ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 24 ලිපිය
  • මේ ලෝකයට සාමය උදා කරන්න බැරි ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ ලෝකයට සාමය උදා කරන්න බැරි ඇයි?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • සාමය ගේන්න මිනිස්සුන්ට බැරි ඇයි? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ සාමය—මොන උල්පතෙන්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කල්පවතින සාමය සැබවින් ම පැමිණෙනු ඇත්තේ කවදා ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 24 ලිපිය
යුධ ගුවන් යානයක්

මේ ලෝකයට සාමය උදා කරන්න බැරි ඇයි?

බයිබලයේ ඒ ගැන කියන දේ

සාමය ගෙන්න මිනිස්සු ගන්න උත්සාහය අසාර්ථක වෙන්න හේතු කිහිපයක් තියෙනවා.

  • මිනිසුන්ව නිර්මාණය කරලා තියෙන්නේ මිනිසාව පාලනය කිරීමේ හැකියාව ඇතුව නෙවෙයි. එහෙම කරන්න මිනිසුන්ට අයිතියකුත් නැහැ. ඒ නිසා මිනිසුන් කොච්චර උත්සාහ කරත් දිගු කාලීන සාමයක් ඇති කරන්න ඒ අයට බැහැ. ‘තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක් නැත’ කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි.—යෙරෙමියා 10:23.

  • හොඳ චේතනා තියෙන පාලකයන්ට පවා යුද්ධවලට මුල්වන හේතුවලට විසඳුම් දෙන්න බැහැ. ‘ගැලවීම ලබා දිය නොහැකි මිනිසුන් කෙරෙහි විශ්වාසය නොතබන්න. ඔවුහු අවසන් හුස්ම හෙළූ පසු නැවත දූවිල්ලට හැරී යන්නෝය. ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය’ කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි.—ගීතාවලිය 146:3, 4.

  • අපි ජීවත් වෙන්නේ දුෂ්ට ලෝකයේ “අවසාන කාලයේ” නිසා බොහෝදෙනාට තියෙන්නේ සාමය ඇති කරන්න ගන්න උත්සාහයන් කඩාකප්පල් කරන ආකල්පයි. “අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු . . . දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර අය වනු ඇත” කියලා බයිබලයේ සඳහන් දේ මොන තරම් ඇත්තද!—2 තිමෝති 3:1-4.

  • දෙවියන්ගේ සතුරා වෙන යක්ෂයා තමාගේ දුෂ්ට ආකල්ප හැම කෙනාටම බෝ කරන්න උත්සාහ කරනවා. යක්ෂයා ‘මේ ලෝකය පාලනය’ කරන තුරු මේ ලෝකයට සාමය උදා වෙන්නේ නැහැ. (යොහන් 12:31) බයිබලයේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “පොළොවටත් මුහුදටත් මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේද! මන්ද තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින යක්ෂයා, මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි.”—එළිදරව් 12:12.

  • සාමයෙන් හා සමාදානයෙන් ඉන්න අපිට තියෙන ආශාව ඉටු කරන්න පුළුවන් දේවරාජ්‍යයට පමණයි. (ගීතාවලිය 145:16) දේවරාජ්‍යය සියලුම දුෂ්ට ආණ්ඩු පොඩි කර විනාශ කරලා දාලා “සදහටම” මේ ලෝකය පාලනය කරනවා.—දානියෙල් 2:44.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න