ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 1 4-5 පි.
  • වංකකම ඔයාට බලපාන විදිහ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වංකකම ඔයාට බලපාන විදිහ
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වංකකම නිසා විශ්වාසය බිඳෙනවා
  • වංකකම බෝ වෙනසුලුයි
  • වංකකමට දිරි දෙන සමාජයක්
    2012 පිබිදෙව්!
  • අවංක වීමෙන් ලැබෙන ප්‍රයෝජන
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දිළිඳු ව සිටීමේ සදාචාරමය අභියෝගයට මුහුණ දිය යුතු ආකාරය
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 1 4-5 පි.
කාන්තාවන් දෙන්නෙක් කතා කරනවා

මුල් පිටුවෙන් | අවංක වෙන්න ඕන ඇයි?

වංකකම ඔයාට බලපාන විදිහ

“ප්‍රශ්න ගැටලු නිතරම ඇති වෙනවා. ඒවා විසඳගන්න පුංචි බොරුවක් කළාම ඇති.”—දකුණු අප්‍රිකාවේ සමැන්තා.

ඔයා ඒ අදහසට එකඟ වෙනවාද? සමැන්තා වගේ අපි හැමෝම ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙනවා. වංක වෙන්න පෙලඹීමක් ඇති වෙන අවස්ථාවලදී අපි ප්‍රතිචාරය දක්වන විදිහෙන් අපිට වටින්නේ මොන දේද කියලා හෙළි වෙනවා. උදාහරණෙකට, අපිට වැදගත් වෙන්නේ නමට වෙන ලැජ්ජාව වහගන්න එක නම් වංක දෙයක් කරන එක වැරදි නැහැ කියලා හිතෙයි. හැබැයි කවදා හරි ඇත්ත හෙළි වුණ දාට විඳින්න වෙන ප්‍රතිඵලය ඊට වඩා දරුණුයි. ඒ ගැන අපි දැන් බලමු.

වංකකම නිසා විශ්වාසය බිඳෙනවා

සබඳතා ගොඩනැඟෙන්නේ විශ්වාසය මතයි. දෙන්නෙක් එකිනෙකාව විශ්වාස කරද්දී බයක් සැකක් නැතුව ආශ්‍රය කරන්න පුළුවන්. ඒත් ඒ විශ්වාසය එක මොහොතකින් ඇති වෙන්නේ නැහැ. එකට කාලය ගත කරද්දී, අවංකව අදහස් හුවමාරු කරද්දී, අනිත් කෙනා වෙනුවෙන් දේවල් කරද්දී තමයි විශ්වාසයක් ගොඩනැඟෙන්නේ. ඒත් එක වංක ක්‍රියාවකින් විශ්වාසය බිඳෙන්න පුළුවන්. එහෙම වුණොත් තිබුණ විශ්වාසය ආයෙත් ඇති කරගන්න එක ලේසි නැහැ.

හොඳ යාළුවෙක් කියලා හිතපු කෙනෙක් කවදා හරි ඔයාට වංක වෙලා තියෙනවාද? එතකොට දැනුණේ කොහොමද? ඔයාගේ හිත රිදෙන්න ඇති. ද්‍රෝහි වුණානේ කියලා හිතෙන්නත් ඇති. වංක ක්‍රියාවක් නිසා හොඳ මිත්‍රත්වයක් විනාශ වෙන එක සාමාන්‍යයි.

වංකකම බෝ වෙනසුලුයි

කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන රොබට් ඉනස් කරපු අධ්‍යයනයකින් හොයාගත්තේ “වංකකම බෝ වෙනවා” කියලයි. ඒක වෛරසයක් වගෙයි. ඔයා නිතරම වංකකමින් ක්‍රියා කරන කෙනෙක්ව ආශ්‍රය කරනවා නම් ඔයාටත් ඒක “බෝ වෙන්න” පුළුවන්.

ඒ උගුලට අහු නොවී ඉන්න ඔයාට පුළුවන් කොහොමද? ඒකට බයිබලයෙන් උදව් ලබාගන්න පුළුවන්. බයිබලයේ තියෙන ප්‍රතිපත්ති කීපයක් බලමු.

වංක ක්‍රියා

බොරු කීම

කෙනෙක් මංගල මුද්ද ගලවනවා

අදහස් කරන දේ: ඇත්ත දැනගත යුතු කෙනාට ඇත්ත වසං කරලා බොරු කියන එක. කෙනෙක්ව නොමඟ යවන්න ඇත්ත විකෘති කරලා කියන එක, කෙනෙක්ව රවට්ටන්න අත්‍යවශ්‍ය තොරතුර හංගන එක සහ වැරදි අදහසක් දෙන්න එක දෙක කරලා කියන එක.

බයිබලයේ කියන දේ: “වංක තැනැත්තා යෙහෝවා දෙවිට පිළිකුලක්ය. නමුත් අවංක අයට ඔහු ළංව සිටින්නේය.” (හිතෝපදේශ 3:32) “ඔබ දැන් සෑම වංචනික ක්‍රියාවක්ම අත්හැර දමා ඇති නිසා ඔබ එකිනෙකා තම අසල්වැසියා සමඟ සත්‍යය කතා කළ යුතුයි.”—එෆීස 4:25.

නින්දා කිරීම

කෙනෙක් ඇතුල් වෙද්දී තව දෙන්නෙක් රහස් කියනවා

අදහස් කරන දේ: කෙනෙක්ගේ නම කැත කරන අදහසින් අමූලික බොරු, අපහාසාත්මක තොරතුරු කියන එක.

බයිබලයේ කියන දේ: “කූට උපක්‍රම යොදන තැනැත්තා භේද පතුරවයි. කේලම් කියන්නා මිත්‍රයන්ව වෙන් කරයි.” (හිතෝපදේශ 16:28) “දර නැති විට ගින්න නිවී යන්නා සේම නින්දා කරන්නෙකු නැති විට විවාදයද නතර වෙයි.”—හිතෝපදේශ 26:20.

වංචා කිරීම

කෙනෙක් තමන්ගේ කෝට් එක ඇතුළේ හංගගෙන ඉන්න අත් ඔරලෝසු පෙන්නනවා

අදහස් කරන දේ: තමන්ගේ ඇත්ත තත්වය වහගෙන මුදල් හරි දේපළ හරි ලබාගන්න තව කෙනෙක්ව පොලඹවාගන්න එක.

බයිබලයේ කියන දේ: “දිලිඳු හෝ අසරණ කෙනෙක් වූ පළියට ඔහුගෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා.” (ද්විතීය කතාව 24:14, 15) “අසරණයාට වංචා කරන්නා තමාට ජීවිතය දුන් තැනැත්තාට නින්දා කරන්නේය. නමුත් දිලින්දාට කරුණාව දක්වන්නා ඔහුව ප්‍රශංසාවට පත් කරන්නේය.”—හිතෝපදේශ 14:31.

හොරකම් කිරීම

කෙනෙක් බෑග් එකකින් පර්ස් එක හොරකම් කරනවා

අදහස් කරන දේ: වෙනත් කෙනෙක්ට අයිති දෙයක් අවසරයක් නැතුව ගැනීම.

බයිබලයේ කියන දේ: “සොරකම් කරන තැනැත්තා තවදුරටත් සොරකම් නොකළ යුතුයි. ඒ වෙනුවට ඔහු අගහිඟකම්වලින් පෙළෙන කෙනෙකුට යමක් දීමට හැකි වන සේ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කළ යුතුයි.” (එෆීස 4:28) “කිසි ලෙසකින්වත් මුළා නොවන්න. . . . සොරුන්ටවත් කෑදරකමින් ක්‍රියා කරන අයටවත් බේබද්දන්ටවත් නින්දා කරන අයටවත් අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නා අයටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.”—1 කොරින්ති 6:9, 10.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න