ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g94 4/8 30 පි.
  • “අපි කාඩ්පතක් යවමු”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “අපි කාඩ්පතක් යවමු”
  • 1994 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔබගේම කාඩ්පත් සකසා ගැනීම
  • ගැළපෙන පණිවුඩයක්
  • කාඩ්පත් යැවීම සඳහා සුදුසු අවස්ථා
  • මම ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගත යුතුද?
    2000 පිබිදෙව්!
  • ඔයා JW කන්ටැක්ට් කාඩ් එකෙන් සාක්ෂි දරනවද?
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රෙඩිට් කාඩ්පත්—ඒවා ඔබට සේවය කරයිද නැත්නම් ඔබව වහල් කරාවිද?
    1997 පිබිදෙව්!
තව තොරතුරු
1994 පිබිදෙව්!
g94 4/8 30 පි.

“අපි කාඩ්පතක් යවමු”

“එය මොනතරම් ප්‍රසන්න සති අන්තයක් වීද!” මිත්‍රයන් බැහැදැකීමෙන් පසුව නිවසට නැවත හැරී ආ විට, විවේකීව ගත කළ එම කාලය ගැන ඔබට සන්තෝෂවත් මතක සටහන් තිබේ. ඔබට ආගන්තුක සත්කාරය කළ අය කොතරම් සත්කාරශීලී ලෙස ක්‍රියා කළාද! ඔබගේ අගය කිරීම ප්‍රකාශ කිරීම සඳහා: “අපි කාඩ්පතක් යවමු,” කියා ඔබ ඔබගේ පවුලට පවසයි.

කාඩ්පතක් මිලදී ගැනීම සඳහා ප්‍රදේශයේ සාප්පුවකට ඔබ පිටත් වී යයි. ලස්සනට සකස් කරන ලද නමුත් වියවුල්භාවයක් ඇති කරන කාඩ්පත් විශාල සංඛ්‍යාවක් ඔබට දැකගැනීමට ලැබෙයි. ‘මා තෝරාගත යුත්තේ කුමන කාඩ්පතද?’ ‘හරියටම ගැළපෙන වචන ඇත්තේ මොන කාඩ්පතේද?’ කිසිසේත් පහසු තේරීමක් නම් නොවෙයි! එමනිසා ඔබගේම කාඩ්පත සකස්කර නොගන්නේ මන්ද?

ඔබගේම කාඩ්පත් සකසා ගැනීම

ඔබ මුලින් සිතිය හැකි ප්‍රමාණයට වඩා මෙය පහසු දෙයකි. ඔබට අවශ්‍ය වනුයේ හිස් කඩදාසියක් හෝ තුනී කාඩ්පතක්, ලිවීම සඳහා උපකරණයක් සහ නොඅනුමානයෙන්ම පණිවුඩයක්. ඔබ කැමති මෝස්තරයකින් ඔබගේම කැමැත්තට අනුව එය අලංකාර කරගැනීමට ඔබට හැක. ඒ කෙසේද? යෝජනා දෙකක් පහත සඳහන් වේ.

(1) ඔබ කැමති පින්තූරයක් තෝරා ගන්න. එය ඔබගේ කාඩ්පතට ඇලවිය හැකි සඟරාවකින් කපාගන්නා ලද දර්ශනයක් විය හැකිය. එක් භාර්යාවක්, ඔවුන්ගේ 25වන විවාහ සංවත්සරය සැමරීම සඳහා සම්පූර්ණයෙන්ම අලුත් ආකාරයක කාඩ්පතකින් ඇගේ ස්වාමිපුරුෂයාව විස්මයට පත් කළාය. ඔවුන් හවුලේ බෙදාගත් ජීවිතය සඳහා ඇගේ සන්තෝෂය ප්‍රකාශ කිරීම සඳහා ඇය, ඇගේ ස්වාමිපුරුෂයාගේත් ඇගේත් කුඩා ඡායාරූප දෙකක් කපාගෙන ඒවා සරල කාඩ්පතකට ඇලෙව්වාය.

(2) මල් භාවිතා කරන්න. ඒවා එවිටමත් හොඳින් නිර්මාණය වී ඇත. ඒවා තෙරපා වේලා ගැනීමෙන් පසුව, ප්‍රසන්නභාවය සහ අලංකාරය සඳහා ඔබගේ කාඩ්පතට අලවා ගන්න.—කොටුව බලන්න.

ඔබ තෝරාගන්නා පණිවුඩය කුමක් වුවත්, නිසැකවම වැඩිම අගයක් ඇත්තේ ඔබ තෝරාගන්නා පණිවුඩයටයි. ඔබගේම කාඩ්පත් සකස් කරගැනීම ඔබගේ හැඟීම් සැබවින්ම ප්‍රකාශ කරන්නාවූ වචන රචනා කිරීමට ඔබට ප්‍රස්තාව ලබා දෙයි.

ගැළපෙන පණිවුඩයක්

පුරාතනයේ විසූ සාලමොන් රජ, “ප්‍රිය වචන සොයාගන්ට[ත්], ලියා තිබෙන ඒවාද හරිවූ සත්‍යවූ කාරණා.” ලෙස ඉදිරිපත් කිරීමටත් “උත්සාහ කළේය.” (දේශනාකාරයා 12:10) එයාකාරයට වචන තෝරාගැනීමෙන් ඔබගේ පණිවුඩය ලබන්නාට “රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බු” මෙන් වන්නට සලසනු ඇත.—හිතෝපදේශ 25:11.

ප්‍රසන්න බලපෑමක් ලබාදෙන වචන තෝරාගන්න. ඔබගේ අවංක හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා බයිබලයේ දේවානුභාවයලත් වචන සමහරක්ද ඔබට ඇතුළත් කළ හැකිය. ඒවා ඉතා කැමැත්තෙන් පිළිගනු ලැබේවි.

කාඩ්පත මත ඔබ එම වචන ලියන ආකාරයද පණිවුඩයක් නිකුත් කරයි. ඒවා පිළිවෙළකින් යුක්තව මෙන්ම කියවීමට හැකි සේ ලිවීම, පණිවුඩය ලැබෙන පුද්ගලයාට ඔබ ගැන බොහොමයක් හෙළි කරයි.

කාඩ්පත් යැවීම සඳහා සුදුසු අවස්ථා

විවාහයන් වනාහි තමන්ගේ මිත්‍රයන් සහ නෑදෑයන් ආරාධනා කිරීමට යුවළයන් කැමති වන සන්තෝෂවත් අවස්ථාවන්ය. ඔවුන් ප්‍රිය සාදයක් පවත්වනවා නම්, එය ආරම්භවන මෙන්ම අවසන්වන වේලාව ආරාධනා පත්‍රයේ ඇතුළත් කිරීමෙන්, ඈතින් පැමිණෙන අයගේ ශුභසිද්ධිය සඳහා වූ ඔවුන්ගේ සැලකිල්ල ඔවුන්ට ප්‍රකාශ කළ හැක.

කාඩ්පතක් යැවීම සඳහා තවත් අවස්ථාවක් නම් දරුවෙකුගේ උපත විය හැකිය. අලුත පැමිණි පුද්ගලයාගේ දෙමව්පියන්ගේ ප්‍රීතියේ ඔබත් හවුල්වන බව මෙමගින් ඔවුනට දැනගැනීමට හැකි වේ.

එවන් අවස්ථාවන්ට අමතරව, ඇතැම් අය ඔබට සිදුකර තිබෙන කාරුණික ක්‍රියාවන් සඳහා ස්තුතිය ප්‍රකාශ කිරීම කොතරම් කල්පනාකාරී දෙයක් වේද. අසනීප වූවන් සහ රෝහලේ සිටින්නන් සඳහා වූ ඔබගේ ප්‍රේමය සහ සැලකිල්ල සහතික කිරීම සඳහා ඔවුන්ට සහනය ලබා දීමටද ඔබට හැක. ඔබගේ කාඩ්පතේ ඇති ප්‍රීතිමත් සුභපැතුම් මෙන්ම ප්‍රසන්න පින්තූරය කලකිරීම සහ කාන්සාව අඩු කිරීමට උපකාරවත් විය හැකිය. සැබවින්ම, පුරාණයේ හිතෝපදේශයේ පවසන්නාක් මෙන්ම, “කලට සුදුසු වචනය කොපමණ හොඳද!”—හිතෝපදේශ 15:23.

ඈත සිටියත් ළඟ සිටියත්, මරණය නිසා ප්‍රේමනීය පුද්ගලයෙකු අහිමි වූවන්ට ඔබගේ ශෝකය ප්‍රකාශ කරන්න. බයිබලය ඉදිරිපත් කරන නැවත නැගිටීමේ මවිතකර පොරොන්දුව ගැන සිහිගැන්වීමක් යෝග්‍ය විය හැකිය!

එබැවින්, අන්අයට ඔබගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඔබට හැඟෙන ඕනෑම අවස්ථාවකදී, කාඩ්පතක් යැවීමෙන් එසේ නොකරන්නේ මන්ද? කෙසේවෙතත්, හැකි අවස්ථාවකදී පුද්ගලයෙකු සමඟ කෙලින් කථා කිරීමේ තැන මෙය නොගන්න බව සැබෑවකි. ඒ වෙනුවට, එය වනාහි, කරුණාව දැක්වීම සඳහා වූ වැඩිපුර අවස්ථාවකි. g93 8/8

[30 හා 31 පිටුවෙහි ඇති කොටුව]

විශේෂිත සැරසිල්ලක්

තෙරපන ලද මල්වලින් සැරසීම ඔබගේ කාඩ්පත්වලට වැඩි අලංකාරයක් ලබා දිය හැකිය. මෙය වනාහි ඔබගේ කාඩ්පත්වලට විශේෂිත මෝස්තරයක් ලබා දීම සඳහා වූ සරල මෙන්ම මිල අධික නොවන ක්‍රමයකි. ඔබට උපකරණ ඉතා ස්වල්ප ප්‍රමාණයක් අවශ්‍ය වේ.

මල් එකතු කරගැනීම

◻ ඔබට ඕනෑ කරන මල් නෙලා ගැනීම සඳහා ඔබට අවසර තිබෙන බවට සහතික වන්න.

◻ වර්ෂාව තිබෙන වේලාවක මල් කැඩීමෙන් වළකින්න.

◻ පරණ මල් හෝ කොළ කඩන්න එපා.

◻ මල් අපතේ යවන්න එපා.

ඇතැම් මල්වල පෙති ඝනත්වයෙන් වැඩි නම් (බ්ලූබෙල්, ලිලී, උඩවැඩියා) නැතහොත් ඒවාට අමුතු හැඩයක් ඇත්නම් (ඩැෆඩිල්, ලයිලැක්, විශාල රෝස මල්, කටු සහිත පැලෑටි) ඒවා හොඳින් තෙරපෙන්නේ නැත.

මල් තෙරපීම

◻ තෙතමන උරාගන්නා කඩදාසි කොළ දෙකක් අතර තබන ලද මල්, තුනී ලෑලි දෙකක් අතර තද කර තබන්න. කඩදාසි කොළ කිහිපයක් ඊට එකතු කිරීම තෙතමනය උරා ගැනීමට උපකාරවත් වනු ඇත. දිනපතාම මල් වියළෙනවාත් සමඟම තුනී ලෑලි දෙක වඩ වඩා තද කරන්න.

◻ මෙය විවෘත කර බැලීමට පෙර සතියක් පමණ ගතවීමට ඉඩ හරින්න.

◻ මල් නිසි ආකාරයෙන් තෙරපී තිබෙනවාද කියා බැලීමට පරීක්ෂා කරන්න, එමෙන්ම අවශ්‍ය නම්, වියළි කඩදාසි මත නැවතත් සකස්කර ගන්න.

◻ තුනී ලෑලි දෙක නැවතත් තදින් වසා, මල් ඉවත් කරගැනීමට පෙර තවත් සති දෙකක් හෝ තුනකට උණුසුම් වියළි ස්ථානයක එය තබන්න.

මල් ඇලවීම

◻ මැලියම් හැකි තරම් අඩුවෙන් භාවිතා කරන්න.

◻ වියළුණු මල් ප්‍රවේසමින් පරිහරණය කරන්න, ඇතැම්විට ඒ සඳහා කුඩා අඬුවක් භාවිතා කළ හැකිය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න