පරිණාමය හා ඔබ
දහනවවන සියවසේදී, මිනිසා දිව්‍ය මැදිහත්වීමකින් තොරව දිගටම පැවතැවිත් තිබුණු බවත්, එසේ දිගටම පවතිනු ඇති බවත්, ජාති සම්භවය විශාල ජනකායකට ඒත්තුගැන්වූයේය. විද්‍යාත්මක වැඩිදියුණු වීම් මගින් වශී කරවනු ලැබූ බොහෝදෙනෙකුට හැඟුණේ, දෙවියන්වහන්සේ තවදුරටත් අවශ්‍ය නැති බවත්, විද්‍යාවට මිනිස් සංහතිය බේරාගත හැකි බවත්ය. දහනවවන සියවස “පණගන්වනු ලැබුවේ, තර්කාන්විතව යොදවනු ලැබූ මිනිස් ප්‍රයත්නවලට ලෝකය මුළුමනින්ම වෙනස් කළ හැකි බවට වූ ඒකාන්ත විශ්වාසය මගින්” බව, ඒජ් ඔෆ් ප්‍රෝග්‍රෙස් (ප්‍රගතියේ යුගය) යන පොත සඳහන් කළේය.”
කෙසේවෙතත්, එම සියවසේ නිමාවට ආසන්නව, චාර්ල්ස් ඩාවින් පවා සිය ශුභවාදී ආකල්පය සම්බන්ධයෙන් චංචල විය. එක් ඉතිහාසඥයෙකුට අනුව, පරිණාමවාදය “දෙවියන්ව මරුමුවට පත් කර තිබූ බවටත්, මිනිස්වර්ගයාගේ අනාගතය සඳහා ප්‍රතිවිපාක තක්සේරු කළ නොහැකි බවටත්” ඩාවින් බිය වූයේය. ඩාවින්ට වඩා බාල වූ ඔහුගේ සමකාලීනයෙක් වූ, ඇල්ෆ්‍රඩ් රසල් වොලස්, මෙසේ සිහිපත් කළේය: “ඩාවින් සමඟ මා අදහස් හුවමාරු කළ අන්තිම අවස්ථාවේදී [එනම් ඩාවින්ගේ මරණයට ටික කලකට පෙර], මිනිස්වර්ගයාගේ අනාගතය පිළිබඳව ඔහු ඉතා අඳුරු සහිත දෘෂ්ටියක් ප්‍රකාශයට පත් කළා.”
මිනිස් ප්‍රයත්න බිහි කර තිබෙන්නේ කුමක්ද?
ඉතා අඳුරු සහිත කාලයක් සැබවින්ම ඉදිරියේ තිබූ බව 20වන සියවසේ ඉතිහාසය එවක් පටන් හෙළි කොට තිබේ. මුළු මිනිස් ඉතිහාසය පුරා වඩාත්ම අඳුරු සහිත, වඩාත්ම ප්‍රචණ්ඩකාරි යුගය බවට පැහැදිලිවම ඔප්පු වී තිබෙන කාලපරිච්ඡේදය මත, ඩාවින්ගේ කාලයේ පටන් සිදුවූ තාක්ෂණික වැඩිදියුණුවීම් වෙස් මුහුණක් දමා තිබෙනවා පමණි. ඉතිහාසඥ එච්. ජී. වෙල්ස් විස්තර කළ පරිදි, අපි “සැබෑ දිරි සුන්වීමක්” තුළ ජීවත්වන්නෙමු.
වොලස් එම ප්‍රකාශය (අවුරුදු 75කට පමණ පෙර) කළ දා පටන්, ලෝකය දිගටම තව තවත් දිරි සුන්වීමක් අද්දැක ඇත. විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන්, සමාජීය නියෝජ්‍ය ආයතන, මිනිස් ආණ්ඩු හෝ ලෝකයේ ආගම් කිරීමට වෑයම් කර තිබෙන කිසිදු දෙයක්, තත්වයට පිළියමක් සැපයීමට හෝ, අඩුම වශයෙන් රැල්ල මැඩපැවැත්වීමටවත් සමත් වී නැත. තත්වයන් දිගටම පිරිහෙමින් පවතී.
එමනිසා, යථාර්ථවාදීව මෙසේ ඇසිය යුතුය: මිනිස් ප්‍රයත්න බිහි කර තිබෙන්නේ කුමක්ද? විද්‍යාව හා තාක්ෂණය වඩාත් හොඳ ලෝකයකට මඟ පාදා තිබේද? “අපි දිනපතා පුවත් පත විවෘත කර, සිදුවන දේ දෙස බලන විට තිබෙන ගැටලු විද්‍යාත්මක ඒවා නොවේ. තිබෙන්නේ සමාජීය සංවිධානයේ ගැටලු, පාලනය කිරීමට බැරි තරම් විශාල වී තිබෙන ගැටලු, ලාභ පසුපස හඹා යමින් මානව අවශ්‍යතා නොසලකා හරින මිනිසුන් පිළිබඳ ගැටලුයි,” යනුවෙන් ජීවවිද්‍යාඥ රූත් හබර්ඩ් පැවසුවාය. හබර්ඩ් තවදුරටත් මෙසේ පැවසුවාය: “සම්පත් සාධාරණව තෝරා බේරා බෙදා දීමකදී පවා, ලෝකයේ ජනයාට වැඩියෙන්ම ප්‍රශ්නයක් වන ගැටලුවලින් එකක් නැතහොත් ඉන් වැඩිහරියක් විසඳීමට විද්‍යාවට හැකිවෙයි කියා මම ඇත්තෙන්ම හිතන්නේවත් නැහැ.”
ඇත්තෙන්ම, මිනිසාට චන්ද්‍රයා බලා ගමන් කළ හැකිවුවත්, මිනිස් පවුලේ මූලික ගැටලු විසඳාගැනීමට බැරි නම්, ඉන් ඇති ප්‍රයෝජනය කුමක්ද? පරමාණු බෝම්බය වැනි, තව තවත් විනාශකාරි වූ අවි ආයුද නිපදවීමෙන්, යුද්ධ හා ජනවාර්ගික සාහසිකකම අවසානයකට පත් කර තිබේද? විද්‍යාවේ සමර්ථකම් මගින් අපරාධ, පවුල් බිඳවැටීම, ලිංගිකව බෝවන රෝග, දුරාචාරය, අවජාතක උපත්, බලය හොබවන තනතුරුවල දූෂණය, දුගීකම, කුසගින්න, නිවාස නොමැතිකම, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, පරිසර දූෂණය ආදිය, සැලකිය යුතු අන්දමකින් අඩු කර තිබේද? නැත, ඊට පටහැනිව, විද්‍යාව මින් සමහර දේවල් වඩාත් නරක අතට පත් කොට තිබේ. දෙවියන්වහන්සේව අත්හරිමින්, ඒ වෙනුවට පරිණාමය හා විද්‍යාව පිහිටුවාගෙන ඇති මිනිස් පවුල, තම තත්වය දියුණු කර තිබෙනවා නොව, එය අසීරු කර තිබේ.
පළමු මිනිසුන් මැවුවාවූ දෙවිකෙනෙකු සිටින බවට වූ විශ්වාසයට වෙනස්ව, මිනිසා වානරයාගෙන් පරිණාමය වූ බවට මතය ගැන බොහෝදෙනෙකුට සැක පහළ වී තිබීම පුදුමයට හේතුවක් නොවේ. එක්සත් ජනපදවල පවත්වන ලද ගැලප් විමසුමක් මෙසේ හෙළි කළේය: මිනිසා දිව්‍ය මැදිහත් වීමකින් තොරව පරිණාමය වූවාය යන විශ්වාසයට පක්ෂ වූයේ අමෙරිකානු ජාතිකයන්ගෙන් සියයට 9ක් පමණි; දෙවියන්වහන්සේ මිනිසාව ඔවුන්ගේ වර්තමාන ස්වරූපයට අනුව මැවූ බවට අදහස, සියයට 47ක් පිළිගනිති.
බයිබලය පුරෝකථනය කළ දේ
මිනිසා පරිපූර්ණත්වය කරා ප්‍රගතිය ලබන බවට ජාති සම්භවය අනාවැකි පළ කළද, ලෝකය සදාචාර අර්බුදයක් මගින් සොලවනු ලබන බව බයිබලය පුරෝකථනය කළේය. (මතෙව් 24:3-12; 2 තිමෝති 3:1-5) එමෙන්ම, මෙම අර්බුදය උච්චාවස්ථාවකට පත්වන බවත්, ඉන් අනතුරුව, අදදින පවතින ගැටලුවලින් නිදහස් පාරාදීසයක් විශ්වාසවන්ත මිනිස්වර්ගයාට අත්වන බවත් බයිබලය පුරෝකථනය කළේය.—ගීතාවලිය 37:10, 11, 29; යෙසායා 11:6-9; 35:1-7; එළිදරව් 21:4, 5.
මෙම බලාපොරොත්තුව බොහෝදෙනෙකුහට මහත් උනන්දුවකින් බයිබලය පරීක්ෂා කර බැලීමට සලස්වා තිබේ. සැබවින්ම ජීවන සටනකට වඩා වැඩි යමක් ජීවිතයේ අරමුණට ඇත්තෙන්ම ඇතුළත් විය හැකිද? මිනිසාගේ අතීතයට පමණක් නොව, ඔබේ අනාගතය ඇතුළු මිනිසාගේ අනාගතයට යතුර බයිබලයේ තිබෙනවා විය හැකිද? බයිබලය දෙවියන්වහන්සේ ගැනත්, මේ පෘථිවිය සඳහා මෙන්ම එහි වැසියන් සඳහා උන්වහන්සේගේ අරමුණ ගැනත්, ඇත්තෙන්ම උගන්වන්නේ කුමක්දැයි විමසා බැලීම ඉතා අගනා දෙයක් වනවා ඇත. වැඩිමනත් තොරතුරු ලබාගැනීමට ඔබ කැමති නම්, ඔබට උපකාර කිරීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සතුටු වනවා ඇත.
[9වන පිටුවේ කොටුව]
මැවුම්කාර දෙවිකෙනෙකු පිළිබඳ සාක්ෂි දෙස වඩාත් සියුම් බැලීමක් හෙළීම සඳහා, මිලියන ගණනකට උපකාරවත් වී තිබෙන්නේ, ලයිෆ්—හෞ ඩිඩ් ඉට් ගෙට් හියර්? බයි එවලූෂන් ඕර් බයි ක්‍රිඒෂන්?a යන පොත භාවිත කිරීමය. දැනට, එය භාෂා 27කින් පිටපත් මිලියන 30ක් පමණ මුද්‍රණය කර තිබේ. එමෙන්ම, පරිණාමවාදයේ වලංගුතාව සම්බන්ධයෙන් සැබෑ විද්‍යාවේ සාක්ෂි පෙන්නුම් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ තොරතුරු, පිබිදෙව්! සඟරාවේ අඛණ්ඩව පළ වේ.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිතය
[8, 9වන පිටුවේ පින්තූරය]
පරිණාමවාදයට වෙනස්ව, අදදින සදාචාර අර්බුදය හා එයට පිළියම—කරදරවලින් තොර පාරාදීසයක් බව බයිබලය පුරෝකථනය කළේය
[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
U.S. Coast Guard photo
[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
හාමතෙන් පෙළෙන දරුවා: WHO photo by P. Almasy
[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
දකුණ: U.S. National Archives photo