ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 6 3 පි.
  • මේ යන විදිහට ලෝකේ ඉතුරු වෙයිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ යන විදිහට ලෝකේ ඉතුරු වෙයිද?
  • 2017 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඩූම්ස්ඩේ ඔරලෝසුවේ කටු තවත් ඉස්සරහට! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • පටුන
    2012 පිබිදෙව්!
  • කාගෙත් කතාබහට ලක් වූ විෂයක්
    2012 පිබිදෙව්!
  • ලෝක විනාශය අත ළඟයිද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2017 පිබිදෙව්!
g17 අංක 6 3 පි.
ඩූම්ස් ඩේ ක්ලොක්

මුල් පිටුවෙන් | මේ යන විදිහට ලෝකේ ඉතුරු වෙයිද?

මේ යන විදිහට ලෝකේ ඉතුරු වෙයිද?

ලෝක විනාශයට තව විනාඩි 21/2යි! එහෙම සටහන් වුණේ “ඩූම්ස් ඩේ ක්ලෝක්” කියන සංකේතවත් ඔරලෝසුවේ. විද්‍යාඥයන් ඒ ඔරලෝසුව යොදාගන්නේ ලෝක විනාශයට අපි කොච්චර ළං වෙලාද කියලා පෙන්නන්න. ඔවුන් 2017 වසර ආරම්භයේදී ලෝක සිද්ධීන් පරික්ෂා කරලා ඒ ඔරලෝසුවේ කටුව කලින් තිබුණාට වඩා තප්පර 30කින් ඉදිරියට ගෙනල්ලා තියෙනවා. දැන් විනාශයට තියෙන්නේ විනාඩි 21/2යි. අවුරුදු 60ක් ඇතුළත විනාඩි 21/2ක් තරම් අඩු කාලයක් වාර්තා වුණ පළවෙනි වතාව මෙයයි.

2018 වසරේදී විද්‍යාඥයන් නැවතත් ලෝක සිද්ධීන් පරික්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. එදාටත් ඔරලෝසුවේ කටුව ඉස්සරහට ගෙනියන්න වෙයිද? ඔයා මොකද හිතන්නේ? ඇත්තටම මේ ලෝකේ විනාශ වෙලා යයිද? ඒ ප්‍රශ්නයට උත්තර දෙන එක ලේසි නැහැ. මොකද විද්‍යාඥයන් අතර පවා ඒ ගැන එකඟතාවයක් නැහැ. අනික සමහරු හිතන්නේ ලෝකේ විනාශ වෙන්නේ නැහැ කියලයි.

මේ ලෝකයට දීප්තිමත් අනාගතයක් තියෙනවා කියලා විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා. එයාලා කියන්නේ මිනිසුන්ට යහපත් කාලයක් උදා වෙනවා කියන්න ස්ථිර සාක්ෂි තියෙනවා කියලයි. ඒ වගේ දෙයක් විශ්වාස කරන්න පුළුවන්ද? නැත්නම් මේ යන විදිහට ලෝකේ නැත්තටම නැති වෙලා යයිද?

“ඩූම්ස් ඩේ ක්ලොක්” කියන්නේ ලෝක විනාශයට තව කොච්චර වෙලාවක් තියෙනවාද කියලා පෙන්නන්න භාවිතා කරන ජාත්‍යන්තරව පිළිගත් සංකේතවත් ඔරලෝසුවක්. න්‍යෂ්ටික අවි, දේශගුණික විපර්යාසවලට හේතු වෙන තාක්ෂණික ක්‍රම, ජෛව තාක්ෂණික සොයාගැනීම් සහ සයිබර් තාක්ෂණය වගේ දේවලින් ලෝකයට වෙලා තියෙන, ඒ වගේම වෙන්න පුළුවන් හානි සැලකිල්ලට අරන් ඔරලෝසුවේ වෙලාව විටින් විට වෙනස් කරනවා.—Bulletin of the Atomic Scientists.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න