ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 19
  • යාකොබ්ගේ ලොකු පවුල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යාකොබ්ගේ ලොකු පවුල
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • සිත් තැවුලෙන් පසු වූ සොහොයුරියන් ‘ඊශ්‍රායෙල් වංශය ගොඩනඟයි’
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යාකොබ් හාරානයට යයි
    මගේ බයිබල් කතන්දර පොත
  • යාකොබ් ආත්මික සාරධර්ම අගය කළා
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යාකොබ් සහ ඒසව් සමාදාන වෙලා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 19
යාකොබ් සහ එයාගේ පුතාලා

කතන්දර 19

යාකොබ්ගේ ලොකු පවුල

කොයිතරම් ලොකු පවුලක්ද! මේ තමයි යාකොබ්ගේ පුත්තු 12දෙනා. එයාට දුවලත් හිටියා. මේ ළමයින්ගේ නම් ඔයා දන්නවාද? නම් ටිකක් අපි ඉගෙනගමුද?

ලෙයාගෙන් රූබෙන්, සිමියොන්, ලෙවී හා යූදා ඉපදුණා. රාඛෙල්ට ළමයි ලැබෙන්නේ නැහැයි කියලා දැනගත්තාම, ඇය ගොඩක් දුක් වුණා. ඉතින්, මොනවාද ඈ කළේ? ඇය බිල්හා කියලා හිටපු ඇගේ සේවිකාව යාකොබ්ට දුන්නා. බිල්හාට පුත්තු දෙන්නෙක් ඉපදුණා. ඒ දාන් හා නප්තලී. ඊට පස්සේ, ලෙයා ඇගේ සේවිකාව ශිල්පාවත් යාකොබ්ට දුන්නා. ඇයට ලැබුණා ගාද් හා ආෂෙර් කියලා පුත්තු දෙන්නෙක්. ලෙයාගේ අන්තිම පුත්තු දෙන්නා ඉස්සාඛර් හා සාබුලොන්.

අන්තිමේදී, රාඛෙල්ට ළමයෙක් ඉපදුණා. එයාට නම තිබ්බේ යෝසෙප් කියලයි. යෝසෙප් ලොකු වුණාම හරිම වැදගත් කෙනෙක් බවට පත් වුණා. පස්සේ, අපිට එයා ගැන හුඟක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. රාඛෙල්ගේ තාත්තා එක්ක යාකොබ් ඉන්න කාලේ එයාට ලැබුණු පුත්තු 11දෙනා තමයි මේ.

යාකොබ්ට දුවලා කීපදෙනෙකුත් හිටියා. ඒ වුණාට, බයිබලයේ සඳහන් වෙලා තියෙන්නේ එක්කෙනෙකුගේ නම විතරයි. ඒ දීනා.

කාලයක් ගියාට පස්සේ, යාකොබ් ලාබන්ගෙන් ඈත් වෙලා, ආයෙත් කානාන් දේශයට යන්න තීරණය කරනවා. ඉතින්, එයාගේ ලොකු පවුලයි, එයාගේ විශාල බැටළු රැළවලුයි, ගව රංචුයි එක්ක එයා මේ දුර ගමන යන්න පටන්ගත්තා.

යාකොබ් හා එයාගේ පවුල කානාන් දේශයට ඇවිත් කාලයක් ගත වුණාට පස්සේ, රාඛෙල්ට තවත් පුතෙක් ලැබුණා. මේක වුණේ ඒගොල්ලන් ගමනක් යනකොටයි. එතනදී රාඛෙල්ට අමාරු වුණ නිසා, ළමයාව ලැබෙද්දී රාඛෙල් මැරුණා. ඒ වුණාට, පිරිමි දරුවා නිරෝගීව හිටියා. එයාට යාකොබ් දුන්නේ බෙන්යමින් කියන නමයි.

යාකොබ්ගේ පුත්තු 12දෙනාගේ නම් අපි මතක තියාගන්න එක හොඳයි. මොකද, මුළු ඉශ්‍රායෙල් ජාතියම ඇති වුණේ මේගොල්ලන්ගෙන්. ඇත්තෙන්ම, ඉශ්‍රායෙලයේ ගෝත්‍ර 12ම නම් කළේ, යාකොබ්ගේ පුතුන් 10දෙනෙකුගේ හා යෝසෙප්ගේ පුතුන් දෙන්නාගේ නම්වලින්. මේ පිරිමි ළමයින් හැමෝම ඉපදිලා, අවුරුදු ගණනාවක් යන තුරු ඊසාක් ජීවත් වුණා. මුනුබුරන් මේ තරම් ඉන්න එක ගැන එයා හුඟාක් සන්තෝෂ වෙන්න ඇති. ඒ වුණාට එයාගේ මිනිබිරී දීනාට වුණ දේ අපි බලමුද?

උත්පත්ති 29:32-35; 30:1-26; 35:16-19; 37:35.

සාකච්ඡා කිරම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න