ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g25 අංක 1 10-11 පි.
  • තියෙන දෙයින් සතුටු වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තියෙන දෙයින් සතුටු වෙන්න
  • 2025 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒක වැදගත් ඇයි?
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • සතුටින් ඉන්න රහස ඔයා දන්නවාද?
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සෑහීමට පත් විය හැකිද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සෑහීමට පත් වෙන්න උදව් වෙන මඟ පෙන්වීම්
    2021 පිබිදෙව්!
  • ඉවතලෑමට නැඹුරු වූ සමාජයකින් ගොඩ ආ හැකි අයුරු
    2002 පිබිදෙව්!
තව තොරතුරු
2025 පිබිදෙව්!
g25 අංක 1 10-11 පි.
පින්තූරවල අදහස: 1. ඉදි කිරීම් කරන තැනක වැඩ කරන තාත්තා කෙනෙක් වැඩ ඉවර වෙලා ගෙදර යද්දී එයාගේ මූණේ හිනාවක් තියෙනවා. 2. පස්සේ, එයා එයාගේ පුංචි ගේ ඉස්සරහා එයාගේ ළමයි දෙන්නායි, බල්ලායි එක්ක සෙල්ලම් කරනවා. එයාගේ නෝනා ඒ දිහා සතුටින් බලාගෙන ඉන්නවා.

බඩු මිල දරාගන්න බැරිද?

තියෙන දෙයින් සතුටු වෙන්න

තියෙන දෙයින් සෑහීමට පත් වෙන අය ඉන්නේ සතුටින්. තත්වයන් වෙනස් වෙද්දී අතේ මිටේ තියෙන ගාණට හරියන්න එයාලා ජීවත් වෙන විදිහත් වෙනස් කරගන්නවා.

ඒක වැදගත් ඇයි?

මනෝ වෛද්‍ය ජෙසිකා කෝල කියනවා තමන්ට තියෙන දෙයින් සෑහීමට පත් වෙන අය දේවල්වල හොඳ පැත්ත දකිනවා කියලා. එයාලා අනිත් අයට ඊර්ෂ්‍යා කරනවාත් අඩුයි. එහෙම බලද්දී සෑහීමට පත් වෙන අය අනිත් අයට වඩා සැහැල්ලුවෙන්, සතුටින් ඉන්න එක පුදුමයක් නෙමෙයි. ඇත්තටම වැඩියෙන්ම සතුටින් ඉන්නේ දේවල් අඩුවෙන් තියෙන අය. එයාලට වැඩියෙන්ම වටින්නේ පවුලේ අය, යාළුවෝ එක්ක තියෙන බැඳීම. ඒවා සල්ලි දීලා ගන්න බැහැ.

“අපිට කෑම බීම, ඇඳුම් පැලඳුම් තියෙනවා නම් අපි ඒ දේවල්වලින් සෑහීමට පත් වෙමු.”—1 තිමෝති 6:8.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

සසඳන්න එපා. ඔයා සරල ජීවිතයක් ගත කරන කෙනෙක් නම් සුපිරි ජීවිත ගත කරන අය එක්ක ඔයාව සසඳන්න එපා. එහෙම කළොත් ඔයා ඔයාගේ ජීවිතේ ගැන කලකිරෙයි. අනිත් අයට තියෙන දේවල් ගැන ඊර්ෂ්‍යාවකුත් ඇති වෙයි. අනික සමහරුන්ට දේවල් තියෙනවා වගේ පෙනුණාට ඒ ජීවිත පේන තරම් සුන්දර නැහැ. මොකද එයාලා එහෙම ඉන්නේ රට වටේටම ණය වෙලාද කියලා කවුද දන්නේ! සෙනගාලයේ ඉන්න නිකෝල් මෙහෙම කියනවා. “මට සතුටින් ඉන්න මහ ගොඩක් දේවල් ඕනෙ නැහැ. තියෙන ටික හොඳටම ඇති කියලා හිතද්දී අනිත් අයට මට වඩා දේවල් තිබුණත් මට සතුටින් ඉන්න පුළුවන්.”

මෙහෙම කරලා බලන්න. සෝෂල් මීඩියාවල, ඇඩ්වල නිතරම වගේ අනිත් අය ගත කරන සැපපහසු ජීවිත, එයාලා අලුතින් ගන්න දේවල් පෙන්නනවා. ඒවා බලන්න එපා.

“කෙනෙක්ට කොච්චර දේවල් තිබුණත් එයා ජීවත් වෙන්නේ ඒ දේවල් නිසා නෙමෙයි.”—ලූක් 12:15.


අගයක් ඇති කරගන්න. තියෙන දේ අගය කරන අය එයාලට නැති දේවල් ගැන දුක් වෙන්නේ නැහැ. ඒ වගේම ‘මේ මදි, හරි නම් මට තව ලැබෙන්න ඕනෙ’ කියලා හිතන්නෙත් නැහැ. හයිටිවල ඉන්න රොබර්ටන් මෙහෙම කියනවා. “හුඟක් අය අපේ පවුලට ගොඩක් උදව් කරලා තියෙනවා. මං ඒ උදව් මතක තියාගෙන නිතරම එයාලට ස්තුති කරනවා. මගේ පුතාට වයස අටයි. මං එයාටත් කියන්නේ කවුරු හරි දෙයක් දුන්නොත් තැන්ක් යූ කියන්න කියලා.”

මෙහෙම කරලා බලන්න. හැම දවසකම ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඒවා පොතක ලියන්න. උදාහරණයකට නිරෝගීකම, පවුල් ජීවිතය, හොඳ යාළුවෝ ගැන වගේම ඉර බැහැගෙන යන හැන්දෑවක සුන්දරත්වය ගැන වුණත් ඔයාට ලියන්න පුළුවන්.

“සතුටු සිතින් ඉන්න කෙනාට හැම දවසක්ම උත්සව දවසක්.”—හිතෝපදේශ 15:15.

තව දේවල් තිබ්බා නම් හොඳයි කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒත් තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න උත්සාහ කරන එක වටිනවා. මොකද ඒකෙන් ලැබෙන සතුට කවදාවත් සල්ලිවලට ගන්න බැහැ.

Erik.

“අපි හැම තිස්සේම හිතන්නේ අපිට මේ තියෙන දේවල් හොඳටම ඇති කියලයි. ඒ නිසා දැන් අපි ඉස්සර තරම් වැඩ මත්තෙම නැහෙන්නේ නැහැ. පවුලේ අය වෙනුවෙන් දෙන්න දැන් ඕන තරම් කාලෙත් තියෙනවා. අපිට නැති දේවල් ගැන හිතහිත ඉන්නේ නැතුව තියෙන දේවල්වලින් අපි සතුටු වෙනවා.”—එරික්, එක්සත් ජනපදය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න