ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 11/8 25-27 පි.
  • ඒ වටිනා අං පිටුපස සිටින සත්වයා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඒ වටිනා අං පිටුපස සිටින සත්වයා
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • කැමතිම විනෝද ක්‍රියාව
  • කුමන වර්ගයද?
  • ඒ වටිනා අං
  • මිනිසා සහ සත්ත්වයා යන දෙපාර්ශ්වයට ම ඉඩකඩ තිබෙනවා ද?
    1994 පිබිදෙව්!
  • අප්‍රිකාව ගැන විපරමක්
    2015 පිබිදෙව්!
  • උන්ගේ අනාගතය අඳුරු මන්ද?
    2004 පිබිදෙව්!
  • ලෝකය දෙස බැලීම
    1994 පිබිදෙව්!
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 11/8 25-27 පි.

ඒ වටිනා අං පිටුපස සිටින සත්වයා

දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි

හදිසියෙන්ම, රයිනෝසිරස් අධිවේගයකින් පහර දෙන්ට විය. එම මිනිසා පැත්තකට කඩා බිඳගෙන ගොස්, අසල තිබුණාවූ කුඩා ගසක් දෙසට මහත් වේගයකින් දිව ගියේය. එහෙත් ඔහුට ආරක්ෂාව සඳහා පලා යෑමට කාලයක් නොදී, එම රයිනෝසිරස් විස්මයජනක ශීඝ්‍රතාවකින් හැරුණේය. ඔහුව, කීපවාරයක්ම ගස වටා එළවනු ලැබීය, පසුව උගේ අඟට අසුවී ඉහළට විසි කරනු ලැබීය. එම අසරණ මිනිසා රයිනෝසිරස්ගේ උරහිස මතට වැටී, පොළොවට විසිවිය. ඔහු එතැන දිගාවී සිටියේ මරණය දක්වා පාගා දමනු ලැබීමේ හෝ අනිනු ලැබීමේ බලාපොරොත්තුවෙනි. රයිනෝසිරස් ඉදිරියට පය තැබුවාත් සමඟම, එම මිනිසා තම පාදය ඉහළට එසෙව්වේය, නමුත් එම රයිනෝසිරස් නිකම්ම ඉව බලා, හෙමින් ඉවතට දිව ගියේය!

මේ විපරම්කාරි, කලහප්‍රිය, පහසුවෙන්ම කම්පනයට පත්වන—අප්‍රිකාවේ කළු රයිනෝසිරස්ය. රයිනෝගේ ඉව ඇල්ලීමේ සහ ශබ්ද ඇසීමේ විශිෂ්ට හැකියාව හේතුවෙන්, (උගේ ඇස් පෙනීම දුර්වල වන බැවින්), ඌට නොපෙනෙන යම් දෙයක් ගැන අනතුරු ඇඟවුවහොත්, එය දුම්රියක් හෝ සමනලයෙක් හෝ කුමක් හෝ වේවා, ඌ කලබලයෙන් යුක්තව එම ප්‍රභවය වෙතට වේගයෙන් දිව යන්නේය! උරහිස් දක්වා උස මීටර් 1.5ක් සහ බර කිලෝග්‍රෑම් 1,000ක් පමණ වුවත්, ඌට පැයකට කිලෝමීටර් 55ක පිම්මෙහි දිවීමට සහ තමා වටේටම කැරකිය හැක!

සමහර අවස්ථාවලදී උගේ දිව ඒමේ වේගය නිකම්ම මවාපෑමක් හෝ හුදු විනෝදයට කරන යමක් පවා විය හැක. “දූවිලි වැඩියෙන් ඇවිස්සුනු තරමටම, රූෆස් සතුටු වුණා” යයි කලක් රූෆස් නම් කළු රයිනෝ නාම්බෙකුව, අයිතිව සිටි, යුවිලීන් කාර්නී පවසයි. රූෆස්, පඳුර අතරින් “හුස්ම ඇර ශබ්ද කරමින්, හති දමමින්, කඩා බිඳගෙන මහත් වේගයකින් වත්තට දුව ඇවිත්, එකපාරටම ඉස්තෝප්පුව ඉදිරියේ නැවතී, ගම්භීර ලෙස පඩි පෙළ දිගේ ඇවිද, [ඇගේ] හාන්සි පුටුව අසල වැතිරුණු අන්දම ඈ ආශාවෙන් සිහිපත් කරයි.”

මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර ඇති බොහෝදෙනෙකු විසින්, කළු රයිනෝසිරස් කෙරෙහි මෙවන් ස්නේහයක් දක්වනු ලැබේ. කෙසේවෙතත්, මනුෂ්‍යයන් අතර මෙන් රයිනෝ අතරද, පෞරුෂත්ව විවිධත්වයක් තිබෙන බවට ඔවුහු සියලුදෙනාම එකඟ වෙති. එසේනම්, ඇත්තෙන්ම කිපෙනසුලු සත්වයාගෙන් පරෙස්සම් වන්න! කළු රයිනෝසිරස්ව “කිසිවිටකවත් විශ්වාස නොකළ යුතු බවත්, ඌට සැලකිය යුතු ප්‍රමාණයක දුරකින් සිටිය යුතු” බවත්, දකුණු අප්‍රිකාවේ සත්වයන් සම්බන්ධයෙන් ජනප්‍රිය ක්ෂේත්‍ර උපදේශක පොතක් අනතුරු අඟවයි. කනගාටුවට කාරණය නම්, ඌගේ ආක්‍රමණශීලීභාවයට බොහෝදුරට හේතු වන්නේ, මිනිසාගේ හිරිහැරයි. මනුෂ්‍යයා තමාම රයිනෝසිරස්ට ඇති එකම සතුරා කරගෙන තිබෙන බව, කලින් විස්තර කරනු ලැබූ රයිනෝ ප්‍රහාරයට ගොදුරු වී ජීවිතය බේරාගත් මහාචාර්ය රුඩොල්ෆ් ෂෙන්කල්, කනගාටුවෙන් යුක්තව කියයි.

අප්‍රිකාවේ අනික් රයිනෝසිරස් වන සුදු රයිනෝ ගැන කුමක් කිව හැකිද? උගේ සාමාන්‍යයෙන්ම ශාන්ත ස්වභාවය ගත් කල, ඌ සහ උගේ චණ්ඩ ඥාතියා අතර කැපීපෙනෙන වෙනසක් පෙනේ. තවද ඌ කළු රයිනෝට වඩා ප්‍රමාණයෙන් දෙගුණයක් පමණ වන අතර, ගොඩබිමේ සිටින විශාලම සත්වයන් අතරින් තුන්වන ස්ථානය ගනී. උගේ දැවැන්ත හිස කෙතරම් බරද කිවහොත්, එය ඉසිලීමට මිනිසුන් හතරදෙනෙකු අවශ්‍යය! එහෙත්, ඌ තම කළු ඥාතියා මෙන් ශීඝ්‍රගාමීය.

වනයේදී මිනිසෙකුට සුදු රයිනෝවෙකුව මුණගැසුණහොත්, ඌ සාමාන්‍යයෙන් මිනිසා දැකීමෙන්, ශබ්දය ඇසීමෙන් හෝ ඉවෙන් පමණක් බිය වී පලා යයි. කෙසේනමුත්, මෙය සැහැල්ලුවට නොගත යුතු බව, ඩැරල් සහ ෂාර්නා බැල්ෆෝර් තමන්ගේ රයිනෝ නම් පොතේ අනතුරු අඟවා තිබේ. “මෑත වර්ෂවලදී කළු රයිනෝවන්ට වඩා සුදු රයිනෝවන් විසින් අනතුරු සිදු කර තිබෙන” බවත්, මෙය සමහරවිට මිනිසා ඌට දක්වන “ගෞරවයේ ඌනතාවක්” නිසා බවත්, ඔවුන් තවදුරටත් සඳහන් කරයි.

කැමතිම විනෝද ක්‍රියාව

අප්‍රිකාවේ රයිනෝවන් අතර විශේෂ ආශාවක් තිබේ. එය නම් බොහෝ මඩවලට තිබෙන ආශාවයි! උන්ගේ ප්‍රියතම මඩ වගුර වෙත ළඟාවන විට, බොහෝදෙනෙක් තමන්ගේ ගමන් වේගය වැඩි කරන අතර, එසේ කිරීමේ අපේක්ෂාවෙන් ප්‍රීතිය දනවන හඬ නිකුත් කරති. රයිනෝසිරස් සෙමින් මඩ තුළට කිඳා බසිත්ම, “සුසුම් ලෑමේ ශබ්දයක් එවිට ඇසෙන අතර, තෘප්තියට පත් සත්වයා මිනිත්තු කිහිපයකට එක පැත්තකට පෙරළී . . . උගේ නෑම නැවත ආරම්භ කිරීමට පෙර, බොහෝවිට සම්පූර්ණයෙන් පිට මත පෙරළී, පාද අහසට ඔසවා පයින් ගසමින්” සිටින බව බොහෝවිට නිරීක්ෂණය කළ බැල්ෆෝර් යුවළ පවසති.

සමහර අවස්ථාවලදී, මෙම රයිනෝ විශේෂ දෙවර්ගයම එකම මඩ වගුර හවුලේ භුක්තිවිඳින අතර, මෙම ජොර ජොර ගාන විනෝද ක්‍රියාවට ආශාවෙන්, ඔවුන්ගේ ගරුත්වය පවා අත්හැර දැමීමට සූදානමින් සිටිත්. ඉහත සඳහන් කළ රූෆස් නම් රයිනෝ නාම්බා, උගේ මඩ නෑම සම්බන්ධයෙන් කොතරම් උද්‍යෝගී වූවාද කිවහොත්, “සමහරවිට එය අවසන් වීමට පෙර එළියට පැමිණෙන්නේ, නිකම්ම වත්ත වටා, කුළෑටි අශ්වයෙකු මෙන් උඩට පනිමින් දිවීමටයි, ඉන්පසු එම ප්‍රීතිය නැවත වරක් භුක්තිවිඳීම පිණිස, ඌ මඩ වගුරට ආපසු පැමිණෙයි.”

කෙසේනමුත් මඩ, ප්‍රමුදිත භුක්තිවිඳීමකට පමණක් සීමා නොවේ. මෙය අනික් රයිනෝවන් සමඟ සහ මඩට ප්‍රිය කරන වෙනත් සතුන් සමඟ සුහද හමුවලට ස්ථානයක් සපයන අතර, යම්දුරකට මැස්සන් විසින් ඇති කරන ලද හිරිහැර කරවන තුවාලවලින් සහනයක් ලබා දී, හිරු රශ්මියේ උණුසුමෙන් ඔවුන්ගේ ශරීරද සිසිල් කරයි. එබැවින්, රයිනෝසිරස්ව උගේ මඩ ගොහොරු ඇඳ මත, පැය ගණනක් පුරා දකිනු ලැබීම පුදුමයකට කාරණයක් නොවේ.

කුමන වර්ගයද?

රයිනෝ කුමන වර්ගයට අයත්ද කියා කෙනෙකුට කිව හැක්කේ කෙසේද? සැබවින්ම එකෙක් කළු සහ අනිකා සුදුද? නැත. උන් දෙදෙනාම අළු පාටය—ඇත්තෙන්ම එකිනෙකට වෙනස් අළු පැහැයන් දෙකකි—එහෙත් ඔබට එය දැකිය හැක්කේ, අළු පැහැය දකින්ට ලැබෙනවා නම් පමණි. ඔබට ඇත්තෙන්ම දකින්ට ලැබෙන්නේ ඔවුන්ගේ අන්තිම මඩ වගුරේ පෙරළීමේදී, උන්ගේ හම මත තැවරී තිබෙන මඩේ වර්ණයයි.

එහෙත් උන්ගේ මුඛයේ හැඩය, උන් කුමන වර්ගයට අයත්ද කියා ඔබට වහාම අඟවයි. ලෑටිගාන්නෙකු වන කළු රයිනෝහට, පඳුරුවලින් පත්‍ර සහ රිකිළි පොඩි කිරීමට හෝ අසු කරගැනීමට යොදාගන්නාවූ උල්, උඩු තොලක් ඇත. එබැවින් ඌට වඩාත් සුදුසු නාමය වකුටු තොලක් සහිත රයිනෝය. සුදු රයිනෝ, අනික් අතට උලා කන්නෙකි. මෙබැවින්, උගේ හොම්බ පැතලි බැවින්, ඌ තණ කැපීමේ යන්ත්‍රයක් මෙන් තණකොළ අග්ගිස් කා දමයි. ඌට වඩාත් සුදුසු නාමය චතුරශ්‍ර හැඩැති තොලක් සහිත රයිනෝ වීම පුදුමයක් නොවේ. එහෙත්, දකුණු අප්‍රිකාවේ මුල් ලන්දේසි පදිංචිකරුවන් අතර ආරම්භ වූ බව පෙනෙන්ට තිබෙන කළු හෝ සුදු ලෙස වෙන් කර හඳුනාගැනීම, යම් හේතුවක් නිසා තවමත් පවතී.

ඒ වටිනා අං

රයිනෝසිරස් යන නාමය රැගෙන තිබෙන්නේ, “අං සහිත නාසය” යන අර්ථය දෙන ග්‍රීක වචන දෙකකිනි. තවද රයිනෝ අං සෑදී තිබෙන්නේ කුමකින්ද? එහි පහළ කොටසට ආසන්නව, ගෙවී යෑමක් සිදුවීමට නැඹුරුවාවක් තිබෙන බැවින්, ඒවා ශ්ලිෂ්ට කෙස් වශයෙන් සමහර මිනිස්සු විස්තර කරති. කෙසේවෙතත් මේවා සැබෑ කෙස් නොව, නමුත් “අන්වික්ෂයකින් බැලූ කල, සබුරයන්ගේ [කුර ඇති සතුන්ගේ] කුරවලට සමාන” බව, දකුණු අප්‍රිකාවේ ජාතික වන සත්ව මණ්ඩලයේ, විද්‍යාත්මක උපදේශක ආචාර්ය ඛෙරි ඩ ඛ්‍රාෆ් පවසයි.

නියපොතු මෙන් එම අඟ වැවෙමින් පවතී. ගර්ටි නම් ප්‍රසිද්ධ කළු රයිනෝසිරස්ට, මීටර් 1.4කට වැඩි දිගකින් යුත් අඟක් තිබුණු අතර, සුදු රයිනෝවෙකුගේ අඟ මීටර් 2ක් දිගට වැඩුණේය! තවද, සමහර අවස්ථාවලදී සිදුවන ආකාරයට, එම අඟ කැඩුණහොත්, වසරකට අඟල් 3ක් බැගින් එය නැවත වැඩේ.

රයිනෝ අං මෙතරම් වටිනා වස්තු වන්නේ මන්ද? බොහෝ මනුෂ්‍යයන් බෙහෙත් සෑදීමට ඒවා යොදාගන්නා අතර, වෙනත් අය රයිනෝ අං සහිත මිටක් ඇති කිරිච්චියක් අයිති කරගැනීමේ කීර්තිය ලබාගැනීමට සතුටු වෙති. ඉල්ලුම එතරම්ම වැඩි නිසාත්, වෙළඳාම එතරම්ම ලාභ උපදවන එකක් වන නිසාත්, ලාභ ලබාගැනීමට ගිජු පුද්ගලයන් විසින් රයිනෝ දහස් ගණනක් ඝාතනය කොට තිබේ.

සංරක්ෂක නිලධාරීන්ගේ පරිශ්‍රමශීලී වෑයම්වල විපාකයක් වශයෙන්, කලක් වඳවී යෑමේ අන්තරායට පත්වීමට ආසන්නව සිටි සුදු රයිනෝ, දැන් සැලකිය යුතු ප්‍රමාණයකින් එම තත්වයෙන් ගොඩ ඇවිත් තිබේ. එහෙත් උගේ කළු ඥාතියා ගැන එසේ කිව නොහැක. එම සතාගේ අඟ ඉවත් කිරීම ඇතුළත්ව, නීති විරෝධී ක්‍රමවලින් දඩයම් කිරීම නවතා දැමීම සඳහා විවිධ උපායන් දැන් ක්‍රියාවෙහි යොදවනු ලැබේ. එහෙත් මෙම අතිවිශාල කාර්යයද දැන් වටිනාකමක් නැති එකක් බවට ඔප්පු වේ. රයිනෝ අං කිලෝග්‍රෑමයක් ඩොලර් 900කට විකුණාගත හැකි බැවින්, අං ඉවත් කරනු ලැබූ රයිනෝවෙකුගේ අංවල, මුල කොටස පවා ලබාගැනීම වටිනා බව නීති විරෝධී ලෙස දඩයම්කරන්නන්ට හැඟෙයි. කෙසේවෙතත්, මතු පරම්පරාවටද මෙම චිත්තාකර්ෂණීය සතා හඳුනාගැනීමෙන් සතුටක් ලබාගැනීමට හැකිවන පරිද්දෙන්, මිනිසාගේ ගිජුකම සාර්ථක නොවේ කියා බලාපොරොත්තු වේ.

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කළු රයිනෝ සහ සුදු රයිනෝ දෙදෙනාම අළු පැහැති බැවින්, උන් අතර ඇති වෙනස නිශ්චය කළ හැක්කේ කෙසේද?

[26වන පිටුවේ පින්තූරය]

සුදු රයිනෝ සහ උගේ පැටියා

[හිමිකම් විස්තර]

National Parks Board of South Africa

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න