද ටිකක් අරන් කියවද්දී මට දැනෙන්නේ අතරමං වෙලා හිටපු මාව යෙහෝවා දෙවියන් හොයාගෙන එනවා වගේ.

“බයිබලෙන් මං දැනගත්තා දෙවියන් ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා. මං කලින් හිතුවේ දෙවියන්ට මං ගැන කිසිම ගාණක් නෑ, මං කිසිම වැඩකට නැති කෙනෙක් කියලා. ඒත් බයිබලෙන් මං දැනගත්තා යෙහෝවා දෙවියන් අපි එක් එක් කෙනා ගැන කොච්චර නම් සැලකිලිමත් වෙන ආදරණීය තාත්තා කෙනෙක්ද කියලා. මාව මට්ටු කරපු සිතුවිලි පාලනය කරගන්න මං ටික ටික ඉගෙනගත්තා. දෙවියන් මට කොච්චර ආදරේද කියලා තේරුම්ගත්තාම මං වටින්නේ නෑ කියන සිතුවිල්ල මැකිලා ගියා.

“ඉස්සරහට මානසික රෝග විතරක් නෙමෙයි මනසට බරක් වෙන කිසිම සිතුවිල්ලක් එන්නේ නැති දවසක් එනවා. මගේ ජීවිතයේ තිත්ත මතකයන් පිරුණ පිටු පුච්චලා දාන පාරාදීසය එන කල් මං ඇඟිලි ගැනගැන ඉන්නේ. ඒ බලාපොරොත්තුව තමයි මාව ජීවත් කරවන්නේ.”

තව දැනගන්න

jw.org වෙබ් අඩවියට ගිහින් 2009 ජූලි ‘පිබිදෙව්!’ සඟරාවේ තියෙන “‘සියලු සැනසිල්ලේ දෙවිගෙන්’ ලැබෙන උපකාරය” කියන ලිපිය කියවන්න.

සහනයක් ගෙනෙන බයිබල් වගන්ති හොයාගන්න jw.org වෙබ් අඩවියෙන් ගීතාවලිය පොත කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න