ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/15 14-15 පි.
  • ලෝක විනාශය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝක විනාශය
  • 2015 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විනාශ වන “ලෝකය” මොකක්ද?
  • ලෝකය විනාශ වෙන්නේ කොහොමද?
  • ලෝකය විනාශ වෙන්නේ කවදාද?
  • විනාශය එන දවස ගැන යේසුස් කිව්වේ මොනවාද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • විනාශය හා සම්බන්ධ ප්‍රශ්න හතරකට පිළිතුරු
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මේ දේවලින් කියාපාන්නේ කුමක්ද?
    සෝදිසියෙන් සිටින්න!
  • දෙවියන්ගේ රාජ්‍යය යටතේ “බොහෝ සමාදානය තිබෙන්නේය”
    2019 පිබිදෙව්!
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 11/15 14-15 පි.

බයිබලයෙන් පිළිතුරක්

ලෝක විනාශය

“ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යන්නේය” කියලා බයිබලයේ 1 යොහන් 2:17 කියනවා. එතන “ලෝකය” කියන වචනයෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒ ලෝකය නැති වෙන්නේ කවදාද?

විනාශ වන “ලෝකය” මොකක්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

1 යොහන් 2:17 සඳහන් වෙන ලෝකයට දෙවි අකමැති “ආශාවන්” තියෙනවා කියලා ඒ පදයේම කියනවා. ඒ නිසා එතන “ලෝකය” කියන වචනයෙන් අදහස් කරන්නේ පෘථිවිය නෙමෙයි දෙවියන්ට විරුද්ධව වැඩ කරන මිනිසුන්වයි. (යාකොබ් 4:4) ඒ අයට “ලැබෙන දඬුවම නම් සදාකාල විනාශය.” (2 තෙසලෝනික 1:7-9) ඒත් යේසුස්ට කීකරු වෙලා “මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන” අය විනාශ වෙන්නේ නැහැ.—යොහන් 15:19.

1 යොහන් 2:17 අවසාන කොටසේ කියන්නේ “සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයා” කියලයි. ඔවුන් සදහටම ජීවත් වෙන්නේ කොහෙද? ගීතාවලිය 37:29 කියන්නේ “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය” කියලයි. ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔවුන් මේ පොළොවේ සදහටම ජීවත් වෙනවා කියන එකයි.

‘ලෝකයටවත් මෙහි තිබෙන දේවලටවත් ඇල්මක් නොදක්වන්න. ලෝකයේ තිබෙන දේවලට ඇල්මක් දක්වනවා නම් පියාණන් සඳහා ප්‍රේමයක් ඔහු තුළ නැත.’—1 යොහන් 2:15.

ලෝකය විනාශ වෙන්නේ කොහොමද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දුෂ්ට ලෝකයේ විනාශය සිද්ධ වෙන්නේ අදියර දෙකකින්. මුලින්ම දෙවියන් ඔහු ගැන අසත්‍ය උගන්වන ආගම් විනාශ කරනවා. ඒ ආගම් බයිබලයේ සමාන කරන්නේ “මහ බැබිලෝනිය” නමින් හඳුන්වන ගණිකාවකටයි. (එළිදරව් 17:1-5; 18:8) දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා කියලා පෙන්නුවත් ඒ ආගම් ඇත්තටම කරන්නේ දේශපාලන ආණ්ඩුවලට සහයෝගය දෙන එකයි. ඒත් ඒ ආණ්ඩු “ගණිකාවට වෛර වී ඇයව පාළු කර, නිරුවත් කර, ඇගේ මස් මාංස කා දමා ඇයව සහමුලින්ම ගින්නෙන් දවන්නෝය” කියලා බයිබලයේ කියනවා. (එළිදරව් 17:16) ඒ කියන්නේ ආණ්ඩු, ඒ සියලුම ආගම් විනාශ කරනවා කියන එකයි.

ඊළඟට දෙවියන් ‘මුළු ලොව පුරාම සිටින රජුන්’ හෙවත් ආණ්ඩු සහ ඔවුන්ට සහයෝගය දෙන දුෂ්ට මිනිසුන්ව විනාශ කරනවා. මේ දේ සිද්ධ වෙන්නේ ‘දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධයේදියි.’—එළිදරව් 16:14, 16.

‘දේශයේ වසන නිහතමානී සියල්ලෙනි, ධර්මිෂ්ඨකම සොයා ඒ අනුව ජීවත් වන්න. නිහතමානීව කටයුතු කිරීමට වෙර දරන්න. එසේ කළොත් යෙහෝවා දෙවිගේ උදහස ප්‍රකාශ කරන දවසේදී සමහරවිට ඔබට රැකවරණය ලැබෙයි.’—ශෙපනියා 2:3.

ලෝකය විනාශ වෙන්නේ කවදාද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි” කියලා යේසුස් කිව්වා. (මතෙව් 24:14) ඒ කියන්නේ ලෝකය විනාශ වෙන්නේ ලොව පුරා ඉන්න මිනිසුන් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දැනගත්තාට පස්සෙයි. ඒ විනාශය වෙන්න කලින් පොළොවේ සිද්ධ වෙන දේවල් ගැන දැනගන්න යේසුස් දීපු “ලකුණට” දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කිරීම ඇතුළත්. (මතෙව් 24:3; ලූක් 21:10, 11) ඒ විතරක් නෙමෙයි ලෝකය පුරාම යුද්ධ, භූමිකම්පා, සාගත හා වසංගත ඇති වෙන එකත් ඒ ලකුණට අයිතියි. විනාශයෙන් පස්සේ මිනිස් ආණ්ඩු වෙනුවට පොළොව පාලනය කරන්නේ දේවරාජ්‍යයි.—දානියෙල් 7:13, 14.

“අවසාන කාලයේදී” ඒ කියන්නේ මේ දුෂ්ට ලෝකය විනාශ වෙන්න ළං වෙද්දී මිනිස්සු හැසිරෙන විදිහ ගැනත් බයිබලයේ මෙහෙම කියලා තියෙනවා. ‘මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, දෙමාපියන්ට අකීකරු වන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත.’a—2 තිමෝති 3:1-5.

කේන්ති ගිහින් ඉන්න මිනිස්සු කණ්ඩායමක්

මේ දුෂ්ට ලෝකය ළඟදීම “නැති වී යනවා.”—1 යොහන් 2:17

1914දී පළවෙනි ලෝක මහා යුද්ධය පටන්ගත්ත කාලයේ ඉඳන් අද වෙන කල් ගත වුණු කාල පරිච්ඡේදය දිහා බැලුවාම ඒ කියපු හැම දෙයක්ම සිද්ධ වෙනවා කියලා අපිට පැහැදිලිවම පේනවා. ලෝකය පුරාම දේවරාජ්‍යය ගැන දේශනා කරන එකත් ඒ කාලයේ ඉඳන්ම සිද්ධ වෙන දෙයක්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරාම ශුභාරංචිය දේශනා කරන අය හැටියට ප්‍රසිද්ධයි. ඒ වගේම ඔවුන්ගේ ප්‍රධාන සඟරාව වන ‘මුරටැඹ’ සඟරාවේ තේමාවත් ‘මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි’ කියන එකයි.

“සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ.”—මතෙව් 25:13.

a වැඩි විස්තර දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කළ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොතේ 9වෙනි පරිච්ඡේදය බලන්න. මෙය www.pr418.com/si වෙබ් අඩවියෙත් තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න