ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 102 පි.-107 පි. 2 ¶
  • බටහිර ජාවාවල ලැබූ වර්ධනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බටහිර ජාවාවල ලැබූ වර්ධනය
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • උපමාතෘකා
  • පාප්වරයාගේ ඔටුන්න
  • බාධා මැද මුද්‍රණ කටයුතු
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 102 පි.-107 පි. 2 ¶

ඉන්දුනීසියාව

බටහිර ජාවාවල ලැබූ වර්ධනය

තියඩොරස් රටූ

තියඩොරස් රටූ

1933දී සහෝදර රයිස් සුලවෙසිවල හිටිය තියඩොරස් රටූට ජකාර්තාවල තිබුණු පොත් ගබඩාවේ වැඩ කරන්න එන්න කිව්වා. රටූ මෙහෙම කියනවා. “දෙවිට සේවය කරන්න මට ලොකු ආසාවක් ඇති වුණා. මං සහෝදර රයිස් එක්ක සේවේත් ගියා. පස්සේ කාලෙකදී සහෝදර බිල් හන්ටර් එක්ක ජාවාවලට ගිහිල්ලත් මං දේශනා කළා. ‘ලයිට්බෙයාර’ නැවේ ආව පුරෝගාමීන් එක්ක සුමාත්‍රාවට ගිහින් දේශනා කරන්නත් මට පුළුවන් වුණා.” තියඩොරස් රටූ තමයි සත්‍යය පිළිගත්ත පළවෙනි ඉන්දුනීසියානු ජාතිකයා. ඔහු ජාවා, සුමාත්‍රා සහ උතුරු සුලවෙසිවල දශක ගණනාවක් තිස්සේ පුරෝගාමි සේවය කළා.

දී සහෝදර හන්ටර්, බැංඩුං ඉඳලා ජකාර්තාවට ඇවිත් හිටිය ෆීලික්ස්ටාන්ට පුංචි පොතක් දුන්නා. ඒපොතේ තිබුණේ මැරුණු අයට වෙන දේ ගැනයි. ෆීලික්ස් ගෙදර ගියාම ඔහුගේ මල්ලි ඩෝඩෝටත් ඒ පොත පෙන්නුවා. ඒක කියෙව්වාම ආදම්ට අමරණීය ආත්මයක් තිබිලා නැහැ කියලා තේරුම්ගත්ත මේ දෙන්නා ගොඩක් පුදුම වුණා. (උත්. 2:7) ඒ ගැන තවත් දැනගන්න ඕන වුණ නිසා එයාලා පරණ පොත් තියෙන කඩවල්වලට ගිහින් තවත් අපේ පොත් පත් හෙව්වා. ඒවායෙන් ඉගෙනගත්ත තොරතුරු ගැන පවුලේ අය එක්කත් කතා කළා. පොත් පත් ඔක්කොම කියවලා ඉවර වුණාම මේ සහෝදරයන් ජකාර්තාවේ තිබුණ අපේ පොත් ගබඩාවට ලියුමක් දැම්මා. සිද්ධ වුණේ ඔවුන්ට හිතාගන්නවත් බැරි දෙයක්. සහෝදර ෆ්‍රෑන්ක් රයිස් අලුත් පොත් ටිකකුත් අරගෙන ඔවුන්ව බලන්න ආවා.

ටාන් පවුල

ටාන් පවුල

සහෝදර රයිස් ආයෙත් ජකාර්තාවලට ගියාට පස්සේ, ක්ලෙම් සහ සාන් ඩේෂාන් යුවළ දවස් 15කට බැංඩුංවලට ආවා. ඒ දෙන්නා ෆීලික්ස්වත් ඔහුගේ පවුලේ අයවත් බලන්න ගියා. ෆීලික්ස් මෙහෙම කියනවා. “ඔයාලා බව්තීස්ම වෙන්න ආසද කියලා සහෝදර ඩේෂාන් අපෙන් ඇහුවා. මමයි, ඩෝඩෝයි, මගේ නංගියි (ජොසෆින්), අම්මයි (කාං නියෝ) බව්තීස්ම වුණා.”a ඊට පස්සේ ඒ පවුලේ අය ඩේෂාන් යුවළත් එක්ක එක දිගට දවස් නවයක්ම සේවේ ගියා. බයිබලයේ පණිවිඩය තිබුණු කාඩ්පත් පාවිච්චි කරලා දේශනා කරන විදිහ සහෝදර ඩේෂාන් ඔවුන්ට කියලා දුන්නා. ඒ කාඩ්වල භාෂා 3කින් පණිවිඩය සඳහන් වෙලා තිබුණා. බැංඩුංවල හිටිය පුංචි කණ්ඩායම ඉක්මනින්ම සභාවක් වුණා. ඒක තමයි ඉන්දුනීසියාවේ බිහි වුණ දෙවෙනි සභාව.

පාප්වරයාගේ ඔටුන්න

දේශනා සේවය වර්ධනය වෙද්දී ඒක පූජකයන්ට දරාගන්න බැරි වුණා. ඔවුන් කළේ ආධාරකරුවන් එක්ක එකතු වෙලා අපිට විරුද්ධව පත්තරවලට ලිපි ලියපු එකයි. ඒවා ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් වුණු නිසා ඔවුන් සහෝදර ෆ්‍රෑන්ක් රයිස්ව ගෙන්නලා ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න කළා. ඔහු දුන්න උත්තරවලින් සෑහීමට පත් වුණු නිලධාරීන් සේවය බාධාවක් නැතුව දිගටම කරගෙන යන්න ඉඩ දුන්නා.b

1930 ගණන්වල මුල් කාලයේදී නිලධාරීන් අපේ සේවය එච්චර ගණන් ගත්තේ නැහැ. ඒත් නාට්සි ජර්මනිය යුරෝපයේ පාලනය අතට ගත්තාම තත්වය වෙනස් වුණා. ඒ පාලනයට පක්ෂ කතෝලික ආගමේ මුල් බැහැගෙන හිටපු නිලධාරීන් අපේ සේවයට බාධා කළා. ඒ ගැන සහෝදර ඩේෂාන් කිව්වේ මෙහෙමයි. “දවසක් කතෝලික රේගු නිලධාරියෙක් අපේ පොත් රේගුවෙන් නිදහස් කරන්න බෑ කිව්වා. ඒ පොත්වල තියෙන්නේ නාට්සි පාලනයට විරුද්ධ දේවල් කියලයි එයාලා කිව්වේ. පස්සේ දවසක මම ඒ ගැන පැමිණිලි කරන්න රේගුවට ගියාම අර නිලධාරියා නිවාඩු ගිහිල්ලා. ඒ වෙනුවට එතන හිටියේ කරුණාවන්ත නිලධාරියෙක්. නිවාඩු ගිය කෙනා එන්න කලින් ‘පුළුවන් තරම් පොත් අරං යන්න’ කියලා එයා මට කිව්වා.

“තවත් දවසක ‘සතුරෝ’ (සිංහලෙන් නැත) කියන අපේ පොතේ තිබුණ පිංතූර 2ක් අයින් කරන්න කියලා නිලධාරීන් කිව්වා. ඒ පින්තූරවල හිටියේ සර්පයෙකුයි (සාතන්) බීලා වෙරි වුණ ගණිකාවකුයි (අසත්‍ය උගන්වන ආගම්). ඒ දෙන්නම පාප්වරයාගේ ඔටුන්න දාගෙන ඉන්නවා ඇඳලා තිබුණා.c නිලධාරීන් ඒකට විරුද්ධ වුණේ ඒ නිසයි. ඒත් අපිට ඕන වුණේ කොහොමහරි පොත බෙදාහරින්න. ඒ හින්දා අපි කට්ට අව්වේ එතනම ඉඳගෙන පොත් එකින් එක පෙරළ පෙරළ ඒ පින්තූරවල තිබුණු පාප්වරයාගේ ඔටුන්න කලු පාට කරලා මකලා දැම්මා.”

සර්පයෙක් සහ වෙරි වුණ ගණිකාවක් පාප්වරයාගේ ඔටුන්න පැළඳගෙන ඉන්න පින්තූරයක්

‘සතුරෝ’ කියන පොතේ නිලධාරීන් අයින් කරන්න කිව්ව පින්තූර දෙක

යුරෝපය පුරාම යුද්ධය පැතිරුණ වෙලාවේ පූජකයන් දේශපාලනයට සම්බන්ධ වෙලා තියෙන විදිහ සහ ඔවුන්ගේ කුහකකම් ගැන අපේ පොත් පත්වලින් බය නැතුව එළිදරව් කළා. ඒ නිසා පූජකයන් කළේ අපේ සේවය තහනම් කරන්න කියලා නිලධාරීන්ට බල කරපු එකයි. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අපේ පොත් පත් කිහිපයක්ම ඔවුන් තහනම් කළා.

මොන දේ වුණත් සහෝදරයන්ට ඕන වුණේ සේවේ දිගටම කරගෙන යන්න. (ක්‍රියා 4:20) ඕස්ට්‍රේලියාවෙන් ගෙනාපු මුද්‍රණ යන්ත්‍රය ඒ දවස්වල ඔවුන්ට හුඟක් ප්‍රයෝජනවත් වුණා. පොත් බෙදන්න සහෝදරයෝ පාවිච්චි කරපු උපක්‍රම ගැන සහෝදරි ඩේෂාන් කිව්වේ මෙහෙමයි. “අලුත් පොතක් හරි සඟරාවක් හරි මුද්‍රණය කළාම ඒක බෙදන්න කලින් නිලධාරීන්ගෙන් අවසර ගන්න ඕනේ. ඒ නිසා අපි මෙහෙම වැඩක් කළා. අපි අලුතෙන් මුද්‍රණය කරපු පොත් පත් ඒ සතිය මුලදීම බෙදුවා. අවසර ගන්න අරං ගියේ ඒක බෙදලා දවස් කිහිපයක් ගියාට පස්සේ. ඉතින් නිලධාරීන් ඒ පොත බෙදන්න අවසර දුන්නේ නැති වුණාම අපි දුකෙන් වගේ එතනින් ඇවිල්ලා තවත් අලුත් ඒවා මුද්‍රණය කළා.”

අපේ සහෝදරයෝ පොලීසියෙන් බේරෙන්න එක එක උපායන් යෙදුවා. දවසක් මෙහෙම දෙයක් වුණා. සහෝදර චාල්ස් හැරිස් නැඟෙනහිර ජාවාවල කෙඩිරි නගරයේ සේවේ යද්දී දන්නෙම නැතුව ගිහින් තිබුණේ පොලිස් නිලධාරියෙක්ගේ ගෙදරකට.

“මං ඔයාව අල්ලගන්න තමයි හිටියේ. මං තහනම් කරලා තියෙන පොත් ලිස්ට් අරං එනකං කොහෙවත් යන්න එපා” කියලා නිලධාරියා සහෝදර හැරිස්ට කිව්වා.

“නිලධාරියා ගේ ඇතුලට ගිය ගමන්ම මං තහනම් කරලා තිබුණු පොත් ටික මගේ කෝට් එකේ හොර සාක්කුවලට දාගත්තා. එයා ආවම තහනම් කරලා නැති පොඩි පොත් 15ක් එයාට දුන්නා. වෙන කරන්න දෙයක් තිබුණේ නැති නිසා එයා අකමැත්තෙන් වගේ සම්මාදමකුත් දුන්නා. එතනින් ගියාට පස්සේ හම්බ වුණ අයට මං තහනම් කරපු පොත් ටික බෙදුවා” කියලා සහෝදර හැරිස් කිව්වා.

බාධා මැද මුද්‍රණ කටයුතු

දෙවෙනි ලෝක යුද්ධය යුරෝපය පුරාම ඇවිලිලා ගිය නිසා නෙදර්ලන්තයෙන් ඉන්දුනීසියාවට පොත් පත් ගේන්න බැරි වුණා. ඒ දේ වෙයි කියලා කලින්ම දැනගෙන හිටපු සහෝදරයෝ ජකාර්තාවල සඟරා මුද්‍රණය කරන්න සැලසුම් යෙදුවා. ඒ විදිහට මුද්‍රණය කරපු ‘කොන්සලේෂන්’ (දැන් ‘පිබිදෙව්!’) සඟරාව 1939 ජනවාරි මාසයේදී ඉන්දුනීසියානු භාෂාවෙන් මුල් වරට නිකුත් කළා. ඊටපස්සේ ‘මුරටැඹ’ සඟරාවත් ඉන්දුනීසියානු භාෂාවෙන් නිකුත් කළා. ටික කාලෙකින් සහෝදරයෝ ඔවුන්ටම කියලා පොඩි මුද්‍රණ යන්ත්‍රයක් ගත්තා. 1940දී ඕස්ට්‍රේලියාවෙන් ලොකු මුද්‍රණ යන්ත්‍රයක් ලැබුණ නිසා පොත් පත්, සඟරා ඉන්දුනීසියානු හා ලන්දේසි කියන භාෂා දෙකෙන්ම මුද්‍රණය කරන්න පුළුවන් වුණා. ඔවුන් ඒ දේවල් කළේ තමන්ගෙම වියදමින්.

ජකාර්තාවලට ගෙනාපු මුද්‍රණ යන්ත්‍රය ලොරියෙන් බාමින්

ජකාර්තාවට ගෙනාව පළවෙනි මුද්‍රණ යන්ත්‍රය

1941 ජූලි 28වෙනිදා අපේ හැම ප්‍රකාශනයක්ම තහනම් කළා. ඒ ගැන සහෝදරි ඩේෂාන් මෙහෙම කිව්වා. “මං ටයිප් කර කර ඉන්නකොට එක පාරටම ඔෆිස් එකේ දොර ඇරුණා. පොලිස් නිලධාරීන් 3දෙනෙක් එක්ක රජයේ උසස් නිලධාරියෙක් ඇතුළට ආවා. අපි පුදුම වුණේ නෑ. මොකද අපේ ප්‍රකාශන තහනම් කරන්න යනවා කියලා දවස් 3කට කලින් අපිට ආරංචි වෙලයි තිබුණේ. ඒ නිලධාරියා අපිට පනවපු නියෝගය ඇතුළත් ලියවිල්ලක් කියෙව්වා. ඊට පස්සේ මුද්‍රණ යන්ත්‍රය තියන තැනට ඔහුව එක්කං යන්න කිව්වා. ඔහුට ඕන වුණේ මුද්‍රණ යන්ත්‍රය ඔහුගේ භාරයට ගන්න. ඒත්, ඔයා පරක්කු වැඩියි. අපි ඊයේ ඒක විකුණුවා කියලා මගේ මහත්තයා ඒ නිලධාරියාට කිව්වා.”

තහනම් කරපු ප්‍රකාශනවලට බයිබලය ඇතුළත් වෙලා තිබුණේ නැති නිසා සහෝදරයෝ බයිබලය විතරක් පාවිච්චි කරලා දේශනා කළා. ඔවුන් බයිබල් පාඩම් පවා පැවැත්වුවා. කාලයක් යද්දී යුද්දේ ආසියාවටත් එන ලකුණු දකින්න ලැබුණා. ඒ නිසා වෙනත් රටවල්වලින් ඉන්දුනීසියාවට ඇවිත් හිටිය පුරෝගාමීන්ට මඟ පෙන්වීම් ලැබුණේ ආයෙත් ඕස්ට්‍රේලියාවට යන්න කියලයි.

a පස්සේ කාලෙකදී ෆීලික්ස්ගේ තාත්තයි මල්ලිලා තුන්දෙනෙකුයි බව්තිස්ම වුණා. ඔහුගේ නංගි ජොසෆින් විවාහ වුණේ ආන්ඩ්‍රේ ඉලයාස් සමඟයි. එයාලා ගිලියද් පාසැලටත් ගියා. ඇගේ ජීවිත කතාව 2009 සැප්තැම්බර් ‘පිබිදෙව්!’ සඟරාවෙන් කියවන්න පුළුවන්.

b 2වෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ආයෙත් ඕස්ට්‍රේලියාවට ගිහින් විවාහ වුණ සහෝදර රයිස් මේ පොළොවේ ගත කරපු ජීවිතය අවසන් කළේ 1986දීයි.

c ඒවා ඇඳලා තිබුණේ එළිදරව් 12:9 සහ 17:3-6 පදනම් කරගෙන.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න