ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g24 අංක 1 4-6 පි.
  • අනිත් අයට පෙන්නන ගෞරවයට වෙච්ච දෙයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනිත් අයට පෙන්නන ගෞරවයට වෙච්ච දෙයක්!
  • 2024 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අනිත් අයට ගෞරව කරන එක එච්චරම වැදගත්ද?
  • ඔයාට කරන්න පුළුවන් දේ
  • ගෞරවයට දිරි දෙන සෙනඟක්!
  • අනිත් අයට ගෞරව කරන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ගෞරවයට වෙච්ච දෙයක්!
    2024 පිබිදෙව්!
  • විවිධත්වයට ගරු කරන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • අධිකාරියක් තියෙන අයට ගරු කරන්න ඕනෙ ඇයි?
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
තව තොරතුරු
2024 පිබිදෙව්!
g24 අංක 1 4-6 පි.
සමාව ඉල්ලද්දිත් වේටර් කෙනෙක්ට පහත් විදිහට බණින පුද්ගලයෙක්. ළඟ ඉන්න අයත් අපහසුතාවයට පත් වෙලා.

අනිත් අයට පෙන්නන ගෞරවයට වෙච්ච දෙයක්!

අනිත් අයට ගෞරව කරන එක එච්චරම වැදගත්ද?

ගෞරවය පෙන්නනවා නම් ප්‍රශ්න පොරොවෙන් කපන්න වෙන තැනට යන්නේ නැහැ.

  • බයිබලයේ මෙහෙම කියනවා. “කාරුණික උත්තරයකින් කේන්තිය නිවිලා යයි. ඒත් සැරපරුෂ වචනයකින් කේන්තිය ඇවිස්සෙයි.” (හිතෝපදේශ 15:1) ගරුසරුවක් නැතුව කතා කරන එක, වැඩ කරන එක හරියට ගින්නට පිදුරු දානවා වගේ. ඒකෙන් වෙන්නේ ප්‍රශ්න දුර දිග යන එක විතරයි.

  • යේසුස් මෙහෙම කිව්වා. “කෙනෙක්ගේ කටින් පිට වෙන්නේ එයාගේ හිතේ පිරිලා තියෙන දේවල්.” (මතෙව් 12:34) ඇත්තටම කෙනෙක් අගෞරවනීය විදිහට කතා කරද්දී එයාගේ හිතේ තත්වය ඒකෙන් එළියට එනවා. තමන්ට වඩා වෙනස් පසුබිම්වල, ජාතිවල අය ගැන එයාට හැඟෙන දැනෙන විදිහ පැහැදිලි වෙනවා.

    රටවල් 28ක ඉන්න 32,000කට වැඩිදෙනෙක් සහභාගි කරගෙන ගෞරවයට හිමි වෙලා තියෙන තැන ගැන සමීක්ෂණයක් කළා. සියයට 65ක්ම කිව්වේ මිනිස් ඉතිහාසයේ වෙන කිසිම දවසක නොවූ විදිහට ගෞරවය පෙන්නන එක අද පහත්ම අඩියට වැටිලා කියලයි.

ඔයාට කරන්න පුළුවන් දේ

ඉස්කෝලේදී, වැඩපොළේදී හම්බ වෙන හැමෝටම එක වගේ ගෞරවය පෙන්නන්න. වෙනස් අදහස් තියෙන අයට වුණත් ගරු කරන්න. අනිත් අය එක්ක එකඟ වෙන්න පුළුවන් දේවල් අඳුරගන්න. ඒක ඔයාට උදව් වෙයි එයාලා දිහා වපර ඇහෙන් බලන්නේ නැතුව ගෞරවය පෙන්නන්න.

“අනිත් අයව විනිශ්චය කරන එක නවත්තන්න. එතකොට ඔයාවත් විනිශ්චය කරන්නේ නැහැ.”—මතෙව් 7:1.

අනිත් අය ඔයාට සලකනවාට කැමති කොහොමද? ඒ විදිහටම එයාලටත් සලකන්න. ඔයා ආදරෙන්, ගෞරවෙන් අනිත් අයට සැලකුවොත් එයාලත් ඔයාට ඒ හැන්දෙන්ම බෙදයි.

“අනිත් අය ඔයා වෙනුවෙන් යම් දෙයක් කරනවාට ඔයා කැමති නම් ඔයාත් ඒ දේම ඒ අය වෙනුවෙන් කරන්න.”—ලූක් 6:31.

සමාව දෙන්න ඉක්මන් වෙන්න. කෙනෙක් දෙයක් කිව්වේ එහෙම නැත්නම් කළේ වැරදි අදහසින් කියලා සැක කරන්න ඉක්මන් වෙන්න එපා. ඒ වගේ වෙලාවට සැකයේ වාසිය එයාට දෙන්න.

“වටහාගැනීමේ ශක්තිය තියෙන කෙනා ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ. වරද අමතක කරලා දාන එක එයාට තියෙන ලස්සන ගුණාංගයක්.”—හිතෝපදේශ 19:11.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමක්. එක එක වයස්වල, පසුබිම්වල, ජාතීන්වල අයව සහෝදරයන් ආදරෙන් පිළිගන්නවා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමක්. එක එක වයස්වල, පසුබිම්වල, ජාතීන්වල අයව සහෝදරයන් ආදරෙන් පිළිගන්නවා.

ගෞරවයට දිරි දෙන සෙනඟක්!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැමෝටම ගෞරවය පෙන්නන්න මුල් පියවර ගන්නවා.

අපි අය කිරීමක් නැතුව බයිබලය ගැන කියලා දෙනවා. ඒත් අපි කාටවත් අපි විශ්වාස කරන දේවල් පිළිගන්න කියලා බල කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි බයිබලය ගැන කියලා දෙද්දී ‘කාරුණිකව සහ ගෞරවනීය’ විදහටයි ඒක කරන්නේ.—1 පේතෘස් 3:15; 2 තිමෝති 2:24.

අපි හැමෝටම එක වගේ සලකනවා. හැම තරාතිරමකම අයව අපි අපේ රැස්වීම්වලට පිළිගන්නවා. වෙනස්කම් බාධාවක් කරගන්නේ නැතුව “හැම පසුබිමකටම අයිති මිනිස්සුන්ට ගෞරව කරන්න” අපි උත්සාහ කරනවා.—1 පේතෘස් 2:17.

අපි බලධාරීන්ට ගරු කරනවා. (රෝම 13:1) අපි නීතිගරුක, බදු ගෙවන එක පැහැරහරින්නේ නැති සෙනඟක්. අපි දේශපාලන කාරණාවලට සම්බන්ධ වෙන්නෙත් නැහැ. ඒත් අනිත් අයට ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න තියෙන අයිතියට අපි ගරු කරනවා.

පින්තූරවල අදහස: “වෛරය පරදා ප්‍රේමය ජය ගන්නේ කවදාද?” කියන වීඩියෝ එකේ දර්ශනයක්. 1. අරාබි ජාතිකයෙක්. 2. යුදෙව් ජාතිකයෙක්.

තවත් දැනගන්න

වෛර කරන්න උසිගන්වන සමාජයක හැදුණ කෙනෙක්ට ගෞරවය පෙන්නන එක ලේසි නැහැ. එකිනෙකාට වෛර කරපු ජාතීන් දෙකක හිටපු දෙන්නෙක් ආදරය, ගෞරවය පෙන්නන්න ඉගෙනගත්තා. ඒ ගැන දැනගන්න jw.org එකට ගිහින් ‘වෛරය පරදා ප්‍රේමය ජය ගන්නේ කවදාද?’ කියන වීඩියෝ එක බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න