යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සේවයේ දක්ෂ වීමට - අන්ධ අයට සාක්ෂි දරන්න
ඒක වැදගත් ඇයි? හුඟක් අන්ධ අය අඳුරන්නේ නැති අය එක්ක කතාබහ කරන්න කැමති නැහැ. ඒ නිසා අන්ධ අයට සාක්ෂි දරන්න අපි හොඳට පුරුදු වෙන්න ඕනේ. යෙහෝවා දෙවියන් අන්ධ අය ගැන හුඟක් සැලකිලිමත් වෙනවා. (ලෙවී 19:14) අපිටත් පුළුවන් එයාලා ගැන සැලකිලිමත් වෙලා දෙවියන්ගේ යාළුවන් වෙන්න එයාලට උදව් කරන්න.
ඒක කරන්නේ කොහොමද?
අන්ධ අයව ‘හොයන්න.’ (මතෙ 10:11) ඔයා දන්න හඳුනන පවුලක අන්ධ කෙනෙක් එහෙම ඉන්නවාද? අන්ධ අය වෙනුවෙන් සකස් කරලා තියෙන ප්‍රකාශන ගන්න කැමති පාසැල්, සාත්තු නිවාස, ආයතන ඔයාගේ සභාවට පවරලා තියෙන ප්‍රදේශයේ තියෙනවාද?
පෞද්ගලික සැලකිල්ල පෙන්වන්න. අන්ධ කෙනෙක් එක්ක කතා කරද්දී ඔයා ඒ කෙනා ගැන අවංකවම සැලකිලිමත් වෙලා මිත්‍රශීලී විදිහට කතා කළොත් හුඟක් වෙලාවට ඒ කෙනා ඔයාට ඇහුම්කන් දෙන්න පෙලඹෙයි. හුඟදෙනෙක් කතා කරන්න උනන්දු වෙන විෂයකින් සාකච්ඡාවක් පටන්ගන්න උත්සාහ කරන්න.
දෙවියන් ගැන දැනගන්න උදව් කරන්න. අපේ සංවිධානයෙන් පෙනීමේ දුර්වලතා තියෙන අය වෙනුවෙන් විවිධ ෆෝමැට්වලින් ප්‍රකාශන සකස් කරලා තියෙනවා. ඒ වගේ කෙනෙක්ව හමු වුණාම මොන ෆෝමැට් එක පාවිච්චි කරලාද ඉගෙනගන්න කැමති කියලා එයාගෙන් අහන්න. පොත් පත් අංශය භාර සහෝදරයා, අන්ධ අය වෙනුවෙන් සකස් කරලා තියෙන ප්‍රකාශන ඒ අයට අවශ්‍ය ෆෝමැට්වලින් ඉල්ලුම් කරලා තියෙනවාද කියන එක ගැන සේවා සංවිධායක හොයලා බලන්න ඕනේ.