මිනිසා සහ සත්ත්වයා යන දෙපාර්ශ්වයට ම ඉඩකඩ තිබෙනවා ද?
අප්‍රිකාවේ මෙතරම් බොහෝ ප්‍රදේශවල වන සතුන් අඩු වෙමින් පවතින්නේ මන්ද? (ඉදිරි පිටුවේ කොටුව බලන්න.) මහාද්වීපය මත සිටින ජනගහණයේ සීඝ්‍ර වර්ධනය ඊට හේතුව කියා ඇතමෙක් දොස් නගති.
අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශ, විශේෂයෙන් ම නගරාසන්න ප්‍රදේශ, අධික ජනගහණයකින් පිරී පවතින බව සැබෑවකි. තව ද බොහෝ පිටිසර ගොවීන්ගේ පශු සම්පත හේතු කොට ගෙන පිටිසර පෙදෙස්වල තණකොළ පමණට වැඩිය අනුභව කිරීමෙන් හානියට ලක් වේ. නිදසුනක් වශයෙන්, කෲගර් ජාත්‍යන්තර උද්‍යානයේ මායිම් ඔස්සේ පිහිටා තිබෙන වෙන්ඩා, ගසන්කූලූ සහ කංවානේ නමැති ජනාකීර්ණ ප්‍රදේශ සලකා බලන්න. මෙම කළු ජාතික වාසස්ථාන සකස් කරනු ලැබුවේ දකුණු අප්‍රිකාවේ පෙර තිබූ ආපාතයිඩ් වර්ණ භේද ප්‍රතිපත්තියේ කොටසක් වශයෙනි, එමෙන් ම එහි වර්ග සැතපුමකට 180 සිට 250 දක්වා ජනගහණ ඝනත්වයක් තිබේ. කෲගර් ජාත්‍යන්තර උද්‍යානයේ නිවාඩුවක් ගත කිරීම සඳහා මෙම ප්‍රාන්ත ඔස්සේ ගමන් කිරීම ඇතැම් විට දුක්ඛිත අත් දැකීමක් විය හැකි ය. “මායිම් ඔස්සේ ජීවත්වන ජනතාව . . . දුප්පත් අය ය, බොහෝ විට ඔවුන් රැකියා විරහිත ව සාගින්නෙන් පෙළෙන අය වෙත්,” යනුවෙන් දකුණු අප්‍රිකානු පුවත් පතක් වන සෝවෙටන් පැහැදිලි කරයි. “මායිමෙන් එහා ජීවත්වන සත්තු, සෑම දෙයින් ම බහුලත්වයක් ඇති ව ජීවත් වෙත්,” යනුවෙන් ද නටාල් විට්නස් නමැති තවත් පුවත් පතක් වාර්තා කරයි.
මෑතක ලැබූ වාර්තාවන්ට අනුව, කෲගර් උද්‍යානයේ අධිකාරීන් එහි මායිම්වල ජීවත් වන මිනිසුන්ට උපකාර කිරීම සඳහා තවත් බොහෝ දේ කිරීමට බලාපොරොත්තු වෙති. එහෙත් වැටවල් සියල්ලක් ම අයින් කර, සීමා රහිත ව ප්‍රවේශ වීමට දඩයක්කාරයන්ටත්, එඬේරුන්ටත්, පදිංචිකරුවන්ටත් ඉඩ හැරියොත් කුමක් සිදු වනු ඇත් ද? වෙනත් රටවල සිදු වී තිබෙන පරිදි, අවසානයේ දී වන සතුන්ගෙන් වැඩි හරියක් ම විනාශ කරනු ලබන බවට සංරක්ෂණ අධිකාරීහු බිය පළ කරති.
හොඳින් පාලනය කරන ලද සත්ත්ව සංරක්ෂණ ස්ථාන, වන සතුන් ආරක්ෂා කිරීමෙහි ලා වැදගත් කොටසක් දරයි, ජනාකීර්ණ වූ පෙදෙස්වල එය විශේෂයෙන් සැබෑවකි. තව ද බොහෝ සෙයින් අවශ්‍ය කරවන මුදල් ද විදේශ සංචාරකයන්ගෙන් සංරක්ෂණ ස්ථානවලට උපයාගත හැකි ය. (5වන පිටුවේ කොටුව බලන්න.) “තව ද මෙම ප්‍රදේශ දහස් සංඛ්‍යාත මනුෂ්‍යයන්ට රැකියා ප්‍රස්තා ද සපයා දෙයි—විශේෂයෙන් එසේ ලැබෙන්නේ මෙම සංරක්ෂණ ස්ථාන අවට වාසය කරන අයට ය. තවදුරටත්, මෙය අපගේ උරුමයයි. මෙම ස්ථානවලට වඩා වටිනා ත්‍යාගයක් අපගේ දරුවන්ට තබා යාමට අපට නොහැකි ය,” යනුවෙන් ඉහත යොමු දැක් වූ සෝවෙටන් පුවත් පතේ අප්‍රිකානු වාර්තාකරු මූසා සොන්ඩි පවසයි.
අධික ජනගහණය—එක ම තර්ජනය ද?
අප්‍රිකාවේ වන සතුන්ට ඇති එක ම තර්ජනය අධික ජනගහණය පමණක් නොවෙයි. නිදසුනක් වශයෙන්, එකිනෙකට පොදු මායිම් හවුලේ බෙදා ගන්නා විශාල අප්‍රිකානු රටවල් හතරක් සැලකිල්ලට ගන්න: එනම් නැමීබියාව, බොට්ස්වානා, ඇන්ගෝලාව සහ සැම්බියාව. මෙම රටවල් හතර ම එක් කළහොත් ඉන්දියාවටත් වඩා විශාල ප්‍රදේශයක් සෑදේ, එහෙත් එම රටවල් හතරෙහි ම ජනගහණ ඝනත්වය වනුයේ සෑම වර්ග සැතපුමකට ම පුද්ගලයන් 17 දෙනෙකු පමණි. සෑම වර්ග සැතපුමකට ම 574 දෙනෙක් සිටින ජර්මනිය; සෑම වර්ග සැතපුමකට ම 611 දෙනෙක් සිටින බ්‍රිතාන්‍යය; සහ සෑම වර්ග සැතපුමකට ම 713 දෙනෙක් සිටින ඉන්දියාව ආදී රටවල ජනගහණ ඝනත්වයන් සමඟ සන්සන්දනය කිරීමේ දී එය එතරම් අධික ප්‍රමාණයක් නොවෙයි! ඇත්ත වශයෙන්, මුළු අප්‍රිකාවේ ම ජනගහණ ඝනත්වය, එනම් සෑම වර්ග සැතපුමකට ම 58 දෙනෙක්, ලෝක සාමාන්‍යය වන 103ට බොහෝ සෙයින් අඩු ය.
“අප්‍රිකාවේ ජනගහණය සීඝ්රයෙන් වැඩි වෙමින් පවතිනවා, නමුත් සමස්ත ජනගහණ ඝනත්වය සමහර ස්ථානගත තැන් හැර තවමත් සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පවතී,” යනුවෙන් කොන්සවේශන් ඉන් ඇෆ්රිකා නමැති පොතේ, සැම්බියානු ජාතික රිචර්ඩ් බෙල් පිළිගනියි.
රෝග, විනාශකාරී නියඟ, ජාත්‍යන්තර හොර දඩයම් කටයුතු, සිවිල් සටන් සහ ගම් වාසීන්ගේ නොසැලකිල්ල යන සියල්ල ම අප්‍රිකාවෙහි වන සතුන් පහත බැසීමට දායක වෙයි.
කලින් පැවති සෝවියට් දේශය සහ බටහිර රටවල් අතර තිබූ සුපිරි බල සටන අප්‍රිකාව පුරා ම ඝට්ටන ඇති වීමට හේතු වූ අතර, මහාද්වීපය තුළට ඉහළ වර්ගයේ යුද්ධායුධ දෙපැත්තෙන් ම ගලා එන්නට විය. බොහෝ විට, සාගින්නෙන් පෙළෙන හමුදාවන්ට ආහාර සැපයීමට මෙන් ම, ඇත් දළ, රයිනොසිරස් අං සහ වෙනත් සත්ත්ව ජය සලකුණු හා නිෂ්පාදන විකුණා, වැඩිපුර යුද්ධායුධ ලබා ගැනීම සඳහා, ස්වයංක්‍රීය යුද්ධායුධ සමහරක් බොහෝ විට වන සතුන් වෙත එල්ල කොට තිබේ. ශීත යුද්ධයේ අවසානයත් සමඟ ම වන සතුන්ගේ සීඝ්‍ර විනාශය නතර වුණේ නැත. එම යුද්ධායුධ තවමත් අප්‍රිකාවේ තිබේ. ඇන්ගෝලාවේ පැවතුණු අප්‍රිකාවේ සිවිල් යුද්ධවලින් එකක් සම්බන්ධයෙන් ඇෆ්රිකා සෞත් මෙසේ වාර්තා කරයි: “විසුරුවා හරිනු ලැබූ සටන්කරුවන් කෙරෙහි කිසි ම පාලනයක් නැති හෙයින් යුද්ධ කාලය පුරා ම බහුල වශයෙන් සිදු වූ හොර දඩයම යුද්ධයේ අවසානයෙන් පසු ව සීඝ්රයෙන් ඉහළ ගොස් ඇත.” එමෙන් ම එම යුද්ධය එවක් පටන් යළි ඇරඹී ඇත.
ලබා ගත හැකි විශාල මුදල් ප්‍රමාණය නිසා හොර දඩයක්කාරයෝ බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිත අවදානමට ලක් කරති. “[රයිනොසිරස්ගේ] එක අඟකින් පමණක් ඩොලර් 25,000ක් දක්වා උපයා ගත හැකි” බව, අප්‍රිකානු පුවත් පතක් වන ද ස්ටාර් වර්තා කරයි. සංරක්ෂක ආචාර්ය එස්මන්ඩ් මාටින්, 1988 දී ආසියානු රටක් බැහැ දැකීමට ගිය අතර වසර තුනක් ඇතුළත රයිනොසිරස්ගේ අං රාත්තලක මිළ ඩොලර් 695 සිට ඩොලර් 2,114 දක්වා ඉහළ නැග තිබූ බව සොයා ගත්තේ ය.
මුලින් පහර දෙනු ඇත්තේ කවුද?
ඇත් දළ මෙන් ම රයිනොසිරස්ගේ අංවලට තිබෙන ඉල්ලුම නිසා මතු වී ඇති තර්ජනයට අවධානය යොමු කිරීම සඳහා ප්‍රබල පියවර රැගෙන තිබේ. වර්ෂ 1989 ජූලි මාසයේ දී, ඩොලර් මිලියන තුනක් හා හයක් අතර වටිනාකමකින් යුත්, ටොන් 12ක, විශාල ඇත් දළ ගොඩක්, කෙන්යාවේ ජනාධිපති ඩැනියෙල් ඇරප් මෝයි විසින් ගිනි තබනු ලැබීම ලොව පුරා රූපවාහිනි නරඹන්නන් මිලියන සංඛ්‍යාවක් විසින් නරඹනු ලැබී ය. කෙන්යාවේ වන සත්ත්ව අධ්යක්ෂ, ආචාර්ය රිචර්ඩ් ලීකීගෙන් එබඳු නාස්තියක් සාධාරණ බවට ඔප්පු කළ හැක්කේ කෙසේ ද කියා අසනු ලැබී ය. “අප තවමත් ඇත් දළ විකුණනවා නම්, අමෙරිකාවේ, කැනඩාවේ හෝ ජපානයේ සිටින අය එය මිලට ගැනීම නතර කළ යුතු බව ඒත්තු ගැනීමට අපට නොහැකි වනු ඇත,” යයි ඔහු පිළිතුරු දුන්නේ ය. ඇත්ත වශයෙන් ම, එබඳු පියවර බොහෝ මනුෂ්‍යයන් ව කොතරම් කම්පනයට පත් කළා ද කිවහොත් ඇත් දළ ව්‍යාපාරය මත තිබූ ජාත්‍යන්තර තහනමට සහයෝගය දැක්වීමට ඔවුන් පටන් ගත්හ. ඇත් දළ නිෂ්පාදනවලට තිබූ ඉල්ලුම තියුණු ලෙසින් පහළ බැසී ය.
රයිනොසිරස් සම්බන්ධයෙන් නම්, තත්ත්වය වෙනස් ය. වර්ෂ 1990 දී කෙන්යාවේ ජනාධිපති, ඩොලර් මිලියන ගණනාවක් වටිනා රයිනොසිරස්ගේ අංවලට ගිනි තැබූ නමුත්, ඉල්ලුම තවමත් පවතී. (9වන පිටුවේ ඇති “රයිනොසිරස්ගේ අං එතරම් ජනප්‍රිය වීමට හේතුව,” නමැති කොටුව බලන්න.) පහත බසින රයිනොසිරස් සංඛ්‍යාව රැක ගැනීම සඳහා, මෙම සත්ත්වයන්ගේ අං කපා දැමීමට ඇතැම් රටවල් පියවර ගෙන තිබේ. මුලින් පහර දෙන්නේ නිසල කරවන එන්නත රැගෙන යන සංරක්ෂකයා ද, නැතහොත් මාරක ස්වයංක්‍රීය ආයුධය ඇති දඩයක්කාරයා ද යන්න සහතික කිරීම ඉතා දුෂ්කර සටනකි.
සංරක්ෂණය කිරීමේ නව නැඹුරුවාවක්
පිටිසර මිනිස්සු සතුන් සොයා යන ආකාරය බටහිර දඩයක්කාරයන් සහ සංරක්ෂකයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ අගය කොට තිබේ. බොහෝ අප්‍රිකානුවන් හට වන සතුන් පිළිබඳ ව අපූරු දැනුමක් තිබීම පිළිගත යුත්තකි. “මෙම දැනුමෙන් විශාල කොටසක් මුඛ පරම්පරාවෙන් පතුරුවනු ලබන අතර අප්‍රිකානුවන් පිටිසරබද ප්‍රදේශ අත්හැර නගරයට යන විට ඊට තර්ජනයක් එල්ල වෙයි . . . එහෙයින් මානව විද්‍යාඥ ලෙස්ලි බ්රවුන්රිග් හඳුන්වා දුන් දෙය, එනම් ‘මිනිසා විසින් කරන ලද විද්‍යාත්මක පර්යේෂණයේ මිනිස් ශතවර්ෂ බොහොමයක්’ අහිමි වීමේ උවදුරට ලෝකය මුහුණ දෙයි,” යනුවෙන් ඇෆ්රිකා ඉන් ක්‍රයිසිස් නමැති තම පොතේ ලොයිඩ් ටිම්බර්ලේක් පැහැදිලි කරයි.
අතීතයේ දී, යටත් විජිත ආණ්ඩු ක්‍රම මගින් ශතවර්ෂ ගණනාවකට ආහාර සඳහා වන සතුන් මත රැඳී සිටියා වූ ගැමියන් ව පිටත් කරමින් එම ස්ථානවල ජාත්‍යන්තර උද්‍යාන පිහිටුවන ලදි. දැන් ඇතැම් අප්‍රිකානු ආණ්ඩු මගින් බොහෝ කලකට නොසලකා හරිනු ලැබූ මෙම පිටිසරබද ගොවීන්ගේ උපකාරය පතනු ලැබේ. “බොහෝ දකුණුදිග අප්‍රිකානු රටවල, වන සතුන් කෙරෙහි සම්පූර්ණ බලය රජය විසින් අන් අයට පවරා දී තිබේ. සැම්බියාවේ සත්ත්ව පරිපාලන ප්‍රදේශ 31න් 10ක ජීවත්වන පිටිසරබද සමාජවලට වන ජීවීන් කෙරෙහි හිමිකම් පැවරී ඇත; හොර දඩයම පුදුම සහගත අන්දමකින් පහළ බැස තිබෙන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් වන සතුන්ගේ සංඛ්‍යාවන් නැවත ඉහළ නගිමින් පවතින බව පෙනෙන්නට තිබේ” යනුවෙන් වර්ල්ඩ්වොච් ආයතනය වාර්තා කරයි. නැමීබියාවේ කෞකෝලන්ඩ්වල කළු රයිනොසිරස් හා කාන්තාර ඇතුන් අතර ද, දකුණු අප්‍රිකාවේ කංවානේ අභය භූමිවල ද, වෙනත් අප්‍රිකානු රටවල ද දැකිය හැකි පරිදි, පිටිසරබද වාසීන් සත්ත්ව සංරක්ෂණයට සම්බන්ධ වීමෙන් ලැබී තිබෙන සාර්ථකත්වය පිළිබඳ ව ද වාර්තා තිබේ.
ඉදිරිය සඳහා හොඳ යමක් ඉඟිකරන මෙම නැඹුරුවාව තිබෙන නමුත්, සංරක්ෂක නිලධාරීහු අනාගතය ගැන තවමත් සැලකිල්ලෙන් සිටිති. වැඩි ම වුණොත් මෙම නව එළැඹීම තාවකාලික විසඳුමක් පමණි. දීර්ඝ කාලීන ව ගත් කළ, මිනිස් වර්ගයාගේ සීඝ්‍ර ජනගහණ වර්ධනය තවමත් තර්ජනයක් වේ. “ඊළඟ ශතවර්ෂය තුළ, මිනිස් ජනගහණය අඩු ම වශයෙන් බිලියන 5කින් වැඩි විය හැකි බව අපේක්ෂා කෙරේ, මෙය බොහෝ දුරට සිදුවනු ඇත්තේ, වර්ධනය වෙමින් පවතින රටවල ය, මෙම රටවල් ද වන සතුන් සඳහා ග්‍රහයා මත තිබෙන අන්තිම සරණය බවට පත්වීම පුදුමයක් විය යුතු නැත.”
මිනිස් ජනගහණය පාළුකර ප්‍රදේශවලට ව්‍යාප්ත වී යනවාත් සමඟ ම, මිනිසා සහ සත්ත්වයා අතර ඝට්ටනයක් මතු වෙයි. “නිදසුනක් වශයෙන් අලි, හිපොපොටේමස්, රයිනොසිරස්, මී හරක්, සිංහයා සහ කිඹුලා මෙන් ම, වඩාත් විශාල වර්ගයේ කුරංඟයෝ, වානරයන් සහ ඌරන් ආදී විශාල අප්‍රිකානු සත්ත්වයන්ගේ විශේෂණ ගණනාවක් පිටිසරබද සංවර්ධන ක්‍රම බොහොමයකට ගැළපෙන්නේ නැත,” යයි කොන්සර්වේශන් ඉන් ඇෆ්රිකා නමැති පොත පැහැදිලි කරයි.
අප්‍රිකාවේ වන සතුන්ගේ දිගු කාලීන ආරක්ෂාව සඳහා මිනිසාට විසඳුමක් නොමැති හෙයින්, විසඳුමක් ඇත්තේ කාට ද? g93 11/8
[7 පිටුවෙහි ඇති කොටුව]
“මී හරක්, 55,000 සිට 4,000ටත් වඩා අඩු වී ඇත, කුරංඟයන්, 45,000 සිට 5,000ටත් වඩා අඩු වී ඇත, සීබ්රාවුන්, 2,720 සිට 1,000ට පමණ බැස ඇත, තව ද හිපොපොටේමස් 1,770 සිට 260ට පමණ ගණනින් පහළ වැටී ඇත.”—ඇෆ්රිකන් වයිල්ඩ්ලයිෆ් සඟරාවේ 1992 මාර්තු⁄අප්‍රියෙල් කලාපයේ වාර්තා වූ, මොසැම්බික් හි මාරෝමීයූ ඩෙල්ටාවේ වර්ෂ 1979 සහ 1990 දී පවත්වනු ලැබූ ගුවන් පර්යේෂණ දෙකක සන්සන්දනයකි.
“වර්ෂ 1981 දී සීබ්‍රාවෝ 45,000ක් පමණ [උතුරු බොට්ස්වානා] හි තණ බිම් හා වනාන්තර ඔස්සේ සංක්‍රමණය කළහ. එහෙත් 1991වන විට එම ගමනෙහි යෙදුණේ සතුන් 7,000ක් විතර පමණි.—පැටර්න්ස් ඉන් ද ග්‍රාස් නමැති වන සතුන් සම්බන්ධ වීඩියෝව පිළිබඳ ව ගෙටවේ සඟරාවේ 1992 නොවැම්බර් කලාපයේ පළ වූ සමාලෝචනයෙන් ගන්නා ලදි.
“[බටහිර අප්‍රිකාවේ ටෝගෝ] නගරය බලන්නට අප ගිය විට, ෆොස් ඕ ලියොං අභය භූමියේ සිත්ගන්නා මෙන් ම බලාපොරොත්තු නොවූ කැලෑ ඇතුන් සංඛ්‍යාවක් අපට දක්නට ලැබිණ . . . වර්ෂ 1991 මාර්තු මාසයේ දී ගනු ලැබූ ගුවන් සංඛ්‍යා ලේඛනයකින් එම සතුන් 130ක් සිටින බව වාර්තා කරන ලදි. . . . [එහෙත් වසරකටත් වඩා අඩු කාලයකින්,] ෆොස් ඕ ලියොං හි සිටින ඇතුන්ගේ සංඛ්‍යාව 25 දක්වා පහළ බැස ඇත.—ඇෆ්රිකන් වයිල්ඩ්ලයිෆ් සඟරාවේ 1992 මාර්තු⁄අප්‍රියෙල් කලාපයේ වාර්තා කරන ලදි.
[සිතියම]
සත්ත්ව විශේෂ බොහොමයක් ආරක්ෂා කිරීමෙහි ලා අප්‍රිකානු අභය භූමි වැදගත් කාර්යභාරයක් ඉටු කරයි
අප්‍රිකාව
මොරොක්කෝව
බටහිර සහරාව
මොරිටේනියා
ඇල්ජීරියා
මාලි
ටියුනීසියාව
ලිබියාව
නයිජර්
නයිජීරියාව
ඊජිප්තුව
චැඩ්
සුඩානය
ජිබුටී
ඉතියෝපියාව
මධ්‍යම
අප්‍රිකානු සමූහාණ්ඩුව
කැමරූන්
කොංගෝ
කාබින්ඩා (ඇන්ගෝලා)
ගැබෝන්
ෂයරෙ
උගන්ඩාව
කෙන්යාව
සෝමාලියාව
ටැන්සානියාව
ඇන්ගෝලාව
සැම්බියාව
මලාවි
නැමීබියාව
සිම්බාබ්වේ
මොසැම්බික්
බොට්ස්වානා
මැඩගස්කරය
දකුණු අප්‍රිකාව
ලිපියේ සඳහන් ප්‍රදේශ
ප්‍රධාන ජාත්‍යන්තර උද්‍යාන
සෙනිගාල්
ගැම්බියා
ගිනි-බිසොව්
ගිනියා
බර්කිනා ෆසෝ
බෙනින්
සියරා ලියොන්
ලයිබීරියා
කෝට් ඩෙව්වාර් (අයිවරි කෝස්ට්)
ඝානාව
ටෝගෝ
සමක ගිනියා
රුවන්ඩා
බුරුන්ඩි
ස්වාසිලන්තය
ලෙසතෝ
ෆොස් ඕ ලියොං පරිසර සංරක්ෂණ භූමිය
මසායි මාරා වන සත්ත්ව සංරක්ෂණ භූමිය
සෙරන්ගෙටි ජාත්‍යන්තර උද්‍යානය
මැරොමියු ඩෙල්ටාව
කෲගර් ජාත්‍යන්තර උද්‍යානය
මධ්‍යධරණී මුහුද
රතු මුහුද
ඉන්දියන් සාගරය
[9 පිටුවෙහි ඇති කොටුව]
රයිනොසිරස්ගේ අං එතරම් ජනප්‍රිය වීමට හේතුව
“ත්‍රී ලෙග්ස් බ්‍රෑන්ඩ්, උණට එරෙහි ව ක්‍රියා කරන රයිනොසිරස් අං ද්‍රාවණය.” එය වනාහි, රයිනෝ නමැති පොතේ කර්තෘවරු, ඩැරිල් සහ ශානා බැල්ෆොර් පවසන ආකාරයට, මලයාසියාවේ විකුණනු ලබන ජනප්‍රිය ඖෂධයක නමයි. ඖෂධයක් යයි සලකනු ලබන මෙම ද්‍රාවණයේ ලේබලයෙහි මෙම පණිවුඩය අඩංගු වේ: “මෙම ඖෂධය සුපරීක්ෂාකාරී ලෙස සකස් කොට ඇත්තේ තෝරන ලද හොඳ ම රයිනොසිරස් අංවලින් හා ප්රවීණයන්ගේ ඍජු අධීක්ෂණය යටතේ ය. මෙම පුදුමාකාර ඖෂධය මැලේරියාව, අධික උණ, හෘදය සහ අත් පාවලට බලපාන උණ, දේශ ගුණය නිසා ඇති වන කැරකිල්ලට විරුද්ධ ව ද, ඔල්මාදය, දත් කැක්කුම යනාදියෙන් ක්ෂණික සහනය දීමෙහි ද මන්ත්‍රයක් මෙන් ක්‍රියා කරයි.”—ඇද අකුරු අපගේ.
ආසියාවේ රටවල එවන් විශ්වාසයන් පැතිර පවතී. ආසියාවේ බොහෝ රටවල, රයිනොසිරස් අං දියරයක් හෝ කුඩු ආකාරයෙන් පහසුවෙන් ලබා ගත හැකි ය. එහි ජනප්‍රියත්වයට බාධා කිරීමේ අපේක්ෂා ඇති ව, බැල්ෆොර් යුවළ මෙසේ කියති: “රයිනොසිරස්ගේ අංවලින් ස්වල්පයක් ගැනීම, හරියට ඔබගේ නියපොතු හපනවාක් මෙන් කිසි ම ඖෂධීය වටිනාකමක් නැත.”
යේමනයේ, රයිනොසිරස්ගේ අං වෙනත් හේතුවක් නිසා උසස් කොට සලකනු ලබයි—එනම් කිරිච්චි මිට සෑදීමට ගන්නා ද්‍රව්‍යයක් වශයෙනි. හැත්තෑ ගණන්වල දශකය පුරා ම ටොන් 22කට වඩා වැඩි ප්‍රමාණයක් රට තුළට ආනයනය කරනු ලැබූ අතර, ඒ සඳහා ගැළපෙන වෙන යමක් සොයා ගැනීම දුෂ්කර දෙයකි. “කල් පැවතීම මෙන් ම පෙනුමෙන් රයිනොසිරස්ගේ අං තරම් හොඳ වෙන කිසි දෙයක් නොමැති බව යේමනයේ වැසියෝ සොයාගෙන තිබෙන බව” බැල්ෆොර් යුවළ පැහැදිලි කරති. “[කිරිච්චි මිට] පරණ වෙන්ට වෙන්ට ඒවාට වඩාත් හොඳ පෙනුමක් ලැබෙයි, පරණ වෙත් ම තෘණමණීවලට සමාන විනිවිද පෙනෙන ගතියක් ඒවාට ලැබෙයි.”
[8 පිටුවෙහි ඇති පින්තූර]
2,720
55,000
1,000
3,696
1979 සීබ්රා ගහණය 1990
1979 මී හරක් සංඛ්‍යාව 1990
1,770
45,000
260
4,480
1979 හිපොපොටේමස් ගහණය 1990
1979 කුරංඟ ගහණය 1990
1979 සහ 1990 සඳහා සන්සන්දනාත්මක නැඹුරුවාවන් මාරෝමීයූ ඩෙල්ටාවේ වන සත්ත්ව ගහණයෙන් දක්නා ලදි
[හිමිකම් වඟන්තිය]
Bottom left: Safari-Zoo of Ramat-Gan, Tel Aviv