ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g01 10/8 28 පි.
  • ඔබේ දරුවා සුරැකිව සිටීද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබේ දරුවා සුරැකිව සිටීද?
  • 2001 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ආරක්ෂිත පියවර
  • උපදෙස්
  • ආරක්ෂාව සඳහා ආරක්ෂක පටි පළඳින්න
    1998 පිබිදෙව්!
  • රිය අනතුරු වළක්වාගනිමු!
    2011 පිබිදෙව්!
  • ඔබේ දරුවාව අනතුරුවලින් ආරක්ෂා කරගන්න
    1999 පිබිදෙව්!
  • ඔබේ දරුවාව ආරක්ෂා කරගත හැකි අයුරු
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2001 පිබිදෙව්!
g01 10/8 28 පි.

ඔබේ දරුවා සුරැකිව සිටීද?

එක්සත් ජනපදයේ ජාතික මහාමාර්ග ප්‍රවාහණ ආරක්ෂක අධිකාරිය (NHTSA) පවසන පරිදි, වයස අවුරුදු 5 සිට 14 දක්වා දරුවන් ප්‍රධාන වශයෙන් මියයන්නේ රිය අනතුරු හේතුවෙනි. NHTSA මෙසේ පවසයි: “දරුවන්ගෙන් සියයට 50කට වඩා රිය අනතුරුවලදී මියයන්නේ අනාරක්ෂිතව සිටින [ආරක්ෂිත උපකරණ භාවිත නොකරන] නිසාය. මීට අමතරව, දරුවන් පස්දෙනෙකුගෙන් හතරදෙනෙකුටම ආරක්ෂිත උපකරණ නිසි ලෙස පළඳන්නේ නැත.”

දරුවන් කැටුව රිය පදවන අය සඳහා NHTSA මගින් ආරක්ෂිත පියවර හා උපදෙස් ගණනාවක් දී තිබේ. රටෙන් රටට හා ජනපදයෙන් ජනපදයට පනවා ඇති නීති රීති වෙනස් වුවත්, බොහෝ දෙමාපියන්ගේ දෛනික සිතුවිල්ල ලෙසද, දරුවන්ට රැකවලුන් ලෙසද ක්‍රියා කිරීමට එම උපදෙස්වලට හැකිය. කරුණාකර ඔබ රටේ පවතින නීති රීති සෝදිසි කර බලා, ඔබ මිණි මුතු මෙන් සලකන ඔබේ දරුවන්ව රැකගැනීමට හැකි සෑම වෑයමක්ම දරන්න.

ආරක්ෂිත පියවර

සෑම දරුවෙකුටම සුරක්ෂිතම තැන වන්නේ පසු ආසනයයි.

1 රථයක පිටුපස ආසනයට සවි කරන ලද, පිටුපසට මුහුණලා සිටින සේ සකස් කළ ආසනයක බිළිඳුන්ව තැබිය යුතුය.

2 අඩුම තරමින් අවුරුද්දක්වත් වයසැති, කිලෝග්‍රෑම් 9ක් පමණ බරැති දරුවෙකු ඉදිරිපසට මුහුණලා සිටින සේ සකස් කළ ආසනයක තැබිය හැක.

3 දරුවාගේ බර කිලෝග්‍රෑම් 18ක් පමණ වෙද්දී, උකුල් පටියකින් හා උරහිස් පටියකින් දරුවාව රඳවා තැබිය හැකි “ළමා ආසනයක්” රථයේ ආසනය මතට සම්බන්ධ කළ හැකිය.

4 දරුවාගේ බර කිලෝග්‍රෑම් 36ක් පමණ හා උස අඩි හතරයි අඟල් නවයක් පමණ වූ විට වැඩිහිටියන් භාවිත කරන ආසන පටියක් භාවිත කිරීමට පටන්ගත හැක.

උපදෙස්

අඩුම තරමින් වයස අවුරුදු 3වත් වන තුරු දරුවන් ඉදිරි මඟී ආසනයෙහි හිඳගෙන නොයා යුතුය. පැසෙන්ජර් එයාර් බෑගවලින් බාල දරුවන්ට හා ළදරුවන්ට දරුණු තුවාල ඇති විය හැක.

ළමා ආසනයක් යොදාගන්නා විට, එම ආසනයට ඉදිරි වැටක් යොදා නැත්නම් උකුල් පටියකින් පමණක් ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබෙනු ඇත.

උරහිස් පටියකින් පමණක් කුඩා දරුවෙකුට ආරක්ෂාවක් ලැබේයයි නොසිතන්න. හදිසි අනතුරකදී එම පටිය නිසා දරුණු තුවාලයක් එසේ නැතහොත් මරණය පවා සිදු කරන තරමටම දරුවාගේ ගෙළ කැපී යා හැකිය.

ළමා ආසන සවි කරන විට හා ඒවා භාවිතයට යොදාගැනෙන විට දී ඇති උපදෙස් හොඳින් පිළිපදින්න. NHTSA පවසන පරිදි, නිසි ලෙස භාවිත නොකළහොත් “‘අධිආරක්ෂිත’ ආසනවලින් පවා දරුවාට ආරක්ෂාව නොලැබෙන්නට ඉඩ තිබේ.”

[28වන පිටුවේ පින්තූරය]

ළමා ආසනයක් නිසි ලෙස සවි කිරීමේදී ආසන පටිය හරියට බැඳ තිබීමත් අවශ්‍යය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න