ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 6/8 27-29 පි.
  • මට මෙවන් හැඟීම් තිබෙන්නේ මන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මට මෙවන් හැඟීම් තිබෙන්නේ මන්ද?
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ජන්මයෙන්ද නැතහොත් ඇතිකරගත්තක්ද?
  • පාරිසරික හේතු සාධක
  • පියා සහ පුතා
  • සදාචාර ප්‍රශ්නය
  • සමලිංගිකතාව සැබවින්ම එය එතරම්ම නරකද?
    1995 පිබිදෙව්!
  • සමලිංගික ඇසුර අනුමත කළ හැකිද?
    2012 පිබිදෙව්!
  • සමලිංගික හැඟීම් පාලනය කරගන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • සමලිංගික හැසිරීම ගැන බයිබලයේ ඇති දේ මම විස්තර කරන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 6/8 27-29 පි.

යෞවනයන් අසති . . .

මට මෙවන් හැඟීම් තිබෙන්නේ මන්ද?

“මට දැනෙන්නේ මා තුළම ගැටුමක් තිබෙන බවයි. කොහෙන් උපකාරය පතන්නදැයි මා දන්නේ නෑ.”—බොබ්.

බොහෝ යෞවනයෝ එවැනිම මානසික වේදනාවකින් පෙළෙති. විරුද්ධ ලිංගයේ අය කෙරෙහි බෙහෙවින් උනන්දු වී සිටින තම සම වයසේ මිතුරන් මෙන් නොව, තමන්ගේම ලිංගයේ සාමාජිකයන් වෙත මොවුහු වැඩිවැඩියෙන් සිත් යොමු කරමින් සිටිති. බොහෝදෙනෙකුට, මෙය කම්පිත කරවන වැටහීයෑමකි.

එක් ස්ත්‍රියක් තම දියණිය ගැන මෙසේ පැවසුවාය: “ඇයගේ සෞඛ්‍ය තත්වය පිරිහෙන්ට පටන්ගත්තා, කන්න හෝ නිදාගැනීමට බැරි වුණා, ඒවගේම කලකිරීමට හා හිටිහැටියේම වෙනස්වන තත්වයට පත්වුණා. ඇය සිය පණ නසාගැනීමට පවා තැත් කළා.” මෙම චිත්තවේගීය තැවුලට ප්‍රධාන හේතුකාරකය කුමක්ද? “ඇයට ස්ත්‍රී සමලිංගික හැඟීම් තිබුණා.” සමහරුන්ට එවැනි පෙලඹීම් ජයගැනීම පහසු නොවිය හැක. “මා හිරිමල් වියේ පසුවන විට, මගේ සමහර මිතුරන් සමඟ සමලිංගික සංවාසයේ යෙදීමට පටන්ගත්තා. මා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගන්නා තුරුම තරුණ කාලය තෙක්ම එම දෙයෙහිම නිරතව සිටියා. නමුත් සමහරවිට තවදුරටත් මා තුළ එවැනි වැරදි හැඟීම් තිබුණා,” යයි අපට මාර්ක් යනුවෙන් හැඳින්විය හැකි යෞවනයෙක් පවසයි.

යෞවනයෙකුට හෝ යෞවනියකට තමන්ගේම ලිංගයේ කෙනෙකු වෙත සිත් යොමුවී සිටීමට සිදු කරන්නේ කුමක්ද? තවද යෞවනයෙකු හෝ යෞවනියක එවැනි හැඟීම්වලින් පීඩා විඳින්නේ නම්, ඔවුන් කුමක් කළ යුතුද?

ජන්මයෙන්ද නැතහොත් ඇතිකරගත්තක්ද?

සමලිංගිකයන් එලෙස ඉපදෙන බවත්, ලිංගික පිහිටීම වෙනස්විය නොහැකි බවත් පැවසීම, අදදින ජනප්‍රියව තිබේ. උදාහරණයක් වශයෙන්, ටයිම් සඟරාව විස්මයජනක ලෙස මෙසේ නිවේදනය කළේය: “සමලිංගිකයන්ගේ සහ සමලිංගික නොවන්නන්ගේ මොළවල් අතර ව්‍යූහමය වෙනසක් තිබේ යයි නව අධ්‍යයනයක් අදහස් ඉදිරිපත් කරයි.” කෙසේවුවත්, මෙම අධ්‍යයනය පවත්වා තිබෙන්නේ ඒඩ්ස් රෝගයෙන් මියගිය මිනිසුන්ගේ මොළ සම්බන්ධවය. මෙමගින් මෙම කාරණය ඔප්පු කරන්නේ නැති බවට ස්ථිරය!

තවත් න්‍යායකට හෝමෝන ඇතුළත්ව තිබේ. විද්‍යාගාරයේ පිරිමි හෝමෝන ඉවත් කළ මීයන් “ස්ත්‍රී” ලිංගික හැසිරීම් විදහා දැක්වූ බවට විද්‍යාඥයෝ නිරීක්ෂණය කළහ. සමලිංගිකයන් එලෙසම ජීව විද්‍යාත්මක අනතුරකට ගොදුරු වූවන් විය හැකි බව—එනම් උපතට පෙර පිරිමි හෝමෝන අධික ප්‍රමාණයකට හෝ ස්වල්පයකට නිරාවරණය වීමෙන් ප්‍රතිඵල විඳින බව ඔවුහු නිගමනය කළහ. එහෙත්, මීයන් අතර අසාමාන්‍ය හැසිරීම ප්‍රතීක ක්‍රියාවකට වැඩි දෙයක් නොවන බව—එනම් සැබවින්ම ‘සමලිංගිකතාව’ නොවන බවට බොහෝ විද්‍යාඥයෝ විශ්වාස කරති. මීට අමතරව, මිනිස්සු මීයෝ නොවෙති. ද හාර්වඩ් මෙඩිකල් ස්කූල් මෙන්ටල් හෙල්ත් ලෙටර් මෙසේ තර්ක කරයි: “මීයන්ගේ ලිංගික හැසිරීමෙහිදී ඇතුළත් වී තිබෙන ප්‍රතීක ක්‍රියා සංවිධානය වන ඍජු ආකාරයෙන්ම, මිනිස් ලිංගිකත්වය කෙරෙහි . . . උත්පත්තියට පෙර හෝමෝනවල බලපෑමක් ඇතිවීම කොහෙත්ම විය නොහැකි දෙයකි.”

ජාන විද්‍යාව සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් දී තිබේ. සමලිංගික සමාන නිඹුල්ලු වන පිරිමි සහ ස්ත්‍රීහු අතරින් අඩක් පමණ, එලෙසම සමලිංගිකයෝ වෙති. එකම බීජයක බෙදීම හේතුවෙන් [එක සමානව] උපදින නිඹුල්ලු උත්පත්තියෙන්ම එක සමාන වන හෙයින්, යම් ගුප්ත ජානයක් මගින් සමලිංගික පැත්තට යොමුවීම සිදු කළ බවට නිගමනය කිරීම තර්කානුකූල බව පෙනෙන්ට තිබිණ. කෙසේවුවත්, නිඹුල් සහෝදර සහෝදරියන්ගෙන් අඩක්ම සමලිංගිකයන් නොවූ බව සැලකිල්ලට ගන්න. සැබවින්ම මෙම ගති ලක්ෂණය උත්පත්තියේදීම සැලසුම් කර තිබුණි නම්, සියලුම නිඹුල්ලුන්ට එය නොතිබෙනු ඇත්ද? ජාන සහ හෝමෝන යම් කාර්යභාරයක් ඉටු කරන බව සැබෑය. එසේවුවත්, “ලිංගික හැඩගැසීමට පරිසරය සැලකිය යුතු ප්‍රමාණයකින් දායක වන බවට බලවත්” සාක්ෂි තිබෙන බවට වූ සමහරුන්ගේ සොයාගැනීම් සම්බන්ධයෙන් සයන්ටිෆික් අමෙරිකන් වාර්තා කළේය.

පාරිසරික හේතු සාධක

පුරාණ ග්‍රීසියේ පැවති පරිසරය ගැන සලකා බලන්න. ඔවුන්ගේ සමහර මිථ්‍යා දෙවිවරුන් ගැන ප්‍රබන්ධ කාමුක කතන්දරද, ප්ලේටෝ වැනි දාර්ශනිකයන්ගේ ග්‍රන්ථද, යෞවනයන් නිර්වස්ත්‍රව රැඟුම් පෑ සරඹ ශාලාවේ සංස්කෘතියද මගින් ලද පෙලඹීම හේතුවෙන්, ග්‍රීක් භාෂාව කතා කරන උසස් ජනයා අතර සමලිංගිකතාව උනන්දුවෙන් ලුහුබැඳ යන්නක් බවට පත්විය. ලව් ඉන් ඒන්ෂන්ට් ග්‍රීස් යන පොතට අනුව, “ක්‍රීට්හි උසස් සමාජයේ හොඳ පවුලකට උපන් පිරිමි දරුවෙකු සඳහා [පිරිමි] ප්‍රේමවන්තයෙකු නොසිටීම ලජ්ජාවක් ලෙස සලකනු ලැබීය.” එවන් පිරිහීමක් සිදු කළේ ගුප්ත ජානයක් හෝ හෝමෝනයක් නොවේ. එය වැඩිවර්ධනය වූයේ ග්‍රීක් සංස්කෘතිය එයට ඉඩ හළ නිසා, එසේය, එයට දිරිගැන්වූ නිසාය! පරිසරයට ඉටු කළ හැකි කාර්යභාරය කෙතරම් බලවත්දැයි මෙය හොඳින් නිදසුන් කරයි.

අදදින එම දෘෂ්ටිය පැතිරවීම සඳහා සමලිංගිකතාවට දිරිගන්වන ප්‍රචාර වැඩසටහන් ගලා ඒම මගින් මහත් දෙයක් කර ඇති බවට සැකයක් නැත. රූපවාහිනියේ, චිත්‍රපටවල, සංගීතයේ සහ සඟරාවල ලිංගිකතාවට යොමු දැක්වීම් රාශියක් අන්තර්ගත වේ. කේබල් රූපවාහිනිය මගින් සමහර යෞවනයන්ට සම්පූර්ණයෙන්ම කාමුක වන දර්ශන නැරඹීමට පහසු කරවා ඇත. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සරිලන ඇඳුම් පැළඳුම් සහ හිසකෙස් ගෙතීම පිළිගත් ඇඳුම් මෝස්තර බවට පත්වී තිබේ. ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන සමහරුන් විසින් වැඩිදියුණු කළ පිරිමි විරෝධී ප්‍රචාර වැඩසටහන් ස්ත්‍රී සමලිංගිකතාව වැඩිවීමට දායක වී ඇතැයි කියාද සමහර ප්‍රවීණයන්ට හැඟේ. බිය සැකයකින් තොරව සමලිංගික ජීවන-රටාවකට පක්ෂව කතා කරන පාසැල් මිතුරන් සමඟ ආශ්‍රය මගින්ද යෞවනයන් නරක බලපෑමකට අනාවරණය විය හැක.—1 කොරින්ති 15:33.

පියා සහ පුතා

සමහරවිට, දොස් සහිත පවුල් පරිසරයද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව පෙනෙන්ට තිබේ, විශේෂයෙන්ම පිරිමීන් අතර මෙය දකින්ට ලැබේ.a දරුවෙකුගේ චිත්තවේගීය වර්ධනය සඳහා පියෙක් වැදගත් දායකත්වයක් සිදු කරයි. (එපීස 6:4) ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම යන පොත මෙසේ පවසයි: “පියාගේ පුරුෂ ගතිවල බලපෑම, සම්පූර්ණයෙන්ම වර්ධනය වූ, සමබර පෞද්ගලිකත්වයක් ගොඩනැගීම සඳහා මහඟු ආධාරයක් විය හැක.”b පිරිමි දරුවෙකුට පිළිගැනීම, ප්‍රේමය සහ සිය පියාගේ අනුමැතියද අවශ්‍යය. (ලූක් 3:22 සසඳන්න.) අවශ්‍ය කරවන මෙම අවධානය සිය දරුවාට දීමට පියෙකු අසමත් වන විට ඇතිවිය හැකි ප්‍රතිඵලය කුමක්ද? චිත්තවේගීය පීඩාකාරි තත්වයකි. මානසික-සෞඛ්‍ය ලේඛක ජෝසෆ් නිකලොසි කියා සිටින්නේ, පිරිමි සමලිංගිකතාව වනාහි “සැමවිටම පාහේ පවුල් සබඳතාවල ගැටලු, විශේෂයෙන්ම පියා සහ පුතා අතර ගැටලු හේතුවෙන් සිදුවන බවය.”

මවක් සිය සැමියාව හෙළා දකිමින් හෝ ඇගේ පුතා ගැන වුවමනාවට වඩා සැලකිලිමත් වීම මගින් නොදැනුවත්වම ඈ තත්වය බරපතළ කරනවා විය හැකිය. ස්ත්‍රී ගති ඇති පිරිමි ළමුන් ගැන එක් අධ්‍යයනයක් මෙම නිරීක්ෂණය කළේය: “පිරිමි දරුවෙකුට නොව, ගැහැනු දරුවෙකුට කැමති වූ සමහර දෙමව්පියෝ තම බාල පිරිමි දරුවාට ගැහැනු ළමයෙකු මෙන් අඳින්ට සියුම් ලෙස උනන්දු කරති, නැතහොත් එසේ ඔහුව අන්ඳවති.”

මෙසේ පවසන්නේ, විකෘති ලිංගික හැඟීම් තිබීමෙන්, නිතැතින්ම යමෙකුගේ දෙමව්පියන්ට දොස් පැවරීමට හැකි යයි කීමට නොවේ. ඉමහත් සේ බලපවත්වන මව්වරුන් සහ නොසැලකිලිමත්, නිවසේ රැඳී නොසිටින හෝ පීඩා පමුණුවන පියවරුන් සමඟ වැඩුණු බොහෝ පිරිමින්, කෙසේ හෝ පුරුෂ ගතිවලින් යුතු පෞද්ගලිකත්වයන් වර්ධනය කරගෙන තිබේ. එපමණක්ද නොව, සමලිංගික පෙලඹීම් ඇති සියල්ලන්ම අනිවාර්යයෙන්ම හොඳින් ක්‍රියාත්මක නොවන පවුල්වලින් පැමිණෙනවා නොවේ. එහෙත්, සමහර පිරිමි ළමුන් ඉතා විශේෂිත ආකාරයකින් වේදනාවට පත්වී සිටින බව පෙනෙන්ට තිබේ. “පියා විසින් තමාව ප්‍රතික්ෂේප කළා යන මුල් හැඟීමේ ප්‍රතිඵලයක් වශයෙන් . . . සමලිංගිකයා පෞරුෂත්වය හා බැඳි එම ගති ලක්ෂණ, එනම් බලය, ස්ථිරභාවය හා ශක්තිය සම්බන්ධයෙන් දුර්වල හා අපොහොසත් හැඟීමක් දරයි. පුරුෂ ගතිවලට ඔහුගේ සිත ඇදී යන්නේ ඔහු තමාගේම පෞරුෂත්වය ස්ථාපිත කිරීමට නොදැනුවත්වම පරිශ්‍රමයක් දැරීමෙනි,” යයි වෛද්‍ය නිකලොසි පවසයි.

පීටර් නමැති යෞවන ක්‍රිස්තියානි පුරුෂයෙක් මෙසේ ලියයි: “මගේ පියා මත්පැනට ඇබ්බැහි වූවෙකු වූ අතර නිතිපතා මගේ මවට පහර දෙනවා, සමහර වෙලාවට, අපටත් පහර දෙනවා. මට වයස අවුරුදු 12ක් වූ විට, ඔහු නිවස අත්හැර ගියා. පියෙකුගේ අඩුව මට බෙහෙවින් දැනුණා. මට සෑම දිනකම දැනුණු එම අඩුව පිරවීමට කවරෙකු හෝ සිටිනවා නම් යයි මා ආශාවෙන් සිටියා. අන්තිමේදී එම අඩුව පිරවිය හැකියි කියා මා සිතූ කදිම ක්‍රිස්තියානි පුරුෂයෙකු සමඟ මිත්‍රත්වයක් වර්ධනය කරගත් විට, මා තුළ ඔහු වෙත ලිංගික හැඟීම් ඇති වෙන්ට පටන්ගත්තා.”

සමලිංගිකයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ළමා දූෂණයට ගොදුරුවූවන් වීම කැපීපෙනෙන දෙයකි.c එවන් දූෂණය මැකී නොයන ශාරීරික හා චිත්තවේගීය හානි බිහි කළ හැක. එක් ලේඛකයෙකු හැඳින්වූ ආකාරයට එය “විකෘති ලිංගික අනන්‍යතාවක්” ඇති කළ හැක. දුරාචාර සබඳතා සඳහා කෑදර ආශාවක් දැක්වූ යෞවනයන් සිටි පුරාණ සොදොමේ මෙය පැහැදිලිවම හටගත්තේය. (උත්පත්ති 19:4, 5) පැහැදිලිවම, ඔවුහු වැඩිහිටියන් විසින් අනිසි ලෙස යොදාගැනීම හේතුවෙන් සකස් කරනු ලැබූ අයය.

සදාචාර ප්‍රශ්නය

සම-ලිංගයේ අය කෙරෙහි සිත් ඇදී යෑමේදී, මෙතරම් ප්‍රමාණයක් ස්වභාවයෙන්ද, මෙතරම් ප්‍රමාණයක් තමන් ඇතිකරගත්තක්දැයි හරියටම නිශ්චය කිරීමට විද්‍යාඥයන්ට කිසිදා නොහැකි වේවි. එහෙත් එක දෙයක් පැහැදිලිය: සියලු මිනිසුන් ඉපදී සිටින්නේ වැරදි කල්පනාවට සහ පෙලඹීම්වලට යටත්වීමේ ප්‍රවණතාවක් ඇතිවය.—රෝම 3:23.

දෙවියන්වහන්සේව සතුටු කිරීමට ආශා කරන යෞවනයෙකු, උන්වහන්සේගේ සදාචාර ප්‍රමිතිවලට අනුකූල විය යුතු අතර, දුරාචාර හැසිරීමෙන් වැළකිය යුතුය. එසේ කිරීම වේදනාකාරි, අසීරු දෙයක් වුවත්, එසේ කළ යුතුය. බයිබලය පවසන පරිදි, සමහර පුද්ගලයන්, ‘කෝප වීමට’ නැඹුරුවාවක් දක්වන්නාක් මෙන්ම, සමහර පුද්ගලයන් සමලිංගිකතාවට බෙහෙවින් නැඹුරුවාවක් දැක්විය හැකි බව සැබෑය. (තීතස් 1:7) එහෙත් බයිබලය තවදුරටත් අධර්මිෂ්ඨ කෝපය විදහාපෑම හෙළාදකියි. (එපීස 4:31) එලෙසම, ක්‍රිස්තියානියෙකුට තමන් ‘එලෙස ඉපදී ඇතැයි’ පවසමින් දුරාචාර හැසිරීම සඳහා නිදහසට කරුණු කියා සිටිය නොහැක. ළමා දූෂකයෝ, ළමුන් සඳහා තමන්ගේ බලවත් ආශාව “සහජයෙන්ම” ඇති වූවක් කියා, එලෙසම නිදහසට බොළඳ කරුණු ඉදිරිපත් කර සිටිති. එහෙත් ඔවුන්ගේ ලිංගික ආශාව වැරදි ආශාවක් නොවේ යයි කිසිවෙකුට පැවසිය හැකිද? තමන්ගේම ලිංගයේ කෙනෙකු සඳහා ලිංගික ආශාවද එසේමය.

එබැවින් තමන්ගේම ලිංගයේ අය කෙරෙහි සිත් ඇදී ගිය යෞවනයන් තමන්ගේම හැඟීම්වලට යටත් වීමෙන් වැළකිය යුතුය. එහෙත්, බයිබලය එක එල්ලේ සමලිංගිකතාව හෙළාදකින්නේ මන්ද? එම ජීවන-රටාව සැබවින්ම අශික්ෂිත හා දුරාචාරමයද? එසේනම්, එවැන්නකින් වැළකීමට යෞවනයෙකුට කළ හැක්කේ කුමක්ද? මතු පිබිදෙව්! කලාපයක මෙම ප්‍රශ්න ගැන සාකච්ඡා කරනු ඇත. g95 2/8

[පාදසටහන්වල]

a ස්ත්‍රී සමලිංගිකතාවේ වර්ධනය පිළිබඳව සාපේක්ෂ වශයෙන් කර ඇත්තේ ස්වල්ප සෝදිසි කිරීමකි. එහෙත්, මෙහිදී පවුල් බලපෑම්ද යම් කාර්යභාරයක් ඉටු කරන බවට සැකයක් නැත.

b වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්. මගින් ප්‍රකාශිතය.

c පැරණි ග්‍රීසියෙහි සමලිංගිකතාව වැඩිවීම සඳහා පැහැදිලි සාධකයකි ලිංගික ආත්මාර්ථය සඳහා ළමයින් යොදාගැනීම. බාල පිරිමි ළමුන්ව දූෂණය කරන වයසින් වැඩිවූවන්ව යොමු දැක්වූයේ “වෘකයන්” වශයෙනි—එනම් “කෑදරකමේ හා ගරුසරු නැති රෞද්‍රත්වයේ සංකේතයකි.” ඔවුන්ගේ බාල ගොදුරුවූවන්ව හැඳින්වූයේ “බැටළුවන්” ලෙසිනි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න