ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g21 අංක 1 15 පි.
  • දෙවියන්ගෙන් ඉගෙනගන්න ඔයා කැමතිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ගෙන් ඉගෙනගන්න ඔයා කැමතිද?
  • 2021 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවියන්ගෙන් ඉගෙනගන්න කියලා ඔහු ඔයාට ආරාධනා කරනවා
  • දෙවියන්ගෙන් ඉගෙනගන්න ඔයාටත් පුළුවන්
  • දෙවිට සවන් දෙන්න අපිට පුළුවන් කොහොමද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • දෙවි කෙනෙක් ඉන්නවද? හොයලා බලන්න ඕන ඇයි?
    2015 පිබිදෙව්!
  • හරි වැරැද්ද: ඔයාම ගන්න ඕනෙ තීරණයක්
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දෙවි අනුමත කරන සත්‍යය සොයාගත හැකි තැන
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 පිබිදෙව්!
g21 අංක 1 15 පි.

දෙවියන්ගෙන් ඉගෙනගන්න ඔයා කැමතිද?

බයිබලේ කියනවා “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි” කියලා. (2 තිමෝති 3:16) ඒ කියන්නේ සියලු බලැති දෙවියන් ඔහුගේ සිතුවිලි සහ අදහස් බයිබලය ලියපු අයට දැනුම් දීලා තියෙනවා කියන එකයි.

බයිබලය ගැන තොරතුරු බිඳක්!

  • පොතක කොටස්.

    66

    බයිබලේ තියෙන පොත් සහ ලිපි ගණන.

  • ඉහළින් ආලෝකයක් එද්දී ලියමින් ඉන්න අතක්.

    40

    බයිබලය ලියන්න දෙවියන් පාවිච්චි කරපු මිනිසුන් ගණන.

  • වැලි ඔරලෝසුවක්.

    ක්‍රි.පූ. 1513

    බයිබලය ලියන්න පටන්ගත්ත අවුරුද්ද.

  • විවිධ භාෂාවල අකුරු.

    3,000+

    බයිබලය සම්පූර්ණයෙන්ම හරි කොටස් වශයෙන් හරි ලබාගන්න පුළුවන් භාෂා ගණන.

දෙවියන්ගෙන් ඉගෙනගන්න කියලා ඔහු ඔයාට ආරාධනා කරනවා

“මා යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය. අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද වන්නේය.”—යෙසායා 48:17, 18.

ඒ වචන දෙවියන්ට ඇහුම්කන් දෙන්න කියලා ඔහු ඔයාට කරන ආරාධනයක් වගේ. දෙවියන්ට ඕනෙ ඔයා හැමදාටම සතුටින් ජීවත් වෙනවා දකින්න. ඒකට ඔයාට උදව් කරන්න ඔහු ආසාවෙන් ඉන්නවා.

දෙවියන්ගෙන් ඉගෙනගන්න ඔයාටත් පුළුවන්

“සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කළ යුතුයි.”—මාක් 13:10.

අපි බලපු විදිහට යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා අපි මුහුණ දෙන හැම දුකක්ම නැති කරලා මේ පොළොව ලස්සන පාරාදීසයක් කරනවා කියලා. ඒ වගේම මරණය නිසා වෙන් වුණ අපේ ආදරණීය අයට ආයෙත් ජීවිතය දෙනවා කියලත් ඔහු පොරොන්දු වෙලා තියෙනවා. ඒ දේවල් “ශුභාරංචියට” ඇතුළත්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලේ තියෙන ඒ ශුභාරංචිය ලෝකේ පුරාම ඉන්න අයට දැනුම් දෙනවා.

මගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා

“මං පොඩි කාලේ ඉඳන්ම කල්පනා කළා මේ හැම දේම හදපු සැබෑ දෙවියන් කවුද කියලා. එක එක අගම්වල, ජාතිවල ඉන්න අය එක එක දෙවිවරුන්ව නිර්මාතෘ විදිහට සලකනවා. ඒත් එහෙම වෙන්න බෑනේ. බයිබලේ ගැන ඉගෙනගද්දී මගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා. රෝම 3:29 කියන්නේ සැබෑ දෙවියන් ‘වෙනත් ජාතීන්වලට අයිති අයගෙත් දෙවි’ කියලා. ඔහුගේ නම යෙහෝවා. ඔහු කැමතියි අපි ඔහුගේ යාළුවෝ වෙනවාට.”—රාකේෂ්.

රාකේෂ්.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න