ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 9/8 30 පි.
  • අපගේ පාඨකයන්ගෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපගේ පාඨකයන්ගෙන්
  • 1995 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඒඩ්ස් ඇති අයට උපකාර කිරීම
    1994 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    1995 පිබිදෙව්!
  • ඒඩ්ස්—මා සිටින්නේ අවදානම් තත්ත්වයක ද?
    1994 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 9/8 30 පි.

අපගේ පාඨකයන්ගෙන්

සහයෝගය දක්වන දෙමාපියන් “දෙමව්පියෙනි සහායවන්න!” (1995 ජූනි 8) යන ලිපි මාළාව වෙනුවෙන් ඔබට විශේෂ ස්තුතිය ප්‍රකාශ කරන්ට සතුටු වෙමි. මෑතකදී, මගේ බාලම දියණියගේ පාසැලේ විදුහල්පතිනිය, දෙමාපියන් කණ්ඩායමක් සමඟ හොඳ ගුරුදෙගුරු අදහස් හුවමාරුව සම්බන්ධයෙන් සාකච්ඡා කළාය. මම මෙම සඟරාව ඇයට දුන් අතර, ඈ එය වහාම කියෙව්වාය. සතිදෙකකට පසු මගේ දියණිය මට මාසික පාසැල් පුවත් පත්‍රිකාව රැගෙන ආවාය. මුළු සමාජයටම ප්‍රයෝජන ලබාගැනීමට හැකිවන සේ හොඳ අදහස් හුවමාරුව පිළිබඳ එම ලිපියේ කොටස, නැවත මුද්‍රණය කරන ලදි.

ඩබ්ලිව්. බී., එක්සත් ජනපදය

වොල්ෆිනයන් දෙමුහුන් ඩොල්ෆින්/තල්මසා සම්බන්ධයෙන්, “ඒ වේල්? ඒ ඩොල්ෆින්?—නෝ, ඉට්ස් ඒ වොල්ෆින්! (එවේක්! 1994 පෙබරවාරි, 22) යන ලිපිය කියවීමෙන් මම ආස්වාදයක් ලැබුවෙමි. අවසානයේදී ඔබ මෙය “දෙවියන්වහන්සේ විසින් ස්වකීය මැවිල්ල තුළට ගොඩනංවා ඇති පුදුමාකාර විවිධත්වය සඳහා හැකියාව දෙස එබිකම් කිරීමක්” ලෙස හඳුන්වා ඇත. ඔවුන්ගේ සාමාන්‍ය වාතාවරණය යටතේ ඔවුන්ගේ සංසර්ගය සිදුවිය නොහැකි බැවින්, මම මෙයට විරුද්ධ වුණෙමි.

කේ. ජී., එක්සත් ජනපදය

මෙවැනි සංසර්ගයක් සාමාන්‍ය බව හෝ මෙයට දෙවියන්වහන්සේ වගකිව යුතු බව හෝ අපි අදහස් නොකළෙමු. එහෙත් මෙවැනි චිත්තාකර්ෂණීය ජීවියෙකුගේ පැවැත්මට, මනුෂ්‍යයන්ට ප්‍රශංසාව දිය නොහැක. දෙමුහුන් ජීවීන් පවතින්නේ “දෙවියන්වහන්සේ විසින් ස්වකීය මැවිල්ල තුළ ගොඩනංවා ඇති විවිධත්වයේ හැකියාව” නිසා පමණය. මෙනිසා අපගේ ලිපිය, දෙවියන්වහන්සේට අයිති නිසි ගෞරවය ලබා දුන්නේය.—සංස්.

ත්‍රාසජනක ක්‍රීඩා “යං පීපල් ආස්ක් . . . ත්‍රිල් ස්පෝට්ස්—ෂුඩ් අයි ටේක් ඒ චාන්ස්?,” යන ලිපිය තුළ, බන්ජි පැනීමෙන් ඇතිවිය හැකි අන්තරාය ගැන, යෞවනයන්ට හොඳ ආකාරයකින් ඔබ විසින් අනතුරු අඟවා තිබිණ. (එවේක්! 1994, ජූලි 8) මම මෙය කියවා සතියක් යන්ට කලින්, බන්ජි පැනීමෙන් යෞවනයන් හතරදෙනෙකුගේ ඇස්වලට බරපතළ හානි පැමිණි බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව වාර්තා කළේය. ඔබගේ මෙම පුදුමාකාර සඟරාවට ස්තුතියි.

ඩී. එෆ්., එංගලන්තය

මරණයට අතවනන ක්‍රීඩා පිළිබඳ ලිපිය මා අවදි කිරීමට සැලැස්වීය! මම වරක් දළ බෑවුමක් සහිත කන්දක් නැඟ, ඉදිරියට හෝ පසුපසට යා නොහැකිව සිටියෙමි. එදින මා මියයෑමට කොතරම් ආසන්න වූවාද කිවහොත්, අද වෙන තුරු ඒ ගැන මම කම්පිත වෙමි. එය මොනතරම් නාස්තියක් වීමට ඉඩ තිබුණාද!

එල්. ටී., එක්සත් ජනපදය

මම මෙම ලිපිය බොහෝ සේ අගය කළෙමි. මම ජීවත්වන ප්‍රදේශයේ ළමයි මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩා බොහොමයක යෙදෙති. ඔවුන් සමඟ මා හවුල් කරගැනීමට ඔවුහු නිතරම උත්සාහ කරති. ඔවුන් මට පවසන මෙම විනෝදාත්මක ක්‍රීඩාවෙන්, මරණයට පත්වන හෝ බරපතළ ලෙස අනතුරට භාජන වන අය ගැන වාර්තා මම නිතරම ප්‍රවෘත්ති තුළින් දකින්නෙමි. යෙහෝවඃවහන්සේ මට දී තිබෙන ජීවිතය නිකම් වැඩි කල් නොපවතින වින්දනයකට, හානි පමුණුවා ගැනීම අනුවණ දෙයක් බව මෙම ලිපිය කියවීමෙන් පසුව මම වටහාගත්තෙමි.

ජේ. එස්., එක්සත් ජනපදය

ඒඩ්ස් මම අවුරුදු තුනකටත් වඩා කාලයක් පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරයෙකු ලෙස සේවය කළෙමි. කෙසේවෙතත්, දැන් මට නොහැක. මට ඒඩ්ස් වැළදී ඇත. “ඒඩ්ස් ඇති අයට උපකාර කිරීම” යන ලිපිය තුළින්, මෙම අසීරු විෂය, විවෘතව සාකච්ඡාවට ලක් කිරීම ගැන ස්තුති කරමි. (1994 ජූලි, 8) ඔබ සෑමකෙනෙකුගේම කැමැත්ත සිතේ තබාගන්න බව මට පෙනේ. පෙනෙනාකාරයට, ගොදුරුවූවන් සමඟ අනුකම්පාවෙන් යුක්තව කටයුතු කිරීමට දිරිගන්වා ඇති කොටස, බොහෝදෙනෙකුට අතපසු වී ඇති බව පෙනෙන අතර, ඔවුන්, සඳහන් කර ඇති “සාධාරණ පූර්වෝපායන්” මත අවධානය යොමු කර ඇත. මෙම ලිපිය සමහරෙකුට මිත්‍රශීලී නොවීමට අවසර දී තිබෙන මෙන් පෙනෙන්ට තිබේ. මා බොහෝ ආසාදිත වූ විට, මගේ සහෝදරයන්ගේ ප්‍රේමය සහ සහයෝගය, වැඩියෙන් අවශ්‍ය වූ විට කුමක් සිදුවේදැයි මට සිතාගත නොහැකි තරම්ය. වෛරසය වැළදීමේ බියෙන්, මා බැහැදැකීමට සමහරුන් ප්‍රතික්ෂේප කරනු ඇද්ද?

එම්. එන්., එක්සත් ජනපදය

අපි මෙම අවංක විවෘත ප්‍රකාශ අගය කරමු. ඒඩ්ස් රෝගයට ගොදුරුවූවන්ට සහයෝගය දීම අධෛර්යය කිරීම අපගේ පරමාර්ථය නොවීය. සැබවින්ම, අපි මෙසේ ප්‍රකාශ කළෙමු: “වර්තමාන සම්මුතිය මත පදනම්ව සඳහන් කරනවා නම්, සාමාන්‍ය සබඳතා නිසා ඒඩ්ස් රෝගය වැළදෙන්නේ නැත. . . . ඒඩ්ස් රෝගය ඇති අය අවට සිටීම සම්බන්ධයෙන් වුවමනාවට වඩා වැඩියෙන් බියවීමට අවශ්‍ය නැත.” ඒඩ්ස් රෝගයෙන් පීඩා විඳින්නන් සමඟ දයානුකම්පිතව කටයුතු කරන්නන්ට, යම් ප්‍රමාණයකට ආරක්ෂාව දැනීමට, යෝජනා කර ඇති පූර්වෝපායන් උපකාරවත් විය හැක.—සංස්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න