ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 2
  • ලස්සන උයනක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලස්සන උයනක්
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • දෙවියන් අහසත් පොළොවත් හැදුවා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • හැම දෙයක්ම හදපු කෙනා
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • ඒගොල්ලන්ට ඉන්න තැන නැති වුණේ ඇයි?
    මගේ බයිබල් කතන්දර පොත
  • උද්‍යානයට අපේ ඇල්ම
    1997 පිබිදෙව්!
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 2
සත්තු, ගස්වැල්, මල් වගේම දිය ඇල්ලක් තියෙන ලස්සන ඒදන් උයන

කතන්දර 2

ලස්සන උයනක්

මේ පොළොව දිහා බලන්න! හැම දෙයක්ම කොච්චර ලස්සනද! තණකොළ, ගස්වැල්, මල් වගේම සත්තු දිහාත් බලන්න. එතන ඉන්න අලියාවයි සිංහයන්වයි ඔයාට අඳුරගන්න පුළුවන්ද?

මේ ලස්සන උයන ඇති වුණේ කොහොමද? හොඳයි, දෙවි අපිට පොළොව සූදානම් කළේ කොහොමද කියලා අපි බලමු.

දෙවි මුලින්ම ගොඩබිම වැහිලා යන්න තණකොළ මැව්වා. ඊට පස්සේ ඔහු හැම ජාතියකම පැළ, පඳුරු, ඒ වගේම ගසුත් මැව්වා. මේ හැම දෙයකින්ම පොළොව ලස්සන වෙනවා. නමුත් ඒවායින් ඊට වැඩිය දෙයකුත් වෙනවා. හුඟක් ඒවායින් රසම රස කෑමත් ලැබෙනවා.

ඊට පස්සේ, දෙවි වතුරේ පීනන මාළුයි අහසේ පියාඹන කුරුල්ලොයි මැව්වා. බල්ලෝ, පූසෝ, අශ්වයෝ, ලොකු සත්තු පොඩි සත්තු; මේ ඔක්කොම ඔහු මැව්වා. මොන සත්තුද ඔයාගේ ගෙවල් පැත්තේ ජීවත් වෙන්නේ? දෙවි මේ හැම දෙයක්ම මැව්ව එක ගැන අපි සන්තෝෂ වෙන්න ඕනේ නේද?

අන්තිමට දෙවි පොළොවේ එක තැනක් විශේෂ විදිහට හැදුවා. ඔහු මේ තැනට ඒදන් උයන කියලයි නම් කළේ. ඒක හැම දෙයක්ම තියෙන උයනක්. හැම අතින්ම ලස්සනයි. දෙවිට ඕන වුණේ මුළු පොළොවම මේ ලස්සන උයන වගේ වෙනවා දකින්නයි.

නමුත් මේ පින්තූරය දිහා ආයෙත් බලන්න. මේ උයනෙ තියෙන එක අඩුවක් දෙවිට පෙනුණා. ඒ මොකක්ද කියල ඔයා දන්නවද? අපි බලමු.

උත්පත්ති 1:11-25; 2:8, 9.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න