ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 25 ලිපිය
  • ලෝකයට සාමය උදා වෙන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකයට සාමය උදා වෙන්නේ කොහොමද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • යුද්ධයෙන් සමුගැනීමක්
    1999 පිබිදෙව්!
  • සැබෑ සාමය—මොන උල්පතෙන්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ සාමය සොයා එය ලුහුබඳින්න!
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලෝක සාමය සිහිනයක් නොවේ!
    2002 පිබිදෙව්!
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 25 ලිපිය
විවිධ ජාතීන්ට අයත් ජනයා

ලෝකයට සාමය උදා වෙන්නේ කොහොමද?

බයිබලයේ ඒ ගැන කියන දේ

මේ ලෝකයට සාමය උදා කරන්නේ මිනිසුන් නෙවෙයි. දෙවියන් ඔහුගේ පුත්‍රයා වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් මේ ලෝකයට සාමය උදා කරනවා. ඒ ගැන බයිබලයේ කියන දේ බලන්න.

  1. දෙවියන් ‘පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්තලා,’ “මිහිපිට දෙවිගේ අනුමැතිය ලැබූ මිනිසුන්ට සමාදානය” උදා කරනවා.—ගීතාවලිය 46:9; ලූක් 2:14.

  2. දේවරාජ්‍යය පාලනය කරන්නේ ස්වර්ගයේ සිටයි. (දානියෙල් 7:14) මුළු ලෝකය පාලනය කරන දේවරාජ්‍යය ජාතිවාදය සම්පූර්ණයෙන්ම නැති කරනවා. ගොඩක් ප්‍රශ්නවලට මුල ජාතිවාදයයි.

  3. දේවරාජ්‍යයේ රජු වන යේසුස්ව හඳුන්වන්නේ “සමාදානයේ කුමාරයා” කියලයි. ඔහු පොළොව පාලනය කරද්දී ‘සමාදානය සදහටම පවතිනවා.’—යෙසායා 9:6, 7

  4. ගහමරාගන්න කැමති අයට දේවරාජ්‍යය පාලනය යටතේ ජීවත් වෙන්න අවස්ථාව නැති වෙනවා. මොකද “සැහැසියාවට කැමැත්තක් දක්වන අයට [දෙවියන්] ද්වේෂ” කරනවා.—ගීතාවලිය 11:5; හිතෝපදේශ 2:22.

  5. සාමාදානයෙන් ඉන්න ආකාරය දේවරාජ්‍යයේ යටත්වැසියන්ට දෙවියන් උගන්වනවා. ඒ අධ්‍යාපනය ගැන බයිබලයේ මෙහෙම කියනවා.“ජාතීහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය. ඔවුහු තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.”—යෙසායා 2:3, 4.

සමාදානයෙන් ඉන්න විදිහ ලොව පුරා ඉන්න මිලියන ගණනක් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට දෙවි දැන් පවා උගන්වනවා. (මතෙව් 5:9) අපි රටවල් 230ක් පුරා විසිරිලා හිටියත් විවිධ ජාතීන්ට අයිති වුණත් කාටවත් විරුද්ධව යුද්ධ කරන්න අපි අවි ගන්නේ නැහැ.

සමාදානයෙන් ඉන්න යෙහෝවා දෙවිගේ සෙනඟ ඉගෙනගන්නවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න