ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 10/8 20 පි.
  • ළමුන්ගේ සෞඛ්‍යය රැකීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ළමුන්ගේ සෞඛ්‍යය රැකීම
  • 1997 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පිළියම් සොයමින්
    2000 පිබිදෙව්!
  • ළමුන් ආරක්ෂා කිරීමට වූ වෑයම්
    1994 පිබිදෙව්!
  • මව්කිරිවල ගුණයට පක්ෂව සාක්ෂි
    1994 පිබිදෙව්!
  • ඔබේ ආහාර කෙතරම් පෝෂ්‍යදායීද?
    1995 පිබිදෙව්!
තව තොරතුරු
1997 පිබිදෙව්!
g97 10/8 20 පි.

ළමුන්ගේ සෞඛ්‍යය රැකීම

බොහෝ දේශවල ළමුන්ගේ සෞඛ්‍ය තත්වය සැලකිය යුතු තරම් දියුණු තත්වයක පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) මෑතකදී නිකුත් කළ වාර්තාවක් වන ද ප්‍රෝග්‍රස් ඔෆ් නේෂන්ස් (ජාතීන්ගේ ප්‍රගතිය) පෙන්වනවා. ආණ්ඩුවල සහ ජාත්‍යන්තර සංවිධානවල එක්සත් ක්‍රියාකාරි වෑයම නිසා, රටවල් ගණනාවක වයස අවුරුදු පහට අඩු ළමා මරණ සංඛ්‍යාව පහත බැස තිබෙනවා. කෙසේවෙතත්, සෑම වසරකදීම ළදරු ජීවිත මිලියන බොහොමයක් සරල මෙන්ම අඩු වියදම් මාර්ගයකින් රැකගැනීමට, විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවලට හැකි බව ජාතීන්ගේ ප්‍රගතිය තවදුරටත් පෙන්වනවා. මේ දේශවල මෙන්ම වෙනත් ප්‍රදේශවල සිටින දෙමාපියන්, වාර්තාවේ ඇතුළත් පහත නිර්දේශයන් ප්‍රයෝජනවත් බව සොයාගනීවි.

මව්කිරි දීම. “හොඳ සෞඛ්‍යය සහ පෝෂණය ආරම්භ කළ හැකි හොඳම ක්‍රමය නම් මව්කිරි දීමයි” කියා වාර්තාව උපදෙස් දෙනවා. ජගත් සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, “සියලුම බිළිඳුන්ට මුල් මාස හයේදී පමණ සම්පූර්ණයෙන්ම මව්කිරි දෙනු ලැබුවහොත්, වසරකට බිළිඳු ජීවිත මිලියනයකට වැඩිය බේරාගත හැකියි.” රෝහල් සහ මාතෘ ඒකක මේ සඳහා ප්‍රබල ආදර්ශයක් සපයන නිසා, යුනිසෙෆ් සහ WHO “බිළිඳු සුභසාධනය හඳුන්වා දෙන රෝහල්” සඳහා අනුබල දෙමින් සිටිනවා. ඔවුන්ගේ පරමාර්ථය නම්, මව්කිරි දීම පිළිබඳ අලුත උපන්නවුන්ගේ මව්වරුන්ට මව්කිරි දීම පිළිබඳව අවශ්‍ය සහය සහ නිසි උපදෙස් දීමට රෝහල් පෙලඹවීමයි.

සනීපාරක්ෂාව සහ පිරිසිදු ජලය. “ආරක්ෂිත ජලය මගින්, වැසිකිළි පාවිච්චියෙන්, ආහාර පරිහරණයට කලින් අත් සේදීමෙන්, ආහාර ආරක්ෂිතව පිළියෙළ කිරීමෙන් සහ ගබඩා කිරීමෙන් රෝග සංඛ්‍යාව ප්‍රබල ලෙස අඩු කරගත හැකි” බව වාර්තාව සඳහන් කරනවා. බොහෝ ප්‍රජාවන්හි, අවශ්‍ය තරම් පිරිසිදු ජලය ලබාගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්න අවශ්‍ය වුවත්, දරුවාට මෙන්ම පවුලේ සෞඛ්‍යය සඳහා එය නැතුවම බැරිය.

පෝෂණය. වාර්තාවට අනුව, මිලියන තුනක් තරම් ළමුන් සංඛ්‍යාවක් සෑම වසරකම මියයෑම වළකාගන්න විටමින්-ඒ අතිරේක ප්‍රමාණවලට හැකියි. ගැටලුවට විසඳුම පවතිනවා, වැය වන මුදල දරන්න පුළුවන්; ආහාර රටාව දියුණු කරගැනීමෙන්, පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාරවලින් හෝ විටමින්-ඒ කරල් ලබා දීමෙන් මෙය අත් කරගත හැකි බවද එය පවසනවා. විටමින්-ඒ ඌනතාව පොදුවේ පවතින දේශවල බාල ළමුන්ට රුපියල් එකයි විස්සේ විටමින්-ඒ කරල් කලින් කලට ලබා දීම ඵලදායී බව ඔප්පු වී තිබෙනවා. ගස්ලබු, අඹ, කැරට්, කොළ පැහැති පත්‍ර ඇති එළවළු සහ බිත්තර වැනි ආහාරත් නිර්දේශ කර තිබෙනවා.

මුඛයෙන් ලබා දෙන විජලන චිකිත්සාව. අඩු වියදමෙන් සහ පහසුවෙන් පිළියෙළ කරගත හැකි—පිරිසිදු ජලය, දියලුණු සහ සීනි හෝ හාල් පිටි මිශ්‍රණයේ උපකාරයෙන්, අතීසාරය හේතුවෙන් වාර්ෂිකව සිදු වන ළමා මරණ සංඛ්‍යාවෙන් අඩක් වළකාගන්න හැකි බව යුනිසෙෆ් ප්‍රකාශ කරනවා.a දෙමාපියන් නොකඩවාම තමන්ගේ දරුවාට ළමා ආහාර දිය යුතුයි. මේ මාර්ගයෙන් දැනටමත්, ඇස්තමේන්තු කර ඇති ආකාරයට වසරකට ජීවිත මිලියනයක් බේරාගනු ලබමින් තිබෙනවා.

[පාදසටහන]

a ඔබේ දරුවන්ගේ සෞඛ්‍යය රැකගැනීම පිළිබඳ තවත් තොරතුරු සඳහා, කරුණාකර 1995 අප්‍රියෙල් 8, පිබිදෙව්!හි (ඉංග්‍රීසියෙන්) 3-14 පිටු බලන්න.

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

WHO

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න