ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 41
  • පිත්තල සර්පයා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පිත්තල සර්පයා
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • සර්පයන්ට නමස්කාර කිරීම එදා සහ අද
    2010 පිබිදෙව්!
  • සර්පයන් ගැන පොදු මිථ්‍යාවන්
    1998 පිබිදෙව්!
  • සර්පයාගේ හම
    2014 පිබිදෙව්!
  • ගිනි ගනිමින් තිබුණු පඳුරක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 41
ඊශ්‍රායෙල්වරුන්ව සර්පයන් දෂ්ට කළාම මොසෙස් හදපු පිත්තල සර්පයා දිහා බලන්න ඕනේ

කතන්දර 41

පිත්තල සර්පයා

අර පොල්ල වටේ එතිලා ඉන්නේ ඇත්ත සර්පයෙක් වගේ නේද පේන්නේ? හැබැයි ඒ ඇත්ත සර්පයෙක් නම් නෙවෙයි. ඒ සර්පයාව හදලා තියෙන්නේ පිත්තලවලින්. මිනිස්සුන්ට ඒක දිහා බලලා ඒගොල්ලන්ගේ ජීවිතේ බේරගන්න ඒක පොල්ලක ඔතන්න කියලා මෝසෙස්ට කිව්වේ යෙහෝවා. ඒ වුණාට බිම ඉන්න අනික් සර්පයන් ඇත්ත එවුන්. උන් මිනිස්සුන්ට දෂ්ට කළ නිසා ඒගොල්ලන් ලෙඩ වෙනවා. මෙහෙම වෙන්නේ ඇයි කියලා ඔයා දන්නවාද?

ඒ ඉශ්‍රායෙල්වරු දෙවිට හා මෝසෙස්ට විරුද්ධව කතා කෙරුව නිසයි. ‘මේ පාළුකරයේ මැරෙන්න ඔයා අපිව ඊජිප්තුවෙන් පිටතට ගෙනාවේ ඇයි? මෙහෙ කෑමවත් වතුරවත් නැහැ. තවත් නම් මන්නා කන්න අපිට බැහැ’ කියලා ඒගොල්ලන් කෙඳිරිගෑවා.

ඒ වුණාට මන්නා කියන්නේ හොඳ කෑමක්. ඒක යෙහෝවාගේ ප්‍රාතිහාර්යයක්. තවත් ප්‍රාතිහාර්යයක් කරලා ඒගොල්ලන්ට වතුරත් දුන්නා. එහෙම කරලත් දෙවි ඒගොල්ලන්ව බලාගත්තාට ඒගොල්ලන් ස්තූතිවන්ත වෙන්නේ නැහැ. ඉතින් ඉශ්‍රායෙල්වරුන්ට දඬුවම් කරන්න යෙහෝවා මේ විෂ සර්පයන්ව එවනවා. සර්පයන් ඒගොල්ලන්ට දෂ්ට කෙරුවාම හුඟදෙනෙක් මැරෙනවා.

අන්තිමේදී මෝසෙස් ළඟට ඇවිත් මිනිස්සු මෙහෙම කියනවා: ‘අපි යෙහෝවාටත් ඔයාටත් විරුද්ධව කතා කරපු එකෙන් වරදක් කළා. දැන් යෙහෝවාට යාච්ඤා කරලා මේ සර්පයන්ව මෙහෙන් යවන්නකො.’

මෝසෙස් සහ පිත්තල සර්පයා

ඉතින් මෝසෙස් මිනිස්සු වෙනුවෙන් යාච්ඤා කරනවා. එතකොට යෙහෝවා මෝසෙස්ට කියනවා මේ පිත්තල සර්පයාව හදන්න කියලා. ඒක පොල්ලක ඔතන්න ඕනේ කියලත්, සර්පයින් දෂ්ට කෙරුව හැම කෙනෙක්ම ඒක දිහා බලන්න ඕනේ කියලත් ඔහු කියනවා. දෙවි කියන විදියටම මෝසෙස් කරනවා. සර්පයන් දෂ්ට කෙරුව මිනිස්සු ඒ පිත්තල සර්පයා දිහා බලනකොට ඒගොල්ලන් ආයෙත් සනීප වෙනවා.

මේකෙන් අපට පාඩමක් ඉගෙනගන්න පුළුවන්. එක පැත්තකින් බලද්දී, අපි හැමෝමත් අර සර්පයන් දෂ්ට කෙරුව ඉශ්‍රායෙල්වරු වගේ. ඒ කියන්නේ අපි හැමදෙනාම මැරෙන තත්වයකයි ඉන්නේ. ටිකක් වටපිට බැලුවොත් ඔයාට පේන්නේ මිනිස්සු වයසට ගිහින්, ලෙඩ වෙලා, මැරෙන එක නේද? පළමු මිනිසා හා ස්ත්‍රිය, ඒ කියන්නේ ආදම් හා ඒව, යෙහෝවාගෙන් ඈත් වුණ නිසාත් අපි හැමදෙනාම ඒ දෙන්නාගේ දරුවන් නිසාත් තමයි අපිට එහෙම වෙන්නේ. ඒ වුණාට අපිට සදාකාලයටම ජීවත් වෙන්න පුළුවන් මාර්ගයක් යෙහෝවා දුන්නා.

යෙහෝවා ඔහුගේ පුතා වන යේසුස් ක්‍රිස්තුස්ව පොළොවට එව්වා. හුඟදෙනෙක් යේසුස් නරකයි කියලා හිතුව නිසා ඒගොල්ලන් ඔහුව කණුවක එල්ලුවා. ඒ වුණාට යෙහෝවා යේසුස්ව දුන්නේ අපිව බේරාගන්නයි. ඔහු දිහා අපි බැලුවොතින්, ඒ කියන්නේ ඔහු කියන දේවල් අපි කළොතින්, අපිට සදාකාල ජීවනය ලැබෙයි. අපි මේ ගැන තව විස්තර පස්සේ ඉගෙනගන්න යනවා.

ගණන් කථාව 21:4-9; යොහන් 3:14, 15.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න