ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 15
  • ලොත්ගේ භාර්යාව හැරිලා බලයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලොත්ගේ භාර්යාව හැරිලා බලයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • ලොත්ගේ බිරිඳගෙන් පාඩමක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • දෙවි ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇති කරගනියි
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • ප්‍රශ්න දරාගන්න අනිත් අයට උදව් කරන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අනතුරකින් තර්ජනයක් එල්ල වන විට දුරින් සිටින්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 15
ලොත්ගේ භාර්යාව සොදොම් නුවර දිහා හැරිලා බලපු නිසා ලුණු කණුවක් වුණා

කතන්දර 15

ලොත්ගේ භාර්යාව හැරිලා බලයි

ලොත් හා එයාගේ පවුල ආබ්‍රහම් එක්ක කානාන් දේශයෙයි ජීවත් වුණේ. දවසක් ආබ්‍රහම් ලොත්ට කිව්වා ‘අපේ සතුන් ඔක්කෝටම මෙහේ ඉඩ මදි. ඉතින් අපි වෙන් වෙමු. ඔයා එක දිහාවකට යනවා නම්, මම තවත් දිහාවකට යන්නං’ කියලා.

ලොත් ඒ මුළු දේශයම දිහා හොඳින් බැලුවා. එයාගේ සත්තුන්ට වතුරත් හොඳ තණකොළත් තිබුණ හරිම ලස්සන ප්‍රදේශයක් එයා දැක්කා. එතැනට කිව්වේ යොර්දාන් ප්‍රදේශය කියලයි. ඉතින් ලොත් එයාගේ පවුලයි සතුනුයි එහාට අරන් ගියා. අන්තිමේදී ඒගොල්ලන් සොදොම් නගරයේ පදිංචි වුණා.

සොදොම්වල හිටපු මිනිස්සු හරිම නරකයි. ලොත් හොඳ මිනිසෙක් නිසා, එයා මේ ගැන දුක් වුණා. දෙවිත් මේ ගැන දුක් වුණා. අන්තිමේදී මේ නරක දේවල් නිසා දෙවි සොදොමත් ඒ ළඟම තිබුණ ගොමොරාවත් විනාශ කරන්න හිතුවා. මේ ගැන ලොත්ට දැනුම් දෙන්න, දෙවි දේවදූතයන් දෙන්නෙක්ව යැව්වා.

දේවදූතයන් ලොත්ට මෙහෙම කිව්වා: ‘ඉක්මන් කරන්න! ඔයාගේ භාර්යාවවයි ඔයාගේ දුවල දෙන්නවයි අරං මෙහෙන් පිට වෙන්න!’ හැබැයි ලොත්වත් එයාගේ පවුලවත් ඉක්මන් කළේ නැහැ. ඉතින් දේවදූතයන් ඒගොල්ලන්ව අතින් අල්ලාගෙන නගරයෙන් එළියට ගෙනිච්චා. ඊට පස්සේ එක දේවදූතයෙක් ඒගොල්ලන්ට මෙහෙම කිව්වා: ‘ඕගොල්ලන්ගේ පණ බේරගන්න! හැරිලා බලන්න එපා. විනාශ වෙන්නේ නැති වෙන්න, කඳුකරයට දුවන්න.’

ලොත් සහ දුවලා දෙන්නා ඉස්සරහා බලාගෙනම සොදොම් නුවරින් පිට වුණා

ලොත් එයාගේ දුවල දෙන්නා එක්ක, ඒකට කීකරු වෙලා සොදොම් නුවරින් පැනගත්තා. ඒගොල්ලන් මොහොතකටවත් නැවතුණේ නැහැ, හැරිලා බැලුවෙත් නැහැ. ඒ වුණාට ලොත්ගේ භාර්යාව අකීකරු වුණා. ඒගොල්ලන් සොදොම්වලින් ටික දුරක් ගියාට පස්සේ, ඈ නැවතිලා, හැරිලා බැලුවා. එතකොටම ලොත්ගේ භාර්යාව ලුණු කණුවක් වුණා. ඔයාට, එයාව මේ පින්තූරයේ පේනවාද?

මේකෙන් අපිට හොඳ පාඩමක් ඉගෙනගන්න පුළුවන්. දෙවිට කීකරු වන අයව ඔහු ආරක්ෂා කරනවා කියලාත් ඔහුට අකීකරු වෙන අයගේ ජීවිත නැති වෙනවා කියලාත් මේ සිද්ධිය අපිට පෙන්නනවා.

උත්පත්ති 13:5-13; 18:20-33; 19:1-29; ලූක් 17:28-32; 2 පේතෘස් 2:6-8.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න