දස දෙසින්
අප්රිකාව ගැන විපරමක්
අප්රිකාවේ මිනිසුන්ගේ ජීවන තත්වය ඉහළ නංවන්න විවිධ සංවිධාන හා පුද්ගලයන් උත්සාහ කරනවා. ඒත් අප්රිකාවේ විසඳන්න බැරි විශාල ප්රශ්න තවමත් තියෙනවා.
රයිනෝ දඩයම
දකුණු අප්රිකාවේ 2007දී රයිනෝවන් 13දෙනෙක්ව නීති විරෝධී ලෙස දඩයම් කරලා තිබුණා. 2013දී ඒ ගණන 1,004ක් දක්වා ඉහළ ගිහින්. රයිනෝවන්ගේ අං කොච්චර ලැබුණත් තවමත් ඒවාට තියෙන්නේ ලොකු ඉල්ලුමක්. රයිනෝ අං කිලෝවක මිල රත්තරන් කිලෝවක මිලට වඩා වැඩියි. එක අඟක් ඩොලර් ලක්ෂ පහක් විතර වටිනවා.
ටිකක් හිතන්න. ආණ්ඩුවලට නීති විරෝධී වැඩ නතර කරන්න පුළුවන් වෙයිද?—යෙරෙමියා 10:23.
අල්ලස් ගැනීම
නැඟෙනහිර අප්රිකාවේ රටවල් කීපයක් ලෝකයේ වැඩියෙන්ම අල්ලස් ගන්න රටවල් කියා එක් ආයතනයක් පවසනවා. ඒත් අල්ලස් ගැනීම් 90%ක් විතර වාර්තා වෙන්නේ නැහැ. ඒකට හේතුව “ආණ්ඩුව ඒ ගැන පියවරක් ගනියි කියලා මහජනයාට විශ්වාසයක් නැතිකමයි” කියලා කෙන්යාවේ ඒ ආයතනය නියෝජනය කරන කෙනෙක් කිව්වා.
බයිබලයේ කියන්නේ මෙහෙමයි. “බුද්ධිමත්ව විනිශ්චය කරන කෙනෙකුව පවා අල්ලසකින් නොමඟ යැවිය හැකියි.”—නික්මයාම 23:8.
අප්රිකාවේ ඉන්ටනෙට් භාවිතය
2014 අවසන් වෙද්දී අප්රිකාවේ වැසියන්ගෙන් 20%ක් විතර ඉන්ටනෙට් පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙයි කියලා අන්තර්ජාතික විදුලි සංදේශ සංගමය (ITU) හිතනවා. ලෝකයේ අනිත් රටවලට සාපේක්ෂව අප්රිකාවේ ජංගම උපකරණවලට ඉන්ටනෙට් පහසුකම් ලබාගන්න අයගේ ගණන දෙගුණයකින් වැඩි වෙමින් පවතිනවා.