ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/12 4-5 පි.
  • සැහැසියාවට ලොල් සමාජයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැහැසියාවට ලොල් සමාජයක්
  • 2012 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අහන දකින දේ ඔබට බලපෑ හැකිද?
  • ප්‍රචණ්ඩත්වය ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?
    2002 පිබිදෙව්!
  • සැහැසියාව
    2015 පිබිදෙව්!
  • ඔබව “නොමඟ යවයි”
    2006 පිබිදෙව්!
  • ප්‍රචණ්ඩත්වය නැති කාලයක් එයිද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 8/12 4-5 පි.

සැහැසියාවට ලොල් සමාජයක්

නූතන සමාජය සැහැසියාවට දක්වන්නේ පුදුමාකාර ඇල්මක්. අද නිෂ්පාදනය කරන ගීත හා චිත්‍රපටි වැනි දේවල ඇතුළත් කර තිබෙන දෙයින් එය පැහැදිලියි. මාධ්‍ය පිළිබඳව විග්‍රහ කරන එක් ආයතනයක් මෙවැනි දෙයක් පවසනවා. “මෑත කාලයේදී මාධ්‍ය තුළින් සැහැසියාව පිළිබඳව පෙන්වන දර්ශනවල වෙනසක් වී තිබෙනවා. එනම් එවැනි දර්ශන වැඩි වශයෙන් පෙන්වීමත් සවිස්තරාත්මකව පෙන්වීමත් දක්නට ලැබෙනවා.”

සංගීතය: ඉහත සඳහන් කළ ආයතනය තවදුරටත් පවසන්නේ “සැහැසියාවට දිරි දෙන ගීත, සංගීත ක්ෂේත්‍රයට” වැඩි වැඩියෙන් එක් වී තිබෙන බවයි. අසභ්‍ය භාෂාව ඇතුළත් ගීත, තම මවව හෝ බිරිඳව පවා ඝාතනය කිරීම හා දූෂණය කිරීම වැනි අදහස් ඇතුළත් ගීත අසන්න ලැබෙනවා.

වීඩියෝ ක්‍රීඩා: “වීඩියෝ ක්‍රීඩාවලින් බොහොමයක ලේ වගුරුවන ක්‍රීඩා ඇතුළත්. වීඩියෝ ක්‍රීඩාවලට කැමති කෙනෙක් බොහෝවිට සැහැසික ක්‍රියාවලටත් කැමතියි.” එම අදහස තිබුණේ වීඩියෝ ක්‍රීඩා පිළිබඳ බ්‍රිතාන්‍ය සඟරාවකයි. උදාහරණයකට එක් වීඩියෝ ක්‍රීඩාවකදී ක්‍රීඩකයන් විසින් එල්ලේ පිත්තකින් පහර දී කාන්තාවන් ඝාතනය කිරීමත් ඇතුළත් වුණා. වීඩියෝ ක්‍රීඩාවලදී නරඹන තැනැත්තාත් ඊට හවුල් වන නිසා රූපවාහිනිය නැරඹීමෙන් සිදු වන හානියට වඩා වැඩි හානියක් වීඩියෝ ක්‍රීඩාවලින් සිදු වන බව සමහර පර්යේෂකයන් පවසනවා.

චිත්‍රපටි: චිත්‍රපටි තුළ අපරාධ හා ලිංගිකත්වය හුවා දක්වන දර්ශන වැඩි වී තිබෙනවා. ඒ නිසා චිත්‍රපටි වර්ගීකරණය කර තිබූ පමණින් ඒවා නැරඹීමට සුදුසුද නැද්ද කියා තීරණය කරන්න බැහැ කියා අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා. චිත්‍රපටිවල හා රූපවාහිනියේ පෙන්වන දර්ශන බොහොමයක සැහැසික ක්‍රියා සිදු කරන්නේ දුෂ්ටයා පමණක් නොව හොඳ චරිතය නිරූපණය කරන තැනැත්තාත් එසේ කරනවා කියා තවත් අධ්‍යයනයකින් හෙළි වුණා.

ප්‍රවෘත්ති: ප්‍රවෘත්ති නිෂ්පාදකවරුන්ගේ මතය වී තිබෙන්නේ අපරාධ පිළිබඳ පුවත් මහජනයාගේ අවධානය ඇදගන්නා බවයි. තමන්ට අනුග්‍රාහකයන් සොයාගැනීමට පහසු වන්නේ වැඩිදෙනාගේ අවධානය යොමු වන එවැනි ප්‍රවෘත්ති පළ කිරීමෙන් බව එවැනි නිෂ්පාදකවරුන් දන්නවා.

වෙබ් අඩවි: මිනිසුන්ට වධ හිංසා දී ඝාතනය කරන සැබෑ දර්ශන හෝ නිර්මාණය කරන ලද දර්ශන වෙබ් අඩවිවල ඕනෑ තරම් දක්නට ලැබෙනවා. දරුවන් බොහෝදෙනෙක් මෙම වෙබ් අඩවිවලට පිවිසෙනවා.

අහන දකින දේ ඔබට බලපෑ හැකිද?

රූපවාහිනියේ, චිත්‍රපටිවල, පොත් පත් හා ගීත වැනි දේවල අඩංගු සැහැසියාව මිනිසුන්ට බලපෑමක් ඇති කරයිද? එවැනි දේවල් නිෂ්පාදනය කරන අය කියා සිටින්නේ කිසිම බලපෑමක් ඇති නොවන බවයි. මේ ගැන සිතා බලන්න. ව්‍යාපාර ලෝකයේ සිටින අය තමන්ගේ නිෂ්පාදනවලට මිනිසුන්ව ආකර්ෂණය කරගැනීමට, තත්පර 30ක වෙළඳ දැන්වීමක් සඳහා ඩොලර් බිලියන ගණන් වැය කරනවා. ඔවුන් එයින් සාර්ථකත්වයක් අද්දකිනවා. එසේනම් දුරාචාරය හා අපරාධ ඇතුළත් චිත්‍රපටි පැය කිහිපයක් නැරඹීමෙන් මනසට බලපෑමක් ඇති නොවෙයි කියා සිතිය හැකිද? ඉක්මනින්ම දේවල් උරාගන්නා පුංචි මනස්වලට කුමක් සිදු වෙයිද?

අපිටත් වඩා අපි ගැන හොඳින්ම දන්නේ අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියනුයි. සැහැසියාවට ළැදි පුද්ගලයන්ව ඇසුරු කිරීමෙන් සිදු වන හානිය ගැන දෙවියන් බයිබලයෙහි අනතුරු අඟවා තිබෙන අතර ඒවා අප විනෝදාංශ තෝරාගැනීමේදීද අදාළ වෙයි. ඉන් කිහිපයක් සලකා බලමු.

● “යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයාව මෙන්ම දුෂ්ටයාවද සෝදිසි කර බලන්නේය. සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරන්නේය.”—ගීතාවලිය 11:5.

● “ඉක්මනින් කෝප වන තැනැත්තෙකු සමඟ මිත්‍ර නොවන්න. හදිසි කෝපයෙන් ක්‍රියා කරන්නෙකු සමඟ ඇසුරු නොකරන්න. ඔහුව ඇසුරු කළොත් ඔබ ඔහුගේ මාර්ගවලට හුරු වී උගුලකට හසු වනු ඇත.”—හිතෝපදේශ 22:24, 25.

අපට මෙවැනි බලපෑම් සම්පූර්ණයෙන්ම මඟහරින්න බැරි බව ඇත්තයි. නමුත් විනෝදාංශ සහ ඇසුරු කරන අයව තෝරාගැනීමේදී අපට කල්පනාකාරී විය හැකියි. ඒ නිසා ‘ඔබට මොන වගේ පුද්ගලයෙක්ද වෙන්න ඕනේ’ කියා සිතා බලන්න. ඉන්පසු ඔබ උසස් කොට සලකන ප්‍රතිපත්ති හා ඔබේ ඉලක්කවලට සමාන ඉලක්ක තිබෙන අයව ඇසුරු කරන්න.—හිතෝපදේශ 13:20.

අප තෝරාගන්නා විනෝදාංශ හා ඇසුරු කරන අයගේ බලපෑම, අපරාධ හා සැහැසියාව ගැන අප දරන ආකල්පවලට බලපෑ හැකියි. නමුත් තවත් කාරණා ඊට හේතු වෙනවා. ඒවා මොනවාද කියා දැන් අපි සලකා බලමු.

[4වන පිටුවේ පින්තූරය]

ඔබ විනෝදයට කරන දේ මනසට බලපෑ හැකියි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න