යෞවනයන් අසති . . .
දෙයාකාර ජීවිතයකින් මිදීමට මට හැක්කේ කෙසේද?
“මගේ දෙමව්පියන් පැවසූ සියලු දේම මා නොසලකා හැරියා,” යයි ඈන් වරද පිළිගන්නීය.a “මා කැරළි ගැසූ අතර ඔවුනට බොරු කීමට පටන් ගත්තා. මා ඔවුන්ට පවසන්නේ සාප්පු යන බවයි, නමුත් ඇත්තෙන්ම මා යමින් සිටියේ පිරිමි ළමයෙකු මුණ ගැසීමටයි.”
ඈන් දෙයාකාර ජීවිතයක් ගත කරමින් සිටි අතර, වැඩිකල් නොගොස් ඇය දෙමව්පියන්ව පමණක් නොව නමුත් බයිබලය මත-පුහුණු කළ තම හෘදය සාක්ෂියද නොසලකා හරිමින් සිටියාය. ඔබ දන්නවාද, ඈන් ඇගේ පෙම්වතා සමඟ රහසිගතව ලිංගික සබඳකම් පවත්වමින් සිටියාය. ඇය මෙසේ සිහියට නඟන්නීය: “යෙහෝවඃවහන්සේව සම්පූර්ණයෙන්ම මගේ මනසෙන් ඉවත් කිරීමට මා වෑයම් කළා.” කෙසේනමුත්, වැඩිකල් නොගොස් ‘පුද්ගලයන් වපුරන දේම ඔවුන් කපාගනු ඇතැයි,’ යන මෙම දුක්ඛිත සැබෑවට ඇයට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු විය. (ගලාති 6:7) ඈන් ගර්භිණී වූවාය. “මම මගේ මුළු හෘදයෙන්ම මගේ දරුවාට ප්‍රේම කරනවා, නමුත් කිසි කෙනෙකු මෙවැන්නක් අත්විඳිය යුතු නෑ. විවාහ නොවී මෙසේ විය යුතු නෑ. මෙසේ තනිව සිටිය යුතු නෑ,” යයි ඇය පවසන්නීය.
ඔබේ දෙමව්පියන්ගෙන් හා සෙසු ක්රිස්තියානින්ගෙන් ඔබේ නියම තත්ත්වය වසන් කරමින් ඔබ යම් ආකාරයකින් දෙයාකාර ජීවිතයක උගුලෙහි පැටලී සිටින්නෙහිද? ඔබේ දෙමව්පියන් අනුමැතිය නොදේ යයි ඔබ දන්නා ඇතැම් පාසල් මිතුරන් සමඟ සමහර විට ඔබ නිකරුණේ කාලය ගත කරමින් සිටිනවා විය හැක. නැතහොත් ඔබ දුම්පානය, මත්පැනට ඇබ්බැහිවීම හෝ පූර්ව විවාහ ලිංගික ඇසුරේ යෙදීම වැනි වඩා බරපතළ වැරදි හැසිරීමකට වැටී තිබෙනවා විය හැක. කෙසේවුවත්, ඈන්ගේ සිද්ධියේදී මෙන්ම, බරපතළ පසු ප්‍රතිඵල ඇති වීමට පෙර ගත වන්නේ කෙටි කලක් පමණි.b
එසේවුවත්, ඇතැම් යෞවනයන් තම කැරලිකාර ක්‍රියා මාර්ගයෙන් කිසිසේත් වැළකීමට මෙම සැබෑවට ඉඩහරින්නේ නැත. කැඩපතකින් තමා දෙස බලා, “තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවලේම මතක නැති” කරන මිනිසාට ඔවුන් සමානය. (යාකොබ් 1:23, 24) ඔබ වෙනස් ආකාරයක කෙනෙකුවේයයි අපි බලාපොරොත්තු වන්නෙමු. සමහර විට ඔබ දැනටමත් ඔබ දෙස ගැඹුරු, සියුම් බැල්මක් හෙලීමට පටන්ගෙන තිබෙන අතර—ඔබ දකින දේ ගැන ඔබ අකමැති විය හැක. ඔබට වෙනස් වීමට වුවමනායි. වෙනස් වීමට ඇති අවශ්‍යතාව ඔබ දකියි. ප්රශ්නය නම් මෙයයි, ඔබ වෙනස් වන්නේ කෙසේද?
පසුතැවිලිවීම—පළමු පියවර
ප්‍රථමයෙන්ම, ඔබ සිහිබුද්ධිය ඇතිව වෙනස්වීමට තීරණයක් ගත යුතුයි. ක්‍රියා 3:19, 20හි මෙසේ උදක්ම ඉල්ලා සිටියි: “එබැවින් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW ] ඉදිරියෙන් සැනසිලි කාලයන් පැමිණෙන ලෙසද, . . . නුඹලාගේ පාපයත් මකාදමනු ලබන පිණිසද, පශ්චත්තාපව හැරියල්ලා.” කෙසේවුවද, පසුතැවිලිවීම, බුද්ධිමහිමයේ වික්‍රමයකට වඩා වැඩි දෙයකි. පසුතැවිලිවීමෙන් අදහස් කරන්නේ “කෙනෙකු කර ඇති දෙය ගැන කනගාටුවීම, බලවත් පසුතැවීම හෝ වරද කළ බවට දුකින් ඒත්තුගැනීමයි.” බයිබල් ලේඛක යාකොබ් මෙසේ උපදෙස් දුන්නේය: “දුක්වෙමින් වැලපෙමින් හඬාපල්ලා. නුඹලාගේ සිනාසීම ශෝකයටත් නුඹලාගේ ප්‍රීතිය කනගාටුවටත් හැරේවා. ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW ] ඉදිරියෙහි පහත්වෙයල්ලා.” (යාකොබ් 4:9, 10) මේවන තෙක් ඔබ සතුටු වී ඇති දෙයක් ගැන ඔබට කනගාටුවක් ඇති විය හැක්කේ කෙසේද? එය කෙතරම් වැරදිදැයි සිතන්න. එය දෙවියන්වහන්සේට කෙතරම් වේදනාවක් ගෙන දී ඇත්දැයි සිතන්න. ඔබේ සැඟවුණු ක්‍රියා මාර්ගය ඔබට ඇතිකර තිබෙන ගැටලු ගැන හා එය වසන් කිරීමට ඔබට පවසන්නට සිදුවූ බොරු ගැන සිතන්න. දෙවියන්වහන්සේ, රැවටීමේ ක්‍රියාව පිළිකුල් කරන බව ඔබටම සිහිගන්වා ගන්න! (ගීතාවලිය 5:6) මෙම සැබෑවන් ගැන මෙනෙහි කිරීමෙන්, බුද්ධිමය ලෙස හා චිත්ත වේගීය ලෙස වැරදි හැසිරීම ප්‍රතික්ෂේප කිරීමට ඔබට උපකාර කළ හැක.
එහෙත්, ඔබ කරන දෙය ගැන හුදෙක් නරක හැඟීමක් ඇති කරගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීමේ රහසිගත පුරුද්දකට ඇබ්බැහිවූ රොබට් නමැති යෞවනයෙක් මෙසේ වරද පිළිගනියි: “මා දුක්ඛිතව සිටියා. මා හරි වැරැද්ද දැන සිටියා. තවදුරටත්, මා දෙයාකාර ජීවිතයක් ගතකරමින් සිටියා.” මෙබැවින් ධෛර්යසම්පන්න ක්‍රියාවක් අවශ්‍යව තිබේ! පව්කාරයන්, “යටත්වී යාච්ඤාකර [උන්වහන්සේගේ] මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, [උන්වහන්සේම] ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය” සුවකරන බව දෙවියන්වහන්සේ 2 ලේකම් 7:14හි පැවසූ සේක.
‘දෙවියන්වහන්සේගේ මුහුණ සොයන්න’ යන්නෙන් අදහස් කරන්නේ, උන්වහන්සේ වෙත යාච්ඤාවෙන් ළඟා වීම, ඔබේ වැරදි නොසඟවා පැවසීම හා සමාව දෙන්න යයි අයැද සිටීමය. මෙය කිරීමට පහසු නොවිය හැකි නමුත්, එසේ කළ පසු ඔබට නිසැකවම ඉමහත් සහනයක හැඟීමක් ඇතිවනු ඇත. ගීතිකාකරු මෙසේ පැවසීය: “මා නිශ්ශබ්දව සිටි කල, දවස මුළුල්ලේ හඬා මොරගැසීමෙන් මාගේ ඇට ක්ෂයවිය. මක්නිසාද දිවා රාත්‍රි දෙක්හිම ඔබගේ හස්තය මා පිට බරවිය. . . . මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි.”—ගීතාවලිය 32:3-5.
ඔබේ දෙමව්පියන්ට පැවසීම
වෙනත් කෙනෙකු ඔබේ ගැටලු ගැන දැනගත යුතුයි. එහෙත් කවරෙක්ද? බ්‍රයන් නමැති නහඹරයෙක් වරද නොසඟවා මෙසේ පවසයි: “මා කරමින් සිටි ලොකුම වරද වූයේ මගේ ගැටලු මගේ ක්‍රිස්තියානි මව වෙත ගෙනයනවාට වඩා මිතුරන් යයි කියන අය වෙත ගෙනයෑමයි. නමුත් ඇය ප්‍රතික්‍රියා කරන ආකාරය ගැන සිතූ බැවින් ඇය සමඟ අදහස් හුවමාරු කිරීමට මා බියෙන් සිටියා, එබැවින් මා මගේ මිතුරන් වෙත ගියා, ඔවුන් මාව වඩ වඩාත් සත්‍යයෙන් ඈතට ගෙන ගියා.” එම වරදම නොකරන්න. ඔබේ හෘදය ඔබේ දේව බියැති දෙමව්පියන්ට දෙන්න. (හිතෝපදේශ 23:26 සසඳන්න.) ඔබ කරමින් සිටි දෙය දැනගැනීමට ඔවුනට අයිතියක් තිබේ. මේ සම්බන්ධයෙන් ඔබේ දෙමව්පියන් වෙත ළඟා විය හැකි ආකාරය සම්බන්ධයෙන් යෝජනාවන් ගණනාවක්ම යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොතේ 2වන පරිච්ඡේදයෙහි ඇත.c
ඔබ ඔවුනට බොරු කියා තිබීම ගැන ඔවුන් සැබවින්ම ප්‍රීති නොවීම අමුතු දෙයක් නොවේ. එහෙත් දෙමව්පියන්ට තම දරුවන් සඳහා වෙනස් නොවන බලවත් හැඟීම් තිබේ. ක්ලේටන් බාර්බො නමැති ලේඛකයා මෙසේ නිරීක්ෂණය කරයි: “ඔබ වරදක් කර තිබෙන නිසා හෝ යම් ආකාරයක කරදරයකට වැටී තිබෙන නිසා ඔවුන් ඔබව අත්හරින්නට යන්නේ නැත. ළමයි ගර්භිණීන් බවට පත්වී ඇත, ලිංගිකව පැතිරෙන රෝග ඔවුන්ට බෝවී තිබේ, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ගැටලුවක් වර්ධනය කොට ඇත, නැතිනම් වෙනත් කරදරයක පැටලී ඇත, ඇරත් තම දෙමව්පියන් තැතිගැන්මෙන් හා පිළිකුලෙන් ප්‍රතික්‍රියා කර, නිවස ඩයිනමයිට්වලින් විනාශ කර, සිටින ස්ථානයද හැර යාවි යයි ඔවුහු කලින්ම සිතා ගත්තෝය. එහෙත් ඔවුන් තම දෙමව්පියන්ට පැවසූ පසු, ඔබව සිපගෙන හෝ ඔබේ කර වටා අත දමාගෙන, ‘ඇත්තෙන්ම, ඔබ කරදරයකට පත්වී සිටිනවා, ඔබව ඉන් ගලවා ගැනීමට අපට කළ හැක්කේ කුමක්දැයි සොයා බලන්නයි අපට තිබෙන්නේ,’ කියා පැවසූ බව තමුන්ටම දැනගන්නට ලැබී තිබේ.” එසේය, මුලින් ඇතිවන කම්පනය හා කෝපය පහව ගිය පසු, දෙමව්පියන් වැඩි දෙනෙක් පිහිටෝපකාර දීමට වෑයම් කරති. දෙමව්පියන් දේව-බියැති වන විට මෙය ඊටත් වඩා කෙතරම් සත්‍යයක් වෙනවාද! ඔවුන් මූලිකවම සැලකිලිමත් විය යුත්තේ, ඔබව ලජ්ජාවට පත්කිරීමට හෝ ඔබට වේදනා දීමට නොව නමුත් දේවල් හරිගැස්වීමටයි. (යෙසායා 1:18 සසඳන්න.) මේ සම්බන්ධයෙන් සභාවේ වැඩිමහල්ලන් සමඟ කථා කිරීමට ඔවුන් ඔබට සැලසුම් යොදන්නටද පුළුවන.—යාකොබ් 5:14, 15.
විඳදරාගැනීමට සිදුවන යම් ඉතා-යෝග්‍යය දඬුවම් ඔබේ දෙමව්පියන්ගෙන් ලැබෙනු ඇති අතර සමහර විට වඩා දැඩි සීමාවන් පනවන්නට පුළුවන් බව සැබෑය. එහෙත් ඇත්තෙන්ම මෙය ඔබේ පරණ ක්‍රියා මාර්ගයන්ට නැවත වැටීමෙන් ඔබව වැළැක්විය හැක. මීට අමතරව, ඔබේ දෙමව්පියන් සමඟ කාරණා හෙළි කිරීමෙන් ඔවුන්ගේ ප්‍රේමනීය සැලකිල්ල දැකීමෙන්, ඔබට ඔවුන් ගැන තිබූ වැරදි අවබෝධය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැක. මේ දක්වා, ඔබ ඔවුන්ගේ නීති හා සීමාවන් එපා කළා විය හැක. පෝලෙට් නමැති ගැහැනු ළමයා මෙසේ පිළිගන්නීය: “අපේ දෙමව්පියන් විසින් අපට දී තිබෙන උපදෙස් හා මඟ පෙන්වීම් පිළිගැනීම දුෂ්කරයි. එහෙත් මේවා අපේම ප්‍රයෝජනයට හා කල්පවතින සන්තෝෂය සඳහා බව මට වැටහී තිබේ.”
ඔබේ ආශ්‍රිතයන් වෙනස් කිරීම
යෞවනයෙකු තමා විසින්ම දෙයාකාර ජීවිතයක් ලුහුබඳින්නේ කලාතුරකිනි. ඔබේ කැරලිකාර ක්‍රියාවන්වලදී ඔබට එක්වී දිරිදෙන තුල්‍යයන් පවා ඔබට සිටියා විය හැක! රහසිගත ජීවිතයකට ආපසු යෑමෙන් වැළකීමට, ඔබ ඔබේ ආශ්‍රිතයන් වෙනස් කිරීම අවශ්‍යයි. ගීතිකාකරු මෙසේ පැවසීය: “මම බොරුකාර මිනිසුන් සමඟ හිඳ නොගතිමි; රැවටිලිකාරයන් සමඟද නොයමි.” (ගීතාවලිය 26:4) පරණ මිත්‍රත්වයන්ගෙන් ඉවත්වීම පහසු නැත. ගීතිකාකරු මෙන් ඔබට යාච්ඤා කිරීමට අවශ්‍ය විය හැක: “කපටිවූ අසාධාරණවූ මනුෂ්‍යයාගෙන් මා මුදාගත මැනව.” (ගීතාවලිය 43:1) ඔබ වෙනස් වී ඇති බවත්, හරි දේ කිරීමට අදිටන් කරගෙන සිටින බවත් ඔබේ පරණ ආශ්‍රිතයන්ට පැවසීමෙන් මෙම යාච්ඤාවට අනුව ක්‍රියා කරන්න. යේසුස්වහන්සේගේ රහසිගත ගෝලයෙකුව නොසිට, ඔබේ ඇදහිල්ල අන් අයට පවසන්න. (යොහන් 19:38 සසඳන්න.) බොහෝවිට, නරක ආශ්‍රිතයෝ ඉක්මනින්ම වෙනත් මිතුරන් සොයා ගනිති.
ඉන්පසු, ඔබ නරක ආශ්‍රිතයන් වෙනුවට යහපත් මිතුරන් ඇති කරගැනීම අවශ්‍යයි. දේව-බියැති යෞවනයන්ගේ හිඟයක් තිබේද? එසේනම් ප්‍රොපේත යෙරෙමියා පැවසූ මෙම දෙය ගැන සිතන්න: “මමද [කවටකම් කරමින්, NW ] සිනාසෙන්නන්ගේ සභාවෙහි හිඳගන ප්‍රීතිනොවීමි. ඔබගේ හස්තය නිසා තනියම හිඳගතිමි.” (යෙරෙමියා 15:17) ඔබව ආත්මික ලෙස දුර්වල කරන යෞවනයන් සමඟ සම්බන්ධ වී සිටිනවාට වඩා ඔබ තනිවම සිටීම වැඩිය හොඳය. එහෙත්, බොහෝවිට, ඔබ වෑයම් කරනවා නම් සැබෑ මිතුරන් සොයාගත හැකිය. උදාහරණයක් වශයෙන්, ටැමි, පූර්ණ-කාලීන එවන්ජලිස්තවරියක වූ ඥාති සොහොයුරියක සමඟ ඇසුරු කිරීමට පටන් ගත්තාය. “අප ඉතා කිට්ටු වුණා,” යයි ටැමි මතකයට නඟන්නීය. “මා පාසලට නොගිය දිනවල මා ඇය සමඟ දේශනා සේවයේ ගියා. මෙය මගේ ජීවිතයේ වෙනස්කම් සිදු කිරීමට මට උපකාරවත් වුණා.”
එහෙත් එක් ජර්මන් ජාතික යෞවනයෙකු පවසන්නේ, “ඉතා හොඳම ආරක්ෂාව වනාහි, යෙහෝවඃ දෙවියන්වහන්සේ සමඟ සමීප සබඳතාවයකින් ප්රතිඵලවන හොඳ හෘදය සාක්ෂියක්,” කියාය. දෙයාකාර ජීවිතයකට වැටුණාවූ එක් යෞවනියක් මෙසේ වරද පිළිගන්නීය: “මගේ යෙහෝවඃ දෙවිපියාණන් සමඟ මා කිසිදා සමීප සබඳතාවයක් වර්ධනය කරගත්තේ නෑ.” යාච්ඤාවෙන් හා පෞද්ගලික පාඩම මගින් ඇය දේවල් වෙනස් කිරීමට පටන් ගත්තාය. “කිසිවෙකුට කිසිදා උදුරාගත නොහැකි සබඳතාවයක් දැන් මට යෙහෝවඃවහන්සේ සමඟ තිබේ,” යයි ඇය ආඩම්බරයෙන් පවසන්නීය. ඔබටත් දෙවියන්වහන්සේ සමඟ එවැනිම සමීප සබඳතාවක් භුක්තිවිඳිය හැක. ඔබේ පරණ ක්‍රියා මාර්ගයන් වෙනස් කිරීමට අසීරුතාවයක් ඔබට දැනෙනවා වුවත්, උන්වහන්සේ ඔබට මඟ පෙන්වා, ඔබට පිහිටවන සේක. දෙවියන්වහන්සේගේ ඇදහිලිවන්ත සේවකයෙකු ගැන ගීතාවලිය 37:24 මෙසේ පවසයි: “ඔහු වැටෙන නුමුත් සහමුලින්ම හෙළනු නොලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW ] ස්වකීය හස්තයෙන් ඔහුට ආධාරකරනසේක.” එසේය, යෙහෝවඃවහන්සේගේ උපකාරයෙන්, ඔබට දෙයාකාර ජීවිතයක් ගත කිරීමෙන් ඉවත්විය හැකිය. g94 1/22
[පාදසටහන්වල]
a සමහර නම් වෙනස් කර ඇත.
b 1994 අප්‍රියෙල් 8 කලාපයේ හා මෙම සඟරාවේ 16වන පිටුවේ පළකර ඇති “යෞවන අය අසති . . . ” යන ලිපි බලන්න.
c වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිතයි.
[25 පිටුවෙහි හුවා දැක්වීම]
“යෙහෝවඃවහන්සේව සම්පූර්ණයෙන්ම මගේ මනසෙන් ඉවත් කිරීමට මා වෑයම් කළා”
[25 පිටුවෙහි හුවා දැක්වීම]
ඔබ සිහිබුද්ධිය ඇතිව වෙනස්වීමට තීරණයක් ගත යුතුයි
[26 පිටුවෙහි ඇති පින්තූරය]
ඔබ වෙනස් වී ඇති බවත්, වැරදි කිරීමට ඔවුන් සමඟ තවදුරටත් හවුල් නොවන බවත් ඔබේ පරණ මිතුරන්ට පැහැදිලි කරන්න