සාගර ඖෂධාලය
කැනඩාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
ස්වාභාවික ඖෂධ ලබාගන්නේ කොතැනින්ද? ශාක සහ පැළෑටි ඔබගේ මනසට වඩාත්ම පහසුවෙන් පැමිණෙනවාට කිසිම සැකයක් නැත. කෙසේවෙතත්, ද මෙඩිකල් පෝස්ට් යන සඟරාවට ලියන වෛද්‍ය. මයිකල් ඇලන්, වඩාත්ම අසාමාන්‍ය උල්පතකින් ඖෂධ ලබාගන්නා බව විස්තර කරයි—එනම් සාගරයයි.
මෙය අලුත් දෙයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ; ශතවර්ෂ ගණනාවකට චීන ජාතිකයන් මත්ස්‍ය සාරය රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කර තිබේ. වැඩිහිටියන් බොහෝදෙනෙක් විසින් සහතික කළ හැකි පරිදි මෝර තෙල් දීර්ඝ කාලයක් පුරා පැවත තිබේ. එහෙත්, ශාක සහ පැළෑටි පිළිබඳ දන්නා දේ හා සසඳන විට, සමුද්‍රය හා සම්බන්ධ ජීවිතවල ප්‍රතිකාර කිරීමේ බලය පිළිබඳව දන්නේ ස්වල්පයකි.
එහෙත්, සොයාගන්නා ලද දේ චිත්තාකර්ෂණීයය. උදාහරණයක් වශයෙන්, පේත්තයා නමැති මත්ස්‍යයා මගින් නිපදවන ලද රසායනික ද්‍රව්‍යය ඇදුම රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කළ හැක. මූදු හතුවල දක්නට ඇති නියුක්ලියෝසයිඩ, විඩරාබින් නමැති ප්‍රතිවෛරස ඖෂධය නිපදවීමට මඟ පාදා තිබේ. දුඹුරු ඇල්ගීවලින් පිළිකාවට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කළ හැකි ස්ටයිපොඩයොන් නමැති සෛල-විභාජන නිෂේධකයක් ලබාගෙන තිබේ. මෙය ආරම්භයක් පමණි.
කෙසේවෙතත්, රෝග සඳහා නිත්‍ය ප්‍රතිකාරයක් සාගර ඖෂධාලයෙන් සොයාගත නොහැක. අනික් අතට, දෙවියන්වහන්සේගේ රාජ්‍යයට පමණක් මෙම ප්‍රබෝධවත් අනාවැකිය සම්පූර්ණ කළ හැක: “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.”—යෙසායා 33:24.