ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g21 අංක 2 13-15 පි.
  • තාක්ෂණය ඔයාගේ හිතන විදිහට කොහොම බලපායිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තාක්ෂණය ඔයාගේ හිතන විදිහට කොහොම බලපායිද?
  • 2021 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දැනගන්න ඕන දේ
  • කරන්න පුළුවන් දේ
  • එකම වෙලාවේ වැඩ දෙක තුනක් කරන එක හොඳ දෙයක්ද?
    යොවුන් සිතේ ගැටලු
  • තාක්ෂණයට වහල් වෙන්න එපා
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • හුදකලාව සිටීමේ වටිනාකම
    1998 පිබිදෙව්!
  • එය සැලකිලිමත්කමින් හා නැණවත්ව භාවිත කරන්න
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2021 පිබිදෙව්!
g21 අංක 2 13-15 පි.
කෙනෙක් කෑමක් උයන ගමන් ඒක හදන විදිහ ගැන තියෙන වීඩියෝ එකක් බලනවා.

තාක්ෂණය කොහොම බලපායිද? හිතන විදිහට

අද කොයි වෙලේ බැලුවත් මිනිස්සු මොනවා හරි දෙයක් ගැන ඉගෙනගන්නවා. ඒ ඉස්කෝලේ වැඩකට, රස්සාවේ වැඩකට නැත්නම් වෙන මොකක් හරි වැඩකට වෙන්න පුළුවන්. තාක්ෂණය නිසා වෙන කවදාටත් වඩා තොරතුරු හොයාගන්න එක හරිම ලේසියි. ගෙදරින් එළියට යන්නේවත් නැතුව කොටින්ම කිව්වොත් පුටුවෙන් නැඟිටින්නේවත් නැතුව ඒ දේ කරන්න පුළුවන් වෙලා තියෙනවා.

හැබැයි ඕනෑවට වඩා ගැජට් පාවිච්චි කරන සමහර අයට . . .

  • කියවද්දී අවධානය දෙන්න බැරි වෙනවා.

  • තනියම ඉන්න වෙලාවට ලොකු හිස්කමක් දැනෙනවා.

  • එක වැඩකට හොඳින් අවධානය දෙන්න බැරි වෙනවා.

දැනගන්න ඕන දේ

ගැහැනු ළමයෙක් එකපාර වැඩ ගොඩක් කරනවා. එයා පාඩම් කරන ගමන් ෆෝන් එකෙන් මෙසේජ් එකක් යවනවා.ඒ වගේම යාළුවෙක් එක්ක වීඩියෝ කෝල් එකකින් කතා කරනවා.

දෙයක් කියවද්දී

ෆෝන් එකෙන්, ටැබ් එකෙන් කියවන සමහර අයට දෙයක් ඉවසීමෙන් කියවන්න අමාරුයි. එයාලා පුරුදු වෙලා තියෙන්නේ උඩින් පල්ලෙන් බලලා එයාලට ඕන තොරතුරු විතරක් හොයාගන්න.

ඔයාට මොකක් හරි ප්‍රශ්නෙකට ඉක්මනින්ම උත්තරේ හොයාගන්න ඕනෙ නම් උඩින් පල්ලෙන් කියෙව්වාට කමක් නැහැ. හැබැයි මොකක් හරි විෂයක් ගැන ගැඹුරින් හොයද්දී නම් ඒ ක්‍රමය හරියන්නේ නැහැ.

මේ ගැන හිතන්න: ඔයාට දිග ඡේදයක්, ලිපියක් එක දිගට කියවගෙන යන්න පුළුවන්ද? හොඳට අවධානය දීලා ඉවසීමෙන් දෙයක් කියවන එකෙන් ඔයාගේ ඉගෙනීමේ හැකියාව දියුණු වෙන්නේ කොහොමද?—හිතෝපදේශ 18:15.

අවධානය දෙද්දී

සමහර අය හිතනවා තාක්ෂණය නිසා එයාලට එකපාර වැඩ දෙක තුනක් කරන්න පුළුවන් කියලා. උදාහරණෙකට සමහර අය පාඩම් කරන ගමන් යාළුවොත් එක්ක මෙසේජ් කරනවා. හැබැයි කෙනෙක් එකපාර කරන වැඩ දෙක තුනම හොඳ අවධානයක් දීලා කරන්න ඕනෙ ඒවා නම් ඒ එකක්වත් හරියට කරගන්න එයාට බැරි වෙනවා.

එක දේකට අවධානය දීලා වැඩ කරන එක ලේසි නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම කරන එකෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. අවුරුදු 14ක් වයස ග්‍රේස් මෙහෙම කියනවා. “එකපාර වැඩ දෙක තුනක් කරනවාට වඩා එක දේකට අවධානය දෙන එක සාර්ථකයි කියලා මං අද්දැකීමෙන්ම දන්නවා. එතකොට මගේ අතින් වෙන වැරදිත් අඩුයි මට දැනෙන පීඩනයත් අඩුයි.”

මේ ගැන හිතන්න: එකපාර වැඩ දෙක තුනක් කරද්දී දේවල් තේරුම්ගන්න, මතක තියාගන්න අමාරුයි කියලා ඔයාට දැනිලා තියෙනවාද?—හිතෝපදේශ 17:24.

තනියම ඉද්දී

සමහර අයට කවුරුත් නැති තැනක ෆෝන් එකක්, ටැබ් එකක් නැතුව ඉන්නකොට ලොකු පාළුවක්, හිස්කමක් දැනෙනවා. “ටැබ් එක හරි ටීවී එක හරි ෆෝන් එක හරි නැතුව මට විනාඩි 15ක්වත් එක තැනක ඉඳගෙන ඉන්න බෑ” කියලා ඔලීවියා කියනවා.

අපිට දෙයක් ගැන ඉගෙනගන්න ඕනෙ නම් ඒ ඉගෙනගන්න දේ ගැන තනියම ඉන්න වෙලාවට හොඳට හිතන එක හරිම වැදගත්. ඒක යෞවනයන්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත් අදාළයි.

මේ ගැන හිතන්න: ඔයා තනියම ඉන්න වෙලාවට දේවල් ගැන හොඳට හිතලා බලන්න ඒ කාලේ පාවිච්චි කරනවාද?—1 තිමෝති 4:15.

කරන්න පුළුවන් දේ

ඔයා තාක්ෂණය පාවිච්චි කරන විදිහ ගැන හිතලා බලන්න

ඔයාගේ සිතීමේ හැකියාව තව දියුණු කරගන්න තාක්ෂණය උදව් වෙන්නේ කොහොමද? අවධානය දෙන්න, ඉගෙනගන්න ඔයාට තියෙන හැකියාව තාක්ෂණය නිසා දුර්වල වෙන්නේ කොහොමද?

බයිබල් ප්‍රතිපත්තිය: “ප්‍රඥාවද ඔබේ සිතීමේ හැකියාවද රැකගන්න.”—හිතෝපදේශ 3:21.

ඔයාගෙන්ම මෙහෙම අහලා බලන්න

  • ටැබ් එකේ, ෆෝන් එකේ ටිකක් දිග ඡේදයක් කියවද්දී එක දිගට අවධානය දෙන්න මට අමාරුද? මගේ අවධානය කැඩෙන්නේ මොන වගේ දේවල් නිසාද?

  • මට බාධා වෙන දේවල් අඩු කරගන්න හරි අයින් කරන්න හරි පුළුවන් කොහොමද?

යෝජනාවක්: මුලින්ම පොඩි ඡේද කියවන්න පටන්ගන්න. ටිකෙන් ටික ඔයා කියවන ප්‍රමාණය වැඩි කරන්න. හිතින් කියවන්නේ නැතුව ඔයාටත් ඇහෙන විදිහට කියවන්න. හදිස්සි වෙන්නේ නැතුව හෙමීට කියවන්න.

  • කියවපු දේවල් ගැන හොඳට හිතන්න කාලය හොයාගන්න පුළුවන් කොහොමද?

යෝජනාවක්: ඔයා පාඩම් කරන්න වෙන් කරලා තියෙන වෙලාවේ අන්තිම විනාඩි 10දී ඉගෙනගත්ත දේවල් ආපහු මතක් කරගන්න.

  • මං වැඩ දෙක තුනක් එකපාර කරන්න හදන්නේ මොන වගේ වෙලාවලදීද?

  • සම්පූර්ණ අවධානය දීලා වැඩක් කරන්න නම් මං කරගන්න ඕනෙ මොන වගේ වෙනස්කම්ද?

යෝජනාවක්: ඔයා පාඩම් කරද්දී ඔයාගේ අවධානය කැඩෙන දේවල් අයින් කරන්න.

බයිබල් ප්‍රතිපත්තිය: “ප්‍රඥාව ලබාගෙන තේරුම්ගැනීමේ හැකියාවද දියුණු කරගන්න.”—හිතෝපදේශ 4:5.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න