ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/09 9-10 පි.
  • අප මිහිපිට ජීවත් වීමට හේතුව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප මිහිපිට ජීවත් වීමට හේතුව
  • 2009 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවි අපව නිර්මාණය කළේ ඇයි?
  • දෙවි ගැන ඉගෙනගන්න
  • “බලව! මම සියල්ලම අලුත් කරමි”
    “බලව! මම සියල්ලම අලුත් කරමි”
  • මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න ඔයාටත් පුළුවන්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • මැවීම පිළිබඳ ඉපැරණි වාර්තාවක්—ඔබට එය විශ්වාස කළ හැකිද?
    ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?
  • දෙවියන් දැනටමත් කරලා තියෙන්නේ මොනවාද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 12/09 9-10 පි.

අප මිහිපිට ජීවත් වීමට හේතුව

යෙහෝවා නමැති දෙවි, බුද්ධියෙන් ඉතාමත් උසස් කෙනෙකු බව බයිබලයේ සඳහන් වෙනවා. විශ්වයෙත් එහි ඇති සියලු බලයන්ගෙත් නිර්මාණකරු ඔහුයි. (ගීතාවලිය 83:18; 92:5) ඒ ගැන බයිබලයේ මුල් පරිච්ඡේදයෙහි මෙසේ සඳහන් වෙනවා. “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.” ඉන්පසු දෙවි මිනිසාව ඔහුගේ ‘සමානත්වයෙන්’ එනම් දෙවිගේ ගතිලක්ෂණ ඇතුව නිර්මාණය කළ අතර තම වර්ගයාව බිහි කරමින් පොළොව පුරා පැතිර යන්න කියා දෙවි ඔවුන්ට පැවසුවා.—උත්පත්ති 1:1, 26, 28 නව ලොව පරිවර්තනය, NW.

ඒ අනුව දෙවි පෘථිවියත් එහි ඇති ගස් කොළන් හා සතුන් මෙන්ම විශ්වයත් නිර්මාණය කළේ මනුෂ්‍යයන්ට ඔවුන්ගේ ජීවිත නිකම්ම පවත්වාගෙන යෑම සඳහා පමණක්ද? එමෙන්ම අප පොළොවෙහි ජීවත් වන්නේ දශක කිහිපයකට කා බී ප්‍රීති වෙමින් වර්ගයාව බිහි කිරීම සඳහා පමණක්ද?

දෙවි අපව නිර්මාණය කළේ ඇයි?

දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ ඔහුගේ ප්‍රේමය පෙන්වීමක් ලෙසයි. එනම් මිනිසුන්ද ජීවිතය ප්‍රීතියෙන් භුක්ති විඳිනවාට දෙවි කැමති වූ නිසයි. මිනිසුන්ට අලංකාර පරිසරයකින් නිර්මාණය කරමින් විවිධත්වයකින් යුත් භෞතික දේවල් නිර්මාණය කිරීමෙන් දෙවි සතුටක් අද්දැක්ක බවට කිසිම සැකයක් නැහැ. ඒ සියල්ලටම වඩා මිනිසුන් තමන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් තමා ගැන ඉගෙනගනිමින් කිට්ටු බැඳීමක් ඇති කරගැනීමත් ඔහු ඔවුන්ගෙන් අපේක්ෂා කළා. එමෙන්ම දෙවි ඔවුන්ව නිර්මාණය කළේ සාමකාමී වටපිටාවක් යටතේ සදාකාලයටම ජීවත් වීමටයි.—උත්පත්ති 3:8, 9; ගීතාවලිය 37:11, 29.

යෙහෝවා දෙවි මිනිසුන්ට ඉතාමත් තෘප්තිය ගෙන දෙන වැඩ ලබා දුන්නා. මුල් මිනිස් යුවළට ඔහු ඒ ගැන මෙසේ පැවසුවා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න. පොළොව මත සිටින සියලු සතුන්වද මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද ඔබ යටතේ තබාගන්න.” (උත්පත්ති 1:28, NW) ඔව්, දෙවි ඔවුන්ට මෙන්ම ඔවුන්ගෙන් පැවත එන්නන්ට දුන් පැවරුම වූයේ මුළු පොළොවම ප්‍රීතිමත් පාරාදීසයක් බවට පත් කිරීමයි.

නමුත් දෙවි අරමුණු කළ ලෙස දේවල් සිදු වූයේ නැහැ.a ඒ වුණත් මිනිස් වර්ගයා සම්බන්ධයෙන් ඔහුගේ ඒ මුල් අරමුණ ඉදිරියේදී ඉටු වීමට නියමිතයි.—යෙසායා 46:9-11; 55:11.

මිනිසුන් තවමත් ජීවිතයේ අරමුණ ගැන සොයනවා. ඉන් පැහැදිලි වන්නේ ඔවුන්ට දෙවි ගැන දැනගැනීමේ ආශාවක් හෙවත් අවශ්‍යතාවක් තිබෙන බවයි. දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ බුද්ධිමත් ජීවීන් ලෙස නිසා දේවල් ගවේෂණය කර තේරුම්ගැනීමේ ආශාවක් ඔවුන් තුළ තිබෙනවා. බයිබලයේද පවසන්නේ මිනිසුන් දෙවි ගැනත් ඔහු නිර්මාණය කර ඇති දේවල් ගැනත් ඉගෙනගැනීමෙන් තෘප්තියක් ලබන බවයි.

මිනිසුන්ගේ ජීවිතයේ අරමුණ ගැන බයිබල් ලේඛකයෙක් මෙසේ වාර්තා කළා. “දෙවි මිනිසාට දුන් ජීවිතය ගැන මම හොඳ අවබෝධයක් ලබාගතිමි. ඔහු සෑම දෙයක්ම නියමිත කාලයට, පිළිවෙළට සකස් කරයි. ඔහු සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත. එහෙත් සැබෑ දෙවි කළ සෑම ක්‍රියාවක්ම තේරුම්ගැනීමට මිනිසා කිසිදා සමත් වන්නේ නැත. ජීවිත කාලය පුරාම යහපත කර සතුටු සිතින් සිටීම තරම් හොඳ දෙයක් නැති බව මම තේරුම්ගත්තෙමි. මිනිසා තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීමත් ඉතා යහපත් දෙයකි. එය දෙවිගෙන් ලද ආශීර්වාදයකි.” (දේශනාකාරයා 3:10-13, NW) එවන් තත්වයක් යටතේ මිනිස් වර්ගයාට දෙවි ගැනත් ඔහුගේ නිර්මාණ ගැනත් දැනගැනීමට නිමක් නැහැ.

දෙවි ගැන ඉගෙනගන්න

දෙවි නිර්මාණය කර ඇති දේවල් ගැන සොයා බැලීමෙන් ඔහු ගැන ඉගෙනගැනීමට ඔබට හැකියි. එක් බයිබල් ලේඛකයෙක් පැවසුවේ දෙවිගේ “අදෘශ්‍යමාන ගුණාංග, එනම් ඔහුගේ සදාකාලික වූ බලය සහ දෙවිකම ලෝකය මැවීමේ පටන් පැහැදිලිව පෙනේ. සාදා තිබෙන දේවල්වලින් ඒවා පැහැදිලි ලෙස වටහාගත” හැකියි කියායි. (රෝම 1:20) ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ ප්‍රේමය, ප්‍රඥාව හා බලය ගැන බොහෝ තොරතුරු ඔහුගේ නිර්මාණ තුළින් ඉගෙනගත හැකියි.

යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීමට තවත් උපකාරයක් වන්නේ ශුද්ධ බයිබලයයි. දෙවි කැමති අකමැති දේවල් ඔහුගේ ගතිලක්ෂණ හා අරමුණු ගැනද බයිබලයෙන් බොහෝ දේ ඉගෙනගත හැකියි.

පෘථිවිය සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ ගැන බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “ස්වර්ගය අයිති යෙහෝවා දෙවිටය. පොළොව ඔහු මනුෂ්‍යයන්ට වාසය කිරීමට දුන්නේය.” (ගීතාවලිය 115:16, NW) එයින් පෙනී යන්නේ විශ්වයේ මනුෂ්‍යයන්ට වාසය කිරීමට සුදුසුම ස්ථානය වන්නේ පෘථිවිය බවයි. දෙවි එය නිර්මාණය කළේද එම අරමුණ වෙනුවෙන්මයි.

එසේනම් නිමක් නැති විශ්වය ඔහු නිර්මාණය කළේ ඇයි? සියදහස් ගණන් තාරකා දෙවි නිර්මාණය කළේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ නිසි ක්‍රියාකාරීත්වය හේතුවෙන් පොළොව මත ජීවය පැවතීමට උපකාරයක් ලෙසද? අහසේ ග්‍රහ වස්තූන් දෙවි නිර්මාණය කළේ රාත්‍රී අහස අලංකාර කිරීමට පමණක්ද? ඒ හා සමාන තවත් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු අප තවමත් නොදන්නා බව පිළිගත යුතුයි. එක් අතකින් එය හොඳ දෙයක්! ඒ ඇයි?

යෙහෝවා දෙවිගේ නිර්මාණයන් හා ඔහු අරමුණු කර ඇති දේවල් දැනගැනීමේ කෙළවරක් නැහැ. දෙවි කැමති අප සියලුදෙනාම තව තවත් ඔහු ගැන ඉගෙනගෙන නිමක් නැති සතුට අද්දකිනවාටයි. පොළොව මත සතුටින් පිරි සදාකාල ජීවිතය භුක්ති විඳින විට විශ්වයේ පවතින දේවල් ඇතුළු තවත් බොහෝ දේවල් සොයා දැනගැනීමට ඕනෑ තරම් කාලය තිබෙයි.

[පාදසටහන]

a අද ලෝකයේ පවතින දුෂ්ට දේවල් සහ දුක් වේදනා නිසා ප්‍රේමණීය නිර්මාණකරුවෙකු සිටින බව බොහෝදෙනා විශ්වාස කරන්නේ නැහැ. අද පවතින දුක් වේදනාවලට හේතු දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 11වන පරිච්ඡේදය බලන්න.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ බුද්ධිමත් ජීවීන් ලෙස නිසා දේවල් ගවේෂණය කර තේරුම්ගැනීමේ ආශාවක් ඔවුන් තුළ තිබෙනවා

[10වන පිටුවේ පින්තූර]

දෙවි පොළොව නිර්මාණය කළේ මිනිස් වර්ගයාට ප්‍රීතියෙන් ජීවත් වීමේ අරමුණ ඇතුවයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න