ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 1/12 3 පි.
  • දසත පැතිරී ඇති වංකකම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දසත පැතිරී ඇති වංකකම
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • සැබෑ සාර්ථකත්වයට මඟ අවංකකමයි
    2012 පිබිදෙව්!
  • සාමුවෙල්ගෙන් ඉගෙනගන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • වංකකම ඔයාට බලපාන විදිහ
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • වංකකමට දිරි දෙන සමාජයක්
    2012 පිබිදෙව්!
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 1/12 3 පි.

දසත පැතිරී ඇති වංකකම

හොංකොංහි විශාල වෙළඳ සමාගමක සේවය කරන ඩැනීa දිනක් තම සමාගමට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා සැපයුම්කරුවෙකුව මුණගැසීමට කර්මාන්ත ශාලාවකට ගියා. තම ආයතනයෙන් බලාපොරොත්තු වන ප්‍රමිතියට භාණ්ඩ නිෂ්පාදනය කිරීමට එම කර්මාන්ත ශාලාවේ පහසුකම් තිබෙනවාද කියා ඔහු ඇසුවා. පසු අවස්ථාවක එම කර්මාන්ත ශාලාවේ කළමනාකරු සමඟ රාත්‍රි ආහාරය භුක්ති විඳිමින් සිටින විට ඔහු ඩැනීට ලියුම් කවරයක් දුන්නා. එහි විශාල මුදල් ප්‍රමාණයක් තිබුණා. එම මුදල ඩැනීට වසරකට ලැබෙන වැටුප හා සමානයි. එය ඇත්තෙන්ම ඩැනීට දුන් අල්ලසක්.

● ඩැනීගේ එම අද්දැකීම බොහෝදෙනෙක් අද්දැක ඇති. වංචා හා දූෂණ අද ලොව පුරා දකින්න ලැබෙනවා. උසාවියකින් නිකුත් කළ එක් වාර්තාවක සඳහන් වුණේ 2001ත් 2007ත් අතර කාලය තුළ ජර්මනියේ විශාල කර්මාන්ත ශාලාවක් කොන්ත්‍රාත්තු ලබාගැනීම සඳහා අල්ලස් වෙනුවෙන් ඩොලර් බිලියන 1.4ක් වැය කළ බවයි.

වංචා හා දූෂණ වැළැක්වීමට යම් ක්‍රියාමාර්ග ගෙන තිබුණත් ලොව පුරා සිදු වන දේවලින් පැහැදිලි වන්නේ තත්වය දවසින් දවස දරුණු වන බවයි. දූෂණවලට එරෙහිව නැඟී සිටින එක් ජාත්‍යන්තර සංවිධානයක් 2010දී සිදු කළ සමීක්ෂණයකින් පසු මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කළා. “පසුගිය වසර තුන ඇතුළත දූෂණ බොහෝ සෙයින් වැඩි වී තිබෙනවා.”

මෙතරම් වංචා සිදු වන්නේ ඇයි? අවංකව කටයුතු කළ හැකිද? එසේනම් කොහොමද? ඒ සඳහා බයිබලයෙන් මඟ පෙන්වීම් ලබාගත හැකිද?

[පාදසටහන]

a සමහර නම් වෙනස් කර ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න