ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 6/8 30-31 පි.
  • ලෝකය දෙස බැලීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය දෙස බැලීම
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ගබ්සාවන් කොපමණක්ද?
  • ජීවත්වීමට වඩාත්ම සුදුසු ස්ථානය
  • බ්‍රසීලයේ ඉන්දියානු කණ්ඩායම්
  • සාර්ථක ශල්‍යකර්මයක්
  • ඒඩ්ස්වලට සුවයක් පෙනෙන තෙක්මානයේ නැත
  • ජීවිතයේ මුල් අවදියේදී බලපානු ලබන දරුවන්
  • ගමන් කිරීමේදී සුපරික්ෂාකාරි වන්න
  • අනතුරක් කරන්ට අදහසක් නැත
  • උගත් නළාකාරයෝ
  • “මිනිස් ඉතිහාසයේ මහා දරුණුම වසංගතය”
    2002 පිබිදෙව්!
  • ඒඩ්ස් ඇති අයට උපකාර කිරීම
    1994 පිබිදෙව්!
  • ඒඩ්ස්—මා සිටින්නේ අවදානම් තත්ත්වයක ද?
    1994 පිබිදෙව්!
  • ඒඩ්ස් ව්‍යාප්තව පවතින ස්ථාන
    1995 පිබිදෙව්!
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 6/8 30-31 පි.

ලෝකය දෙස බැලීම

ගබ්සාවන් කොපමණක්ද?

“මුළු ලොවේම වාර්ෂිකව නීත්‍යනුකූල ගබ්සාවන් මිලියන 33ක් පමණ සිදු කෙරේ, තවද නීත්‍යනුකූල නොවන ගබ්සාවන්ද මෙම සංඛ්‍යාවට එකතු කරනු ලැබේ නම්, මුළු එකතුව මිලියන 40ත් මිලියන 60ත් අතර වනු ඇත” යනුවෙන් බ්වානස් අයිරිස්හි ක්ලාරින් නමැති පුවත්පත පවසයි. “ලෝකයේ ජනගහනයෙන් සියයට 76ක් ජීවත්වන්නේ, ගබ්සාවන් සිදු කිරීම නීත්‍යනුකූල දෙයක් වන රටවලය.” ගබ්සා කිරීම් මගින් අවසන් කරනු ලබන ජීවිතවල සංඛ්‍යාව ආජෙන්ටීනාවෙහි ජනගහනයටත් වඩා වැඩි වන අතර, බ්‍රිතාන්‍යය, ඊජිප්තුව, ප්‍රංශය, ඉතාලිය දකුණු අප්‍රිකාව හෝ තුර්කිය බඳු රටක මුළු ජනගහනයම වාර්ෂිකව විනාශ කිරීමට සමාන වේ. දෙවන ලෝක යුද්ධයේ වසර හය පුරා විනාශ වූ මිලියන 50ක් පමණ බවට තක්සේරු කර තිබෙන මුළු ජීවිත ගණන සමඟ එය සන්සන්දනය කළ හැක.

ජීවත්වීමට වඩාත්ම සුදුසු ස්ථානය

ලෝකයේ, ජීවත්වීමට වඩාත්ම සුදුසු ස්ථානය හැටියට එක්සත් ජාතීන් විසින් කැනඩාව තෝරාගෙන තිබේ. “එම ලැයිස්තුව සකස් කරනු ලැබූ වසර පහ තුළ රටවල් 173කින් කැනඩාව ප්‍රථම ස්ථානය දිනාගත් දෙවනි වාරය මෙයයි,” යනුවෙන් ද ටොරොන්ටෝ ස්ටාර් වාර්තා කරයි. “කෙසේවෙතත්, කැනේඩියානු ජාතිකයන් ලෝකයේ ඉහළතම ජීවන මට්ටමක් භුක්තිවින්ද බව මින් අඟවන්නේ නැති” බව එහි තවදුරටත් සඳහන් වේ. වඩාත්ම සුදුසු ස්ථානය හැටියට කැනඩාව තෝරාගනු ලැබුවේ මන්ද? එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් සකස් කරන ලද එම වාර්තාවේ, රටවල් බෙදනු ලබන්නේ සාධක තුනකට අනුවය: එනම් සාමාන්‍ය ආදායම, අධ්‍යාපනික සාමර්ථ්‍යය සහ ආයුෂ කාලය යන ඒවාය. කැනේඩියානු ජාතිකයෝ අවුරුදු 77.2ක සාමාන්‍ය ආයු කාලයක් සමඟින්, දීර්ඝායුෂ සඳහා හයවන ස්ථානය ලබාගත්හ. අධ්‍යාපනය හා සෞඛ්‍යාරක්ෂාව සඳහා වියදම් කළ මුදල් ප්‍රමාණය හා රූපවාහිනී යන්ත්‍ර සහ මෝටර් රථ වැනි දේවලට හිමිකාරකම් සම්බන්ධයෙන් ගත් කල, ලැයිස්තුවේ ඉහළ ස්ථානයට කිට්ටුවෙන් පැමිණියේ කැනඩාවයි.

බ්‍රසීලයේ ඉන්දියානු කණ්ඩායම්

“සුදු ජාතිකයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වූ නැතහොත් ඉඳහිට හා මිත්‍රශීලී නොවන ආකාරයකින් සම්බන්ධකම් පවත්වන, ඉන්දියානු කණ්ඩායම් 59ක් බ්‍රසීලයේ තවමත් සිටී,” යනුවෙන් ඕ එස්ටාඩො ඩ සැවු පවුලූ වාර්තා කරයි. “ජාතික ඉන්දීය පදනම මගින් 80ගණන්වල ආරම්භයේ පටන් හඳුනාගෙන ඇත්තේ මෙම එකතුවෙන්, කණ්ඩායම් නවයක් පමණි.” ඇමසන් වනාන්තරවල තවත් අලුත් ගෝත්‍ර සොයාගනු ලබමින් පවතී. වෙන් වූ ඉන්දියානුවන්ගෙන් බහුතරයක්, 150දෙනෙකුගෙන් හෝ ඊට වඩා අඩු සංඛ්‍යාවන්ගෙන් යුත් කණ්ඩායම් ලෙස ජීවත්වෙත්. බ්‍රසීලයට ඉන්දියානු ප්‍රදේශ 532ක් තිබෙන අතර, විවිධ ජනවාර්ගික කණ්ඩායම් 180ක්ද, ඉන්දියානුවන් දෙලක්ෂ හැටදහසක්ද එහි සිටිත්. ඔවුහු වර්ග කිලෝමීටර 9,09,705ක ඉඩ ප්‍රමාණයක පදිංචි වී සිටිත්, එය බ්‍රසීලයේ භූමි ප්‍රදේශයෙන් සියයට 11ක් පමණ වේ, කෙසේවෙතත් මෙම ප්‍රදේශවලින් අඩකට පමණ නියම කරන ලද සීමා නැත. නවීන දින ලෝකයේ බලපෑම්වලින් යටපත්වීමෙන් මුළුමනින්ම බේරී, ගෝත්‍ර අතර මිත්‍රකම් පිහිටුවාගැනීමට උපකාර කිරීමේ අටියෙන් ගෝත්‍රීය සාමාජිකයන්ට වීඩියෝ කැමරාවක් භාවිත කරන අයුරු පරිසර විද්‍යාඥයන් විසින් උගන්වා තිබෙන අතර, එමගින් ඔවුන්ට ග්‍රාමීය ව්‍යවහාරයන් පටිගත කර ළඟ පාත වාසය කරන කණ්ඩායම් සමඟ එම පටිගත කිරීම් බෙදාගැනීමට හැකි වනු ඇත. මෑතකදී, එකිනෙකාගේ චිත්‍රපට නැරඹීමෙන් පසුව, වයියාපී සහ සොයී යන කණ්ඩායම් දෙක හමුවිය. එකිනෙකට සමාන භාෂා කතා කළ ඔවුන්, තම පුරාණ කතා හා සම්ප්‍රදායයන් මෙන්ම දඩයම් කිරීමේ, රෝග සුව කිරීමේ ආහාර පිසීමේ සහ ගෙතීමේ ක්‍රම ගැන සාකච්ඡා කළහ.

සාර්ථක ශල්‍යකර්මයක්

ලා ස්ටාම්පා නම් ඉතාලි පුවත්පත මෙසේ පවසයි: අප්‍රියෙල් මාසයේදී, දෙවන ජුවාම් පාවුල් පාප්ගේ ශල්‍යකර්මය සිදු කළ වෛද්‍ය කණ්ඩායම, “එම ශල්‍යකර්මය “ඉතා සාර්ථක වූ” බව, “මුළුමනින්ම සාධාරණ ආඩම්බරයක් ඇතුව” ප්‍රකාශ කළහ. එනමුත් සිටින පාප්ට කර තිබෙන ශල්‍යකර්මවලට සැමවිටම හොඳම ප්‍රතිඵල තිබී නැත. වර්ෂ 1981දී ඔහුව ඝාතනය කිරීමට තැත් කිරීමකින් පසුව ශල්‍යකර්මයක් සිදු කළ අවස්ථාවේදී, රුධිර ප්‍රවේශන නිසා හටගත් ඉතා බරපතළ සයිටමෙගලොවයිරස් ආසාදනයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මාස දෙකකට IIවන ජුවාම් පාවුල්ට රෝහල්ගත වීමට සිදුවිය. එබැවින්, ලා ස්ටාම්පා පුවත්පතට අනුව, මෙවර “අධික ලේ ගැලීමක් සිදුවුවත්,” රුධිර ප්‍රවේශන නියම කරනු ලැබුවේ නැත. ඒ වෙනුවට, “පාප්ගේ රුධිරය යථා තත්වයට පත් කිරීමෙන් පසුව, ජීවාණුහරණය කර, ශල්‍යකර්මයේදීම නැවත ශරීරගත කරනු ලැබූ” බව එම පුවත්පත සඳහන් කරයි.

ඒඩ්ස්වලට සුවයක් පෙනෙන තෙක්මානයේ නැත

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ජපානයේ පවත්වනු ලැබූ, ඒඩ්ස් සම්බන්ධ 10වන ජාත්‍යන්තර සම්මේලනයේදී, ඒඩ්ස් වැළැක්වීම සඳහා එන්නත් නිෂ්පාදනය කිරීම, එමෙන්ම එයට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීමේ වෑයම් බොහෝදුරට අසාර්ථක වී තිබෙන බවත්, මෙම දශකයේ අවසානය වන විටත් කිසිවක් බලාපොරොත්තු විය නොහැකි බවත් පිළිගන්නා ලදි. “අප සිටින්නේ ලෝකයේ H.I.V. වසංගතයේ ආරම්භක අවදියේ පමණයි,” යනුවෙන් ඇට්ලන්ටා ජෝර්ජියාවෙහි රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ වෛද්‍ය ජේම්ස් කරන් පැවසුවේය. ලොව වටා පුද්ගලයන් මිලියන 17කට පමණ එම රෝගය බෝවී තිබෙන බව සඳහන් වන අතර, මෙය පසුගිය වසරට වඩා මිලියන 3ක වැඩිවීමකි. මෙම සංඛ්‍යාවෙන් මිලියන එකක් දරුවන් වීම ශෝකයට කරුණකි. එම වේගයම දිගටම පැවතුණහොත්, වර්ෂ 2000 වන විට පුද්ගලයන් මිලියන 30 සිට 40ක් දක්වා ආසාධිත වනු ඇති බව, ජගත් සෞඛ්‍ය සංවිධානය පවසයි. මාස 12ක් ඇතුළත සම්පූර්ණයෙන් හටගත් ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 60කින් වැඩි වූ අතර, 1994 වර්ෂයේ මැද භාගය වන විට මියගිය අය ඇතුළත්ව මුළු එකතුව මිලියන හතර දක්වා පැමිණියේය. HIV වෛරසයෙන් ආසාධිත වන කාලය පටන් ඒඩ්ස් සහලක්ෂණ පහළ වන තෙක් වසර දහයක් පමණ ගතවිය හැකිය. වර්ධනය වන මෙම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා වූ ප්‍රගතියේ ප්‍රමාදය නිසා, ඒඩ්ස් සම්මේලනය වාර්ෂිකව වෙනුවට වසර දෙකකට වරක් පවත්වනු ලබන බව නිවේදනය කරන ලදි, එහෙයින් ඊළඟ රැස්වීම 1996 ජූලි මාසයේදී කැනඩාවේ, බ්‍රිතාන්‍ය කොළම්බියාවේ, වැන්කූවර්හි පවත්වනු ලැබේ.

ජීවිතයේ මුල් අවදියේදී බලපානු ලබන දරුවන්

“ලෝකය කෙරෙහි වූ දරුවෙකුට තිබෙන ප්‍රවණතාව බොහෝ සෙයින් රඳා පවතින්නේ, ඔහුට හෝ ඇයට වයස අවුරුදු 3ක් වීමට පෙර ලැබෙන පෝෂණයේ ප්‍රමාණය මතයි, මෙයට පිළිවෙළින්, ස්නායුවේදීය වර්ධනය කෙරෙහිද නිර්මාණාත්මක ආකාරයකින් ගැටලු විසඳීමට දරුවෙකුට තිබෙන විශ්වාසය හා හැකියාව මතද බලපෑමක් තිබේ,” යනුවෙන් ටොරොන්ටෝහි ද ග්ලෝබ් ඇන්ඩ් මේල් වාර්තා කරයි. “පීඩිත ආර්ථික හා සමාජීය තත්වයන් යටතේ ජීවත්වන තරුණයන්ට හොඳින් සකස් වූ, ඵලදායී වැඩිහිටියන් බවට වර්ධනය වීමට එතරම් ප්‍රස්තාවක් නැත.” උසස් පර්යේෂණ සඳහා කැනේඩියානු ආයතනයේ සභාපති වෛද්‍ය ෆ්‍රේසර් මස්ටර්ඩ්ට අනුව, එබඳු දරුවන්ට, පාසැලෙන් ඉවත් වී, අපරාධ මගින් ගැටලු විසඳීමට නැඹුරුවාවක් දැක්වීමට වැඩි ඉඩකඩක් තිබේ. “සාර්ථක ලෙස කටයුතු කිරීමේ කුසලතා ඔබ කොතරම් හොඳින් වර්ධනය කරගන්නවාද යන්න සමාජයට ඔබව හැඩගස්වාගැනීම සඳහා වූ ඔබගේ හැකියාව කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි,” යනුවෙන් ඔහු පැවසුවේය. යේල් විශ්වවිද්‍යාලය හා මොන්ට්‍රියෙල් විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද අධ්‍යයනවලින් අඟවන්නේ “දරුවන් සමඟ අර්ථවත් දෙමාපිය අන්‍යොන්‍ය සම්බන්ධය, යෞවනයෙකුගේ කායික, ඥානන හා චිත්තවේගීය වර්ධනය සඳහා විශාල ප්‍රයෝජනයක් වන බවයි” යනුවෙන් ග්ලෝබ් සඳහන් කරයි.

ගමන් කිරීමේදී සුපරික්ෂාකාරි වන්න

ගමන් කිරීමේදී ඔබ අවට සිදුවෙමින් පවතින දේවල් ගැන සුපරික්ෂාකාරි වන්න. “සිහිකල්පනා අඩු මගීන් කෙරෙහි බඩු සොරාගන්නන්ට හා ගැටකපන්නන්ට වැළැක්විය නොහැකි ආකර්ෂණයක් තිබේ,” යනුවෙන් බ්‍රසීලයේ ක්ලෝඩියා සඟරාව දන්වයි. එමෙන්ම, “යමෙකු ඔබේ ඇඟේ හැපුණොත් එසේත් නැතහොත් ඔබේ ඇඳුම්වල යමක් හැලුවොත්, අවදිවන්න. අවධානය වෙනතකට යොමු කිරීම සඳහා මේවා ප්‍රසිද්ධ උපායන්ය.” එමෙන්ම, යමෙකු ඔබගෙන් යම් විස්තර හෝ උපකාර ඉල්ලුවොත් පරෙස්සම්වන්න. ඔබේ සිත යන්තම් වෙනතකට යොමුවීම, ඔබේ බඩුබාහිරාදිය අහිමි වීමට සැලැස්විය හැක. සැවො පවුලෝහි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආඩ්රියානෝ කාලේරෝට අනුව, ගුවන් තොටුපොළකට ඇතුල් වී තොරතුරු සැපයීමේදී, මෝටර් රථ කුලියට ගන්නා ස්ථානයක ලියකියවිලි අත්සන් කිරීමේදී, හෝටලයකට පැමිණි විට තොරතුරු සැපයීමේදී හෝ ඉන් පිටව යද්දී, දරුවන්ව කුලී රථයක වාඩිවීමට සලස්වද්දී, සාප්පුවල පිටතින් සිට නැරඹීමේදී, එසේත් නැතහොත් කෝපි පානය කරද්දී විශේෂයෙන් සුපරික්ෂාකාරි වීම වැදගත්ය. ඔබේ යතුරු සොරාගෙන තිබේ නම්, වහාම දොර අගුළු මාරු කිරීමට එම සඟරාව ඔබට අනතුරු අඟවයි. ඔබේ බඩුබාහිරාදිය තමාට සම්බවුණ බව පවසමින් නැති වූ සියල්ල නැවත දීමට සොරාට හැක, එහෙත් පසු කලක ඔබේ ගෙට ඇතුල්වීමට හැකි වන පරිදි, ඔබේ යතුරු කැරැල්ල වගේම යතුරු කැරැල්ලක් ඔහු සාදාගෙන තිබෙනවා විය හැක.

අනතුරක් කරන්ට අදහසක් නැත

ජපානයට පැමිණෙන අමුත්තන්, “විදේශීන් එපා” යයි සඳහන් කරන සංඥා දකින විට සිත රිදවාගැනීම හෝ අමනාප වීම සුදුසු නැත, යනුවෙන් පැමිණිලි පරීක්ෂා කරන සංවිධානයක් වන ජපෑන් හෙල්ප්ලයින් ප්‍රකාශ කරයි. ඇත්තවශයෙන්ම සංඥාවලින් වැඩිහරියක්ම ප්‍රදර්ශනය කොට තිබෙන්නේ උපකාරවත් වීමට තැත් කරන ජනයා විසිනි. ටෝකියෝවල ආකිහාබාරා ප්‍රදේශයේ කුඩා ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ සාප්පුවක හිමිකරුවෙකු දුන් මෙම පැහැදිලි කිරීම මෙම කල්පනා ක්‍රමයට උදාහරණයක් වේ: “මට [විදේශ භාෂා] කිසිවක් කතා කළ නොහැකි බැවින්, ජපන් භාෂාව කතා නොකරන මගේ සාප්පුවට පැමිණෙන බොහෝදෙනෙකුට මගේ අතින් කරදර සිදුවී තිබේ. ජනයාට අපහසුතා ඇති කිරීමෙන් වැළකීම සඳහා මට කළ හැකි හොඳම දෙය, එබඳු සංඥාවක් දැමීම කියා මා සිතුවා.” ආසාහි ඊව්නිං නියූස්හි මෙසේ වාර්තා විය: “බොහෝ අවස්ථාවලදී තෝරා බේරා කටයුතු කිරීම සිදුවන්නේ ජපන් ජාතික-නොවන අය සමඟ වැඩි සම්බන්ධකමක් නොපැවැත්වූ නිසා, එපා යයි කීම එබඳු තත්වයක් සමඟ කටයුතු කිරීමට වඩාත්ම හොඳ ක්‍රමය යයි සිතන අය සමඟය.”

උගත් නළාකාරයෝ

මී මරන්නන්ගේ තනතුර සඳහා ඇබෑර්තු 76ක් පිරවීමට දැනුම් දීමේදී, බොම්බායෙහි නගර සභා සංස්ථාව ගැටලුවකට අසුවිය. “මී මරන්නෙකු සඳහා වූ විද්‍යාලීය සුදුසුකම හුදෙක් ප්‍රාථමික පාසැල් අධ්‍යාපනය වුවත්, 40,000ක පමණ ඉල්ලුම්කරුවන්ගෙන් බහුතරයක් උපාධිධාරීන්, විශ්වවිද්‍යාලීය සුදුසුකම් ඇත්තන් සහ උසස් පාඨශාලාවලින් ඉවත් වූ අය,” වූ බව ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් වාර්තා කරයි. “උපාධිධාරියෙක්ව මී මරන්නෙක් හැටියට අප පත් කරන්නේ කෙසේද?” යනුවෙන් එක් නිලධාරියෙක් ඇසුවේය. රාත්‍රියේදී මීයන්ව සොයා මුගුරකින් මරා දමනු ලබන්නේ, අලුත මරණ ලද මීයන් 25කට රු. 100ක (අමෙරිකානු ඩොලර් 3ක් පමණි) ගෙවීමකටය. සමාගම “අලුතෙන් බඳවාගැනීමට වඩා හොඳ ක්‍රමයක්” සොයමින් සිටියි. එහෙත් නාගරික අධිකාරීන් මුහුණ දී තිබෙන එකම ගැටලුව මෙය නොවෙයි. ඔවුන්ට ආගමික ගැටලුවක්ද තිබේ. ජෛන ආගමේ සාමාජිකයන් හා සතුන් මැරීම පිළිනොගන්නා වෙනත් අය විසින්, සතුන්ට කරුණාව දැක්වීමේ පදනමක් මත, මීයන්ව මැරීමෙන් වැළකීමට වැඩකරුවන්ට අල්ලස් දී තිබේ. g95 2/8

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න