ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/15 7-9 පි.
  • ඇස් නොපෙනුණත් සතුටින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇස් නොපෙනුණත් සතුටින්
  • 2015 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • අන්ධ අයට උදව් කරමු
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • හිත්වලට කතා කරන තිත්
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • සේවයේ දක්ෂ වීමට - අන්ධ අයට සාක්ෂි දරන්න
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අන්ධ අයට එළිය දුන් ලුවී බ්‍රේල්
    2000 පිබිදෙව්!
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 11/15 7-9 පි.
පාකි ඇගේ සැමියා එක්ක

ඇස් නොපෙනුණත් සතුටින්

“ඉපදුණු දවසේ ඇහැට දාපු බෙහෙතක් නිසා මගේ පෙනීම ගොඩක් දුර්වල වුණා. මං ටික ටික ලොකු වෙද්දි ඇස් දෙක පේන්නෙම නැතුව ගියා. මට දැනුණේ දරාගන්න බැරි දුකක්.”—මැදි වියේ ඉන්න පාකි. ඇගේ සැමියාගෙත් ඇස් පේන්නේ නැහැ.

විවිධ හේතු නිසා කෙනෙක්ගේ ඇස් පෙනීම නැති වෙන්න පුළුවන්. උදාහරණයකට අපේ ඇස්වලට, අක්ෂි ස්නායුවලට හෝ මොළයට සිද්ධ වෙන හානි නිසාත් සමහර රෝග නිසාත් ඒ දේ වෙන්න පුළුවන්. කෙනෙක්ට පෙනීම නැති වුණාම එයා අන්ධ කෙනෙක් කියලා එකපාරටම පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි එයාට ලොකු දුකක්, බයක් හා කලකිරීමකුත් ඇති වෙනවා. ඒත් කාලයක් යද්දී ඒ තත්වයට අනුව හැඩගැහිලා සතුටින් ජීවත් වෙන්න එයාලා පුරුදු වෙනවා.

අවට ලෝකයේ සිද්ධ වෙන දේවල් දැනගන්න අපිට උදව් වෙන ප්‍රධානම දේ තමයි අපේ ඇස්. ඒත් කාට හරි පෙනීම නැති වුණොත් ඇසීම, ස්පර්ශය, ගඳ සුවඳ දැනීම හා රසය වගේ දේවල්වලින් ලෝකය දකින්න එයා පුරුදු වෙනවා.

මොළය සහ ස්නායු පිළිබඳව කරපු පරීක්ෂණයක් ගැන එක සඟරාවක මෙහෙම පල වුණා. “අපේ මොළයට පුළුවන් අපි මුහුණ දෙන තත්වයන්ට අනුව හැඩ ගැහෙන්න. උදාහරණයකට එක් සංවේදක ඉන්ද්‍රියක ක්‍රියාකාරීත්වය අඩාල වුණොත් අනිත් සංවේදක ඉන්ද්‍රියන්වල කාර්යක්ෂමතාව වැඩි කරන්න මොළයට පුළුවන් කියලා හොයාගෙන තියෙනවා.” (Scientific American) මේ තොරතුරු බලන්න.

ඇසීම: ඇස් පේන්නේ නැති කෙනෙක්ට වෙන කෙනෙක්ව කටහඬින් විතරක් නෙමෙයි ඇවිදිනකොට එන හඬින් පවා අඳුනගන්න පුළුවන්. දෘෂ්‍යාබාධිත කෙනෙක් වන ෆනෑන්ඩෝ ඒ ගැන මෙහෙම කියනවා. “අනිත් අයගේ කටහඬවල්වලින්, ඒගොල්ලෝ ඇවිදිනකොට එන සද්දෙන් එයාලව අඳුනගන්න මං ඉගෙනගත්තා.” හුවාන් කිව්වේ “ඇස් පේන්නේ නැති කෙනෙක් වෙන කෙනෙක්ව මතක තියාගන්නේ එයාගේ කටහඬින්” කියලයි. අපි වගේම ඇස් පේන්නේ නැති අයටත් පුළුවන් කෙනෙක්ගේ කටහඬින් එයා ඉන්නේ දුකෙන්ද, සතුටින්ද, තරහෙන්ද කියලා දැනගන්න.

ඇස් පේන්නේ නැති කෙනෙක්ට අවට පරිසරයෙන් ඇහෙන හඬවල්වලින් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. උදාහරණයකට පාරේ වාහන යන දිශාව, කාමරයක විශාලත්වය හා එයාට අවහිර වෙන දෙයක් තියෙන තැනක් වගේ දේවල් දැනගන්න පුළුවන්.

ගඳ සුවඳ දැනීම: සාමාන්‍ය කෙනෙක්ට වඩා ඇස් පේන්නේ නැති කෙනෙක් ගඳ සුවඳ දැනීමේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නවා. උදාහරණයකට ඒ වගේ කෙනෙක් ගමනක් යද්දී එයාට දැනෙන සුවඳවල්වලින් මිරිස් මෝලක්, බේකරියක්, අවන්හලක් වගේ දෙයක් තිබුණු තැන් මතක තියාගන්නවා. ආයෙත් වතාවක් ඒ තැනට යන්න ඕන වුණාම එයා මඟ සලකුණු හැටියට පාවිච්චි කරන්නේ ඒ ගඳ සුවඳ දැනුණු ස්ථානයි.

ස්පර්ශය: “මගේ ඇඟිලි තමයි මගේ ඇස්” කියලා ෆ්‍රැන්සිස්කෝ කියනවා. ඇස් පේන්නේ නැති අයට එයාලගේ ඇඟිලි වගේම සැරයැටියත් ගොඩක් ප්‍රයෝජනවත්. උපතින්ම අන්ධ කෙනෙක් වුණු මානාසෙස් පුංචි කාලේ ඉඳන්ම සැරයැටිය පාවිච්චි කරන්න ඉගෙනගත්තා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “ඇස් පේන්නේ නැති නිසා ඉන්න තැන දැනගන්න මගේ මතකය හා අනිත් ඉන්ද්‍රියන් උදව් වෙනවා. සැරයැටියත් ඒකට ලොකු උදව්වක්.”

බ්‍රේල් ‘මුරටැඹ’ සඟරාවක් කියවන කෙනෙක්

බ්‍රේල් ‘මුරටැඹ’ සඟරාවක් කියවමින්

බ්‍රේල්වලින් පොත් පත් ප්‍රකාශයට පත් කරන නිසා ඇස් පේන්නේ නැති අයට එයාලගේ ඇඟිලි පාවිච්චි කරලා ඒ පොත් පත් කියවන්න පුළුවන්. මේ නිසා එයාලට දැනුම ලබාගන්න වගේම ආගම දහම ගැන දැනගන්නත් හැකියාවක් තියෙනවා. බ්‍රේල් ප්‍රකාශනවලට අමතරව එයාලාට පටිගත කරපු තොරතුරු වගේම පරිගණක මාර්ගයෙනුත් තොරතුරු ලබාගන්න පුළුවන්. මේ ක්‍රම නිසා දැන් ඇස් පේන්නේ නැති අයත් බයිබලය හා ඒ මත පදනම් පොත් පත් කියවලා දැනුම ලබාගන්නවා.a

ඒ දේවල් නිසා මේ ලිපියේ මුලින්ම සඳහන් කරපු පාකිට හා එයාගේ සැමියාට ලොකු සහනයක් අද්දකින්න පුළුවන් වෙලා තියෙනවා. ඒගොල්ලෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිසා අනිත් සාක්ෂිකරුවන්ගේ ආදරය සහ රැකවරණයත් ඒගොල්ලන්ට ලැබෙනවා. පාකි මෙහෙම කියනවා. “අපි දැන් කාටවත් කරදරයක් වෙන්නේ නැතුව සතුටින් ජීවත් වෙනවා.”

ඇස් පේන්නේ නැති අය විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. ඒත් ඒ අභියෝග ජය ගන්න එකෙන් එයාලා පෙන්නන්නේ මිනිසුන්ට ඕනම තත්වයකට හැඩගැහිලා සාර්ථකව අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් කියන එකයි.

a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් භාෂා 25කට වඩා වැඩි ගණනකින් බ්‍රේල් පොත් පත් ප්‍රකාශයට පත් කරනවා.

ඇස් පේන්නේ නැති වුණත් මං ඉන්නේ සතුටින්!

මාකෝ ඇන්ටෝනියෝ සහ එයාගේ බල්ලා ඩාන්ටේ

උපතින්ම අන්ධ, මාකෝ ඇන්ටෝනියෝ සැමියෙක්, තාත්තා කෙනෙක් වගේම ව්‍යාපාරිකයෙක්. එයාට අභියෝග තිබුණත් සතුටින් ඉන්න රහස අපිත් එක්ක කිව්වා.

ව්‍යාපාරිකයෙක් හැටියට ඔයා මොනවද කරන්නේ?

මං දුරකථනයෙන් පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවාවන් ගැන කතා කරනවා. එයාලව මුණගැහෙන්නත් යනවා. ව්‍යාපාරයේ බැංකු කටයුතු කරන්නෙත් මං.

විවේක වෙලාවට ඔයා මොනවද කරන්නේ?

මං සංගීතයට හරි ආසයි. විවේකයක් හම්බ වුණාම මං පියානෝ එක ගහනවා. හැබැයි ඒක ලේසි නැහැ. මොකද මට බ්‍රේල්වලින් නෝට්ස් කියවන ගමන් අත් දෙකෙන්ම පියානෝ එක ගහන්න බැහැනේ. ඒ නිසා මං මුලින්ම කරන්නේ දකුණු අතින් නෝට්ස් කියවන ගමන් වම් අතින් පියානෝ එක ගහනවා. ඊළඟට වම් අතින් නෝට්ස් කියවද්දී දකුණු අතින් ගහනවා. ඒවා මතක හිටියාට පස්සේ අත් දෙකෙන්ම පියානෝ එක ගහනවා.

ඔයා මුහුණ දීපු විශේෂ අභියෝග මොනවද?

පුංචි කාලේ ඉඳන් පවුලේ අය මාව හොඳට බලාගත්තා. එයාලා මට සැලකුවෙත් ඇස් පේන කෙනෙක්ට වගේමයි. ඒත් අනිත් අයට වගේ මටත් පොඩි පොඩි අභියෝග නොතිබුණා නෙමෙයි. ඇස් පේන අය කරන හුඟක් දේවල් මාත් කළා. ඒත් වාහනයක් එළවන වයසට ආවම, මට ඒක කරන්න බැහැ කියලා තේරුණාම ගොඩක් දුක හිතුණා.

දැන් මටත් පුතෙක් ඉන්නවා. මගේ පුතාටයි බිරිඳටයි මං හරි ආදරෙයි. එයාලත් මට ලොකු සහයෝගයක් දෙනවා. මගේ පුතාගෙත් ඇස් පේන්නේ නැහැ. මං හැම වෙලේම උත්සාහ කරන්නේ එයාට හොඳ ආදර්ශයක් වෙන්න. ඇස් පේන්නේ නැති වුණත් ඉවසනවා නම් අධිෂ්ඨානයක් ඇතුව වැඩ කරනවා නම් හුඟක් දේවල් කරන්න පුළුවන් කියලා එයාට උගන්වන්නයි මට ඕනේ.

ඔයාට උදව් කරන්න බල්ලෙක් තියාගන්න හිතුවේ ඇයි?

මගේ බල්ලගේ නම ඩාන්ටේ. ගමනක් යද්දි ඉක්මනට යන්න එයා උදව් කරනවා. ඒ විතරක් නෙමේ එයා මාව ආරක්ෂා කරනවා. පළවෙනි පාරට කොහේ හරි යද්දී මගේ බිරිඳ ලොලී අපිව එක්කන් යනවා. එතකොට මායි ඩාන්ටෙයි පාර මතක තියාගන්නවා. බල්ලෙක්ට මාව ආරක්ෂා කරන්න පුළුවන් කියලා මං මුලින් හිතුවේ නැහැ. හැබැයි ඩාන්ටේ මගේ විශ්වාසය දිනාගත්තා. එයා එයාගේ වැඩේ හොඳට කරනවා. ඒත් මං එයාගේ පටිය ගැලෙව්වාම එයාත් සාමාන්‍ය බල්ලෙක් වගේ තමයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට ඔයා බයිබලය අධ්‍යයනය කරන්නේ කොහොමද?

ඉස්සර ලොලී මට ඇහෙන්න බයිබලය, සඟරා පොත් පත් කියෙව්වා. එයා මට ගොඩක් උදව් කළා. ඒ නිසා මට සභාවේ කතා දෙන්නත් පුළුවන් වුණා. දැන් බ්‍රේල්වලින් බයිබලය හා පොත් පත් තියෙන නිසා මට තනියම කියවන්න පුළුවන්. මං අපේ jw.org වෙබ් සයිට් එකට ගිහින් පටිගත කරපු තොරතුරු ඩවුන්ලෝඩ් කරගෙන අහනවා. ඇඟිලිවලින් අල්ලලා පරිගණකයේ තියෙන තොරතුරු කියවන්න පුළුවන් උපකරණයක් මගේ පරිගණකයට හයි කරලා තියෙනවා. ඒකත් මට ලොකු උදව්වක්.

ස්පාඤ්ඤයේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ බ්‍රේල් පොත් පත් හදනවා. ඒකට උදව් කරන්න මටත් අවස්ථාවක් ලැබිලා තියෙන එක මං සලකන්නේ ලොකු වරප්‍රසාදයක් විදිහට. එයාලට ඕන ඒ ප්‍රකාශන මං වගේ අන්ධ අයට තේරුම්ගන්න පුළුවන් විදිහට හදන්න. ඒ නිසා එයාලා මගේ යෝජනා ගොඩක් අගය කරනවා. සහෝදර සහෝදරියෝ මට හරි ආදරෙයි.

අනිත් අයව ආශ්‍රය කරන්න ඔයා කැමතිද?

ඔව්. විශේෂයෙන්ම මගේ පවුලේ අයව, සභාවේ අයව ආශ්‍රය කරන්න මං ගොඩක් කැමතියි. එයාලා මට සලකන්නේ අනිත් අයට සලකන විදිහටමයි. සමහර වෙලාවට මං අන්ධ කෙනෙක් කියලා එයාලට අමතකත් වෙනවා. මම එයාලා එක්ක ශුභාරංචිය දේශනා කරන්නත් යනවා.

බයිබලෙන් දැනගෙන තියෙන වටිනා බලාපොරොත්තුවක් ගැන තමයි මං අනිත් අයට කියන්නේ. උදාහරණයකට බයිබලයේ යෙසායා 35:5 කියනවා “අන්ධ අයගේ ඇස් පැහැදෙන්නේය” කියලා. යේසුස් මේ පොළොවේ ඉද්දී අන්ධ අයට පෙනීම දුන්නා. ඔහු ඒකෙන් පෙන්නුවේ අනාගතයේදී කරන්න යන දේ. (මතෙව් 15:30, 31) අනිත් හැම අසනීපයක්ම වගේ ඇස් පේන්නේ නැති එකත් තාවකාලිකයි. ළඟදීම මේ පොළොව පාරාදීසයක් වුණාම කිසිම කෙනෙක් ‘මට ලෙඩක් තියෙනවා, ආබාධයක් තියෙනවා’ කියලා කියන්නේ නැහැ.—යෙසායා 33:24; ලූක් 23:43.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න